Saturday, July 16, 2011

හීනෙන් වගේ

හීනෙන් වගේ මතක් වුන කතාවක් දාන්න ආවේ.එක දිගටම පාඩම් කරන්නත් මට කම්මැලිනේ !

හෙට මගේ හොදම යලුවගෙ ආදරේට මාස 3ක් පිරෙනවා.දුකට සැපට ඩැනීලා 2නා වගේ මට ඉන්න උබලා දෙහ්හන්ට ඇස් වහක් කට වහක් නම් වදින්න එපා.මට ඇනිවසරිය වෙනුවෙන් ලැබුනේ නම් අයිස් කිරිම් එකක් විතරයි.එව්වා ඔනේ නැ සහෝදරි.සහොදරයා උ.පෙ. ඉවර කරලා ගාල්ලෙන් කොලබට සේන්දු වුනාම මටත් මොනා හරි ඉල්ල ගන්න බැරියා.ඔයාලා සතුටින් ඉන්නවනම් ඒක තමයි මගෙත් සතුට.

පස්සේ වෙලාවක මම මේ දෙන්නගේ කතාව දාන්නම්කෝ !රස කතා ගොඩක් තියෙනවා මෙයාලා ගැන කියන්න බඩ අල්ලන් හොදට හිනා වෙන්න පුලුවන්.

අද මම ගොඩක් ගරු කරන ගුරුතුමෙක්ගේ 40 වැනි උපන්දිනේ.අද අපි ඒ ගුරුතුමා බලන්නත් ගියා.මගේ ජීවිතේ අම්මා අප්පච්චි වගේම මම ගරු කරන තවත් උතුම් කෙනෙක්.2009 සා.පෙ.ගොඩ දැම්මේ සර් තමයි.අද වයිට් කන්නාඩි ජීව විද්යාව කරන්නෙත් අපේ සෙට් එකට පාසලේ හොදම රිසල්ට්ස් දාන්න පුලුවන් වුනෙත් සර් නිසා තමයි.එ අපි වෙනුවෙන් කරපු හැම දෙයක්ම වෙනුවෙන් අපි සර්ට ණයගැති වෙනවා.අපිට වගේම තවත් නංගිලා මල්ලිලා වෙනුවෙන් තවත් හොදට උගන්වන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනේ ලෙඩක් දුකක් නොහැදි තව චිරාත් කාලයක් සර් අපේ ලෝක වලට එලිය දෙන්න ඔනේ.  (වරුණාව වැඩි ද මන්දා..ඒත් හිතේ තියෙන ඔක්කොම කියන්නත් ඔනේ නේ.අවංක අදහස්)

2009 සා.පෙ.කාලේ කතා ගොඩක් තියෙනවා මේ පන්තියට සම්බන්ධ.වෙලාව තියෙන විදිහට එවත් කියන්නම්කෝ.

Friday, July 15, 2011

කුරුටු ගාන්නේ නැ කිව්වට කුරුටු නොගා බැනේ !

බ්ලොග් කුරුටු ගාන්නේ නැ කිව්වට මොකද මේ පැත්තේ නෑවිත් බැ වගේ. මේ සතියම ස්කුල් එකේ නිවාඩු අක්කලට එක්සැම් නිසා.අද අපේ ක්ලාස් මිස් ගෙදරට කෝල් කරා මිස්ට අපි නැතුව කම්මැලි කියලා ස්කුල් එකේ ඉන්න..කතා කරාම අපේ යලුකමට මුල පිරුනු කතාව මතක් වුනා !!

අපේ මිස් උගන්වන්නේ කෙමිස්ට්‍රි.මිස්ට විශ්‍රාම ගන්න තියෙන්නේ තව අවුරුදු 3යි.හරිම කැපවීමෙන් උගන්වනවා.ප්‍රශ්නේ තියෙන්නේ උගන්වන වැඩි හරියක් අපිට තෙරෙන්නේ නැති එක.
මුල දවස් වල හරිම නපුරුයි.පොඩ්ඩ ඇත්නම් ඇති කෑගහල බනින්න.මිස්ගේ පිරියඩ් එකේ වතුර බොන්න බැ.වැඩ නොකර ඉන්න බෑ.ඔලුව තියාගෙන ඉන්න බැ.පුටුවේ හොදට කොන්ද කෙලින් තියන් ඉන්න ඔනෙ.බැග්ස් වතුර බොතල් ඔක්කොම පුටු උඩ මේස උඩ තියන් ඉන්න බැ.නීති ගොඩයි.එක.කමක් නැතරහ කරගෙනත් බැ කලාස් මිස් නේ කියල අපිත් ගහන ගහන පදෙට නට නට  ඔහේ ඉන්නවා !

ඉතින් දවසක් මිස් අපිට හවස පන්ති දාලා.අනිතිම පිරියඩ් 2 තිබුනෙත් කෙමිස්ට්‍රි මයි.මගෙ පොලිමේ ඉන්න 5 දෙනාගෙන් මන් ඇරුනු කොට අනිත් 4ම නිදි.පන්තිය වටෙ හැරිලා බලද්දි තැන් තැන් වල ඉන්න ඉන්න තැන් වල ළමයි නිදි.මිස් මොනා හරි කියද්දි හ්ම්ම් හ්ම්ම් ගානවා විතරයි.

බෙල් කරලා ස්කුල් ඇරිලා කට්ටිය නිදි මත ඇරලා එලියට පැන්නා මූණ හෝදගෙන එන්න කියලා.පන්තියේ ඉතුරු මායි තව ළමයි 8 ක් 10ක් විතරයි.ඉස්සරහම පොලිමේ මං හිටියේ.(පන්තියේ හැමදාම පෝලිම මාරු වෙනවා නැත්නම් කොහෙද white kannadhi ඉස්සරහට එන්නේ ! )

මිස් මට කිව්වනේ ' දැන් අනිත් ළමයි ආවම අපි යමු ලැබ් එකට එතන ෆැන්සුත් ගොඩක් තියෙනවානේ හවස රස්නේ වෙන නිසා එතනට ගිහින් පාඩම කරමු ' කියලා. 

මාත් නොපෙන්නුවට මොකද හොදටම නිදි මතේ ඉදලා තියෙන්නේ.මං ඒ පාර මිස් ට කියලා 'මිස් ! අපෝ තව ටිකක් සැපට නින්ද යාවි ෆැන්ස් තිබුනොත්.මේ ඉන්න විදිහ හොදයි 'කියලා .මිස් ගේ මූණ කලුවුනාමයි කිව්ව කතාව මිටර් වුනේ !ගිය නුවන ඇතුන් ලවා අද්දන්නද ඉතින් මොනා කරන්නද කියල මාත් ඔහේ හිටියා.

මිස් කඩාගෙන බිදගෙන එලියට ගියා.දුටුවන් කිව්වේ මිස් කැන්ටිම පැත්තට මුන බෙරි කරන් ගියා කියලා.මාත් දැන් පන බයේ.සයන්ස් සෙක්ෂන් එකේ මිස් කෙනෙක්ට මොනා හරි කිව්ව කියන්නේ තමන්ගේ මරණ සහතිකේ තමන් අතින්ම ලියා ගන්නව වගෙ වැඩක්.පන්තියේ ළමයි එකතු වෙලා මාව සනසනවා.හෙට පාත් වෙන ගිනි බෝම්බෙන් බෙරෙන්න ප්ලැන් ගහන්වා සමහරු බයේ සලිත වෙලා ගිහින්.එකම විකාරයයි.

ඔන්න ඉතින් මිස් එනවා ක්ලාස් පටන් ගන්න වෙලාවට.මගෙ ඉහේ ඉදලා පාදාන්තයටම බය වෙලා හිටියේ.ශේප් එකේ මුණ දිහා බැලුවා .අවුලක් නැ හොදට ඉන්නවා.ටික වෙලාවක් පාඩම කරලා(පැය 2ක් විතර )මිස් හැන්ඩ් බැග් එකෙන් මල්ලක් අරන් මට දුන්නා.දිලා කියාපි  'ඔය දරුවන්ටත් කම්මැලි ඇතිනේ මගෙ කතා අහන් ඉදල මෙකේ හැමොටම කන්න චොකොලට් ඇති.කට්ටිය බෙදාගෙන කන්න 'කියලා මිස් එලියට ගියා.අපේ එවුනුත් ෆුල් හොල්මන් වෙලා.කට්ටිය හීනෙන් වත් මෙහෙම දෙයක් හිතුවෙ නැනේ.නිකන් පාත් වුනු පිනනේ අපිත් මදි නොකියන්න වැඩෙ දුන්නා.

එදා ඉදන් හැම දාම මිස් හවස පන්ති තියද්දි අපිට මොනා හරි ගෙනවා.සුකිරි ටොපි චොකොලට් ලොලිපොප් අනම් මනම්.මගේ වැඩෙ නිසා මිසුයි අපියි හොද යාලුකමක් ඇති කරගත්තා.මිස් අපිව තේරුම් ගත්තා වෙන කෙනෙක්නම් ඕක රට වටේම ගිහින් කියල මටත් බැනලා.අපිත් දැන් එක නිසා මිස් එක්ක සහයෝගෙන් වැඩ කරන්වා.හරිම ෆන් දැන් කෙමිස්ට්‍රි පිරියඩ් එක. කොහොමද white kannadhige වැඩ ??

Sunday, July 3, 2011

සමාවෙන්න ඔනේ !!

බ්ලොග් කුරුටු ගාන්න තියා නිකන්වත් මේ පැත්තේ එන්න වෙන්නේ නැති එක ගැන ටිකක් සමාවෙන්න ඔනේ. අපේ සයන්ස් ඩේ එකත් ඉවර නිසා දැන් දැන් ඉගෙනිමට යොමු වෙන්න කියලා අපිට ගෙවල් වලින් ස්කුල් එකෙන් හරිම බර බරේ !! මේ දවස් ටිකත් නිකන්න් ගත වෙලා යාවි..ටිකකට සමාවෙලා 22 දට පස්සේ බ්ලොග් එක කුරුටු ගාන්න සෙට් වෙන්නම්කො..!! මේ දවස්ටිකට එහෙනම් මම සමුගන්නවා ! එතකන් හැමොටම සුබ කාලයක් වේවා !!