![]() |
| අපි මේ වගේ නොවුනට පෙනුම ටිකක් ලගින් යනවා ;-) |
සා.පෙ. පන්තියේ මට හිටියා පණ වුනත් දෙන්න ලෑස්ති යාලුවෝ සෙට් එකක්.සමහරු කතාවට කියනවනේ කොල්ලන්ගේ තරම් කෙල්ලන්ගේ බොක්ක හොද නෑ කියලා(ඒ කතාව කිව්වෙත් මට කොල්ලෙක්ම තමයි)ඇත්තම කිව්වොත් අපි සෙට් එක හිටියේ එක බඩ වැල කඩන් ආපු සහොදරියෝ වගේ.අපේ අම්මලා අප්පච්චිලා වුනත් අපි 5 දෙනාට කියලා කිසිම වෙනසක් කරේ නෑ.සා.පෙ. කාලේ මං නම් වැඩි හරියක් හිටියේ හෂිගේ ගෙදර.ඇදුම් , දත් බුරුසුව පවා තිබුනේ එහේ.කොහොම හරි තිබුන ෆිට් එකේ හැටියට අපි අතරේ කිසිම රහසක්නම් තිබුනේ නෑ.පාරේදි කොල්ලෙක් සූ සූ ගෑවත් ඒකත් ඇවිත් අම්මලා අප්පච්චිලාට කියන තරමටම අපි සෙට් එක ඕපන්.සමහර වෙලාවට අපි ඔය හෂියට එහෙම කොල්ලෙක් අල්ල ලා විහිලු කරද්දි අපේ ඉස්කොලේ මිස් ලා පවා දන්නවා.
සා.පෙ.ප්‍රතිපල කොච්චර හොද වුනත් පාසල අතෑරල යන්නේ නෑ කියන තිරනේ අපි හිටියා.කොහොමත් අපිට යන්න කියලා තිබුනේ දෙලොවක් අතර බාලිකාවටයි,අග්‍ර උපාසිකා බාලිකාවටයි.කලින් කතාවක කිව්වා වගේ දේශපාලන උදව්වක් ඇතුව අපි 5 දෙනාටම (සා.පෙ.විශිෂ්ඨ ප්‍රතිපල සමග) එකම පාසලේ එකම පන්තියට ඇතුල් වෙන්න තිබුනත් ගියේ නැත්තේ හදවතින්ම අපේ පාසල දාල යන්න හිතුන නැති නිසා.සමහරුනම් අර පෙර සදහන් කරපු බාලිකාවන්ට ගිහින් දැන් ඉන්නේ අපිව අදුරන්නෙවත් නැති ගානට.යන්නේ අඩි 10ක් විතර උඩින්.එවෙලෙට තමයි හිතෙන්නේ ~ අම්මපා මේ ඉන්නේ අපිත් එක්ක එක බත් පත බෙදා ගෙන කාපු උදවියද කියලා ~
කොහොම හරි අපි සා.පෙ. ඉවර වෙලා ගෙදර ඉන්න කාලේ London සා.පෙ. කරන්න බැදුනා.(අපිට කිසිම ඔනේ කමක් නැති වුනාට අම්මලගේ කටේ බලේට ගියේ.) බැදුනට මොකො අපි 4 දෙනෙක් ඒක අතෑරල ආවා වින්ඩි විතරයි ඉතුරු වුනේ.මාත් සා.පෙ. ඉවර වෙලා හෂියගේ ගෙදරින් බඩු මුට්ටු ටිකත් අරන් අපේ ගෙදර ආවා.(ඇදන් ආවට මොකෝ අපේ ගෙදර ඉදන් එයාගේ ගෙදරට පයින් යන දුර)
වින්ඩි අතෑරුනා.එයා London ම වුනා.හැදියාව කතා බහ අදින පලදින විදිහත් ඔක්කොම London.ටිකින් ටික කාලේ ගත වෙද්දි අකි ත් වෙනස් වුනා.එයත් අමුතුම ඉස්ටයිල් කාරියක් වුනා.මායි හෂියි ඉස්සර වගේම රබර් සෙරෙප්පු(ආරුගම්බේ නෙවෙයි හරිද ?) දාල එකම ඩෙනිම ඇදල අතට අහුවෙන ඇදුමක් ඇදන් පන්ති එද්දි අපේ මිස් ඉස්ටයිල්ට හිතෙන්න ඇති අපි එයාගෙ තත්වෙට ගැලපෙන්නේ නෑ කියලා.එයා පන්තියේ වෙන තැනකින් ඉදගන්න පුරුදු වුනා තවත් විකාර ඉස්ටයිල් කාරියො ගොඩක් එක්ක.
පස්සේ කාලෙක එයාල දෙන්නා පැත්තකට වුනා.අපේ මන්දයා ගිටාර් එක්ක තමයි සා.පෙ.ඉවර වෙලා කාලේ ගෙව්වේ.(මොනා වුනත් එයාට දැන් පට්ටෙට ගිටර් ගහන්න පුලුවන්) මන්දයා කොහොමත් එයාටම වෙන් වුනු මියුසික් ලෝකේ ඇලිලා ඉන්නේ.කන්නේ බොන්නේ අදින්නේ පලදින්නේ නිදා ගන්නෙත් මියුසික් එක්ක.ඉතුරු වුනේ මායි හෂියයි විතරයි.
ඒත් මං හිතුවෙ නෑ ඔයත් වෙනස් වෙයි කියලා හෂියෝ.කොල්ලෙක් ආවම ජීවිතෙට අවුරුදු 11ක් තිස්සේ තිබුන අපේ යාලුකමට වඩා වටින්නේ එයා නේද ?කලින් පොස්ට් එකක මම දාල තිබුනා මාස 3ට සුබ පැතුම් කියලා.ඒත් මට දැනුනේ ඒ මාස තුනට නුබ කොච්චර වෙනස් වෙලාද කියලා.යාලුවන්ට වඩා අවදානේ එයාට තමයි දෙන්න ඔනේ.මං මුකුත් කියන්නේ නෑ.එක වචනයක්වත් කියන්නේ නෑ ඔයාල දෙන්නට.ඒ වෙන මුකුත් නිසා නෙවෙයි සහෝදරයත් හරිම හොද නිසාත් ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම මටත් ගොඩක් සතුටු හිතෙන නිසාත්.
යලුවො කියන ජාතිය හැම දාමත් ලගින් තියා ගන්න බෑ.එයාලට හොදක් වෙනවානම් එයාලට යන්න අතෑරලා අපිට පුලුවන් වෙන්න ඔනේ එයලා දිහා බලලා සතුටු වෙන්න.මාත් කරන්නේ ඒක.ඒත් අන්තිමට මට කවුද ඉතුරු වුනේ?මට මතකයි දවසක් මට කවුදො කියනවා "අයියෝ වයිට් ඔයාට බෝයි කෙනෙක්වත් නැතුව කොහොමද තනියම ඉන්නේ ? " ආව මෙතන මගුල් කපුකම් කරන්න.මං කියපු එකාට කනේ ඇගිලි ගහගන්න මොනා හරි කියන්න ඇති.මට මතක නෑ.අපි 5 දෙනා ඉස්සර එකට පාඩම් කරපු හැටි ක්ලාස් ගිය හැටි ජොලි දාපු හැටි රස්තියාදු ගහපු හැටි දග වැඩ කරපු හැටි මතක් වෙන කොට ඉවසන්න බැරි වේදනාවක් දැනෙනවා.මට හරිම පාලුයි ඔයාල නැතුව.ඔයාල නැති ජීවිතේ හරිම හිස් කියලා මට දැනෙන්නේ.ඔයාලටත් ඒ අඩුව එහෙම ම දැනෙනවාද ??