සදා මිතුදමින් බැදි
සැරසි එක් වන්න යෙහෙලියේ
අපේ කදවුරේ දිනක් ගෙවා
විනෝද වන්න එක් වෙලා
අහසේ තරු සේ දිලේ සිතුම්
ගිනි දැල් අතරේ දිලේ පැතුම්
රළ සේ පෙරලේ අපේ විකුම්
බාලදක්ෂිකා ලොවයි නැවුම්
සුළගේ පාව එන්නේ අපේ ශක්තියයි
වැහි රැල් රැගෙන එන්නේ අපේ ධෛර්යයයි
සියතුන් නද දෙන්නේ අපේ රිද්මයයි
ලොවම දිනන යෙහෙළියෝ අපි
මේ තියෙන්නේ වයිටා විසින් බාලදක්ෂ ගිනි මැල සංදර්ශනේකට 9 වසරේදි විතර හදපු ක්ෂණික ගීතයක්.පද මාලාවක් දාල තනුවක් දාල කිව්ව මේ සින්දුවට ගිනි මැල සංදර්ශනේ පාසල් 25ක් විතර අභිබවලා පලමු තැන ලැබුනා අද වගේ මතකයි.
අද අපේ පාසලේ බාලදක්ෂිකා සංගමයට අලුතින් සමාජිකාවන් බදව ගත්තා.හදවත නිකන්ම ඇදිලා ගියේ අතීතයට.බාලදක්ෂිකාවක් වෙලා ජීවිතයට අපි කොච්චරනම් පන්නරයක් ලබා ගත්තද ?අදින් අපේ කාලේ ඉවරයි.සංගමය තුල අපි තියගෙන හිටපු තනතුරු ඔක්කොම වගේ අපේ බාලදක්ෂිකා නංගිලාට දිලා අපි නික්ම ආවේ දරා ගන්න බැරි වේදනාවකින්.ඇස් මුල්ලේ කාටවත් නොපෙන්නුවාට කදුළු කැටත් හැංගිලා තිබුනා.
ආයේ ඒ කාලේ එන්නේ නෑ.යාලුවෝ එක්ක කෑම්ප් ගහන්න ගිනි මැල වටේ එකතු වෙලා සින්දු කියන්න කිචන් බෑන්ඩ් ගහන්න ජම්බෝරි යන්න බාලදක්ෂ දින තියන්න හයික් යන්න සහෝදර බාලදක්ෂ බාලදක්ෂිකාවන් තියන සැමරුම් වලට යන්න විනෝද වෙන්න ආයේ අවස්තාවක් ලැබෙයිද අපිට ?? හිතට දුකයි වේදනාවයි.ආයේ නාවත් ඒ කාලේ හැම මතකයක්ම අපේ හදවතේ රැදිලා තියේවි නොමැකෙන මතක සටහන් අත්දැකීම් ගොන්නකුත් එක්ක..ඒ ගත කරපු බාලදක්ෂ ජීවිතේට මං හරිම ආදරේයි.ඒ ජිවිතේ නැතුව ගොඩක් පාලු හිතෙවි.
" I am gonna miss you soooooooooo...............much ! "

//ආයේ ඒ කාලේ එන්නේ නෑ.....//
ReplyDeleteඅපි හැමෝටම මෙහෙම මතක් කර කර හූල්ලන්න පුලුවන් , ඉතාම සුන්දර පාසල් කාලයක් තියනව , බාල දක්ෂ නොකලත් කරපු දේවල් ගැන ආයෙමත් මතකය අලුත් වුනා ...
ඔයා නික්ම ගියේ නෑ වයිටො.... ශ්‍රී ලංකා ආදි බාලද්ක්ෂයින්ගේ හා ආදී බාලදක්ෂිකාවන්ගේ සංග්මයක් තියෙනවා... පාසැලෙන් ඉවත් වෙන ගොඩාක් දෙනෙක් ඒකට බැදෙනවා... යාළුවොත් එක්කම ඒකට එකතු වෙන්න... කොළඹ කැම්පරි එකේ ඇක්ටිවිටීස් පැත්තට ගියානම් මේ පාර ඒ කට්ටියගේ වැඩ බලන්න තිබ්බා... එකතු වෙන්න ආසනම් මට මේල්ලුවක් දාන්න...ආයෙත් කෑම්ප් හයික්ස් යන්න...
ReplyDeleteඔයා බාලදක්ෂිකාවක් කියලා දැන ගත්තා... අපේම සාමාජිකාවක් නොවැ...
මං බාලදක්ෂිකාවක් නම් නෙමෙයි.ඒත් දැනුනා..පාසල් ජීවිතේ ඉවර වුණාම මටත් මෙහෙම දුක හිතේවිද දන්නෑ.මොකද දැනටමත් ඉස්කෝලෙ ගැන ගොඩක් ලස්සන මතකයන් සෑහෙන්න තියෙනවා.
ReplyDeleteඅදයිමේ පැත්තෙ ආවෙ.. ලස්සනයි බ්ලොග් එක....
ReplyDeleteමේක ෆලෝ පාරක් දාන්න බැරි ඇයි ???
ReplyDeleteඔන්න මාත් මේ පැත්තේ ආව පළවෙනි පාර.මටත් තිබුනා ඔය වගේ ලස්සන පාසල් කාලයක්...
ReplyDeleteවයිටට මක්කැයි වුනේ,,,,,, :D
ReplyDelete