සමහරක් සිද්ධි තියෙනවා අපිට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැ.මගේ හිතේ අදටත් රැදිලා තියෙනවා අන්න ඒ වගේ දවසක් ගැන. ඒක නැවත මතක් වුනේ අද පන්සල් ගිහින්.නොගියානම් හොදයි කියලා දැන්නම් හිතෙන්නේ.
මට ඉන්නේ හොදම යාලුවන් 5 දෙනයි. මොන දේ කරන්නත් රන්ඩු වෙන්නත් ගහ මරා ගන්නත් හැමදේටම ඉන්නේ එච්චරම තමයි.මොන දේ කලත් අපි පස් දෙනා එකටමයි කලේ.(අද වෙනකොට මේ තත්වේ ගොඩක් වෙනස් යාලුකම් නැති වෙලා මිනිස්සු වෙනස් වෙලා)
වටිනා කියන යාලුකම් ජීවිතේ හමදාමත් ලග තියෙන්නෙ නැ කියල ඉගෙන ගන්න මීට මාස 2කට කලින් අමතක නොවන අත්දැකීමක් ලබුනා.
අපි 5 දෙනාගෙන් දෙන්නෙක්ගෙම තාත්තලා දේශපාලන ලොකේ ලොකු බලවතුන් දෙන්නෙක්.( නම් කියන්න ගියොත් බ්ලොග් එක වහල දාන්න වෙවි ඒක නිසා කියන්නෙ නැ)එහෙමයි කියලා ඒ දෙන්නගේ කිසිම ආඩම්බරයක් නැ.එක්කෙනෙක් පුදුම ලස්සනයි.කවදාවත් ලස්සනට සල්ලි බලයට හිස උදුම්මවා ගත්තෙත් නැ.කොටින්ම කිව්වොත් කවුරුත් දැනන් හිටියෙත් නැ.එක්කෙනෙක් පාසලේ ඉන්න තාලෙට අපෙ සින්හල මිස් කෙනෙක් දුප්පත් අසරන ලමයෙක් කියලා පොතුත් අරන් දෙන්න ගිහින් බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ.ඉතින් මේ දෙන්නට අපි කොච්චරනම් ආදරේද කියල හිතා ගන්න පුලුවන්නේ.
වල්වටාරම් ඔනේ නැ.කෙලින්ම කතාවට බහිමුකො.o/ls වල රිසල්ට්ස් ආවට පස්සේ එයාලගේ තාත්තලට ඔනේ වුනා එයාලව කොළබ ලොකු පාසලකට දාන්න.එකෙනෙක්නම් ගියා.අනිත් කෙනා යලුවෝ අතාරින්න බැ කියලා අඩල අඩල නතර වුනා.මොන දේ සිද්ධ වුනත් යාලුකම් නතර වුනේ නම් නැ.වෙනදා වගේමයි.
මායි මගේ අති ජාත මිතුරියකුයි බස් එකට නැග්ගා ගෙදර එන්න.කලාස් ඉවර වෙලා එක්කෙනෙක් හදිස්සියේ දුවනවා තාත්තා බනිවි කියලා මොනා වුනත් අන්කල් හරිම සැරයි.
බස් එකට නැගල ඉදගත්තම දැක්කේ අදහ ගන්නවත් බැරි දෙයක්.අර පිට පාසලකට ගිය යාලුවා අපිත් එක්ක එකට සා.පෙ.කරපු අපි හොදින් දන්න පිරිමි ලමයෙකුත් එක්ක බස් එකේ ලවර්ස් කෝනර් එකේ ඉද ගෙන යනවා.
දැක්ක ගමන් තුශ්නිම්භුත වුනාට මොකො අපි පෙන්නන්න ගියේ නැඅපිට මොකො එයාලට හොදනම්-ඇයි අපිට කිව්වෙ නැත්තෙ-අන්කල් දැනගත්තොත් ඒ කොල්ලව මරාවිද ?-මෙයාලගේ ලව් එකට මොනා වෙයිද?-මෙයාලා බැන්දොත් වෙඩින් එකට අදින්නේ මොනාද -අපිට දාහක් දෙවල් මතක් වුනා.දැක්ක නැති ගානට අවා.අපි අදාල හොල්ට් එකෙන් බහින කොට එයාලත් බලාගෙන හිටියා.වචනයක්වත් කතා කරේනම් නැ.එදා ඉදන් අද වෙනතුරුත් එයා අපිත් එක්ක කතාවක් නැ.
මට අහන්න තියෙන්නෙ මෙච්චරයි.කොල්ලත් අපේ හොදම යාලුවෙක් වෙච්චි ඔයත් අපේ හොදම යාලුවා වුන ,අපිට නොකියා ලව් කරලා අපි බස් එකෙදි දැක්කම,අවුරුදු 10ක් තිස්සේ අපෙ යාලුකම් අමතක කරලා ඒ කොල්ලත් එක්ක අපිට ඔරව ඔරව කාගෙන් හැන්ගෙන්නද ඔච්චර තැන තැන ගිහින් අපිට බනින්නෙ.
තාමත් ඔයා අපිත් එක්ක ඔය සිද්දිය කිව්වෙ නැ.ඔයාගෙ ප්‍රයිවසි එක ගැන හිතුන නිසා අපි ඔයාට ඒ ගැන නිකන්වත් මතක් කරන්නේ නැ.එහෙම හිතන කරන අපිට ඇයි ඔයා මෙහෙම කරන්නෙ ?අද පෝය දවසේ මං දක්කා ඔයාලා පන්සල් ඇවිත් ඉන්නවා.අපේ අම්මා දක්කනම් ඔයාලා ගස්.ඒත් කමක් නැ.අපිට මොනා වුනත් ඔයාල දෙන්න සතුටින් ඉන්න.අපි හිතන්නෙත් එච්චරයි.අද අම්මා තව පොඩ්ඩක් හැරිලා බැලුවනම්.මම අපේ අම්මගේ සායට පැන් කලේ හැලුවෙ නැත්නම් ඔයාලගේ ආදරේ සදහටම නැතිවෙන්න තිබුනා.
මිතුරියේ අන්න ඒකටයි සැබැ යාලුකම කියන්නේ.දුකෙදි සැපෙදි හැම මොහොතකම ලගින් ඉන්න.අපිත් ඒ වගේ.ඇයි අපි එක්ක හිටිය නුබ ඒ වගේ නැත්තේ?මට හරිම ප්‍රශ්නයක් -ඇයි මිනිස්සු වෙනස් වෙද්දි මට කවදාවත් වෙනස් වෙන්න බැරි ?

