අද නම් කතා කරන්න යන්නේ ඉගෙන ගන්න හැමෝටම වැදගත් වෙන මාතෘකාවක් ගැන.ටිකක් විතර බෝරින් වුනාට වැදගත් දෙයක්.ඒ කිව්වේ පාඩම් කරන විදිහ ගැන.අපි හැමෝම පාඩම් කරන එක එක විදි ඒ කියන්නේ විවිධ ශෛලියන් විවිධ ක්‍රම යොදා ගනනාවා.සිස්සත්වෙට පාඩම් කරනවා වගේ නෙවෙයි සා.පෙ.; සා.පෙ. වගේ නෙවෙයි උ.පෙ. එක එක විබාගයට එක එක විදිහට පාඩම් නොකරොත් ඉතින් ඉවරම තමයි.
කලින් කතාවක කිව්ව වගේ වයිටා
වෙනස් වුනා පාඩම් කරන්න ලෑස්ති වුනා.වයිටගේ කාමරේට පොත් මේසයක් වගේ දෙයක් ආවෙත් මේ ලගදි දවසක.එතකන් තිබුනේ රටේ නැති කතා පොත් පුරවපු රාක්ක තමයි.ජීව විද්යාව එහෙම පන්ති ගියාට කිසිම විදිහකින් නෝට් එකක් නම් මං ගාව තිබුනේ නෑ.(දැන් සමහරු හිතනවා ඇති කෙල්ලෝ පිලිවෙලට වැඩ කරන බෝල කර කර අකුරු ලියන අය වයිටා මෙහෙම වෙන්න බෑ කියලා) පහු ගිය කාලෙ ගෙවෙනුනේ ලියලා නැති නෝට්ස් ලියන්න මග ඇරුනු තියරි ඉගෙන ගන්න වගේ දෙවල් වලට.වයිටාට පාඩම් කරන්න අර උඩ තියෙන රූපේ තරම් විතර පොත් කන්දක් තියෙනවා නොවැ.
කොහොම වුනත් කට්ටියගේ පිලි ගැනීම් වලට හා වයිටා මේ දවස්වල පාඩම් කිරීල්ල ගැන කරන පොඩි පොඩි සමීක්ෂණ වලට අනුව පුලුවන් වුනා මේ ගැන අදසක් ලබා ගන්න.මගේ ප්‍රධානතම අරමුණ වුනේ වල් වැදිලා තිබුන මගේ මොට්ට මොලේට පාඩම් යන ස්ටයිල් එකක් හොයා ගන්න.(තාම නම් හොයා ගන්න බැරි වුනා)

ගොඩක් ගෑනු ළමයි නම් උත්සහ ගන්නේ පාරේ යන ගමන් වැන් එකේ යන ගමන් හිටන් ඉන්න ගමනුත් පොතක් අතේ තියාගෙන කියව කියව යන එක.ඇස් දෙක පොතේ තිබුනට අවදානේ තියෙන්නේ වටේ පිටේ වෙන දෙවල් ගැන.අපිනේ දන්නේ අපේ හැටි.ඉතින් අර කියවන දෙවල් වලින් 75% විතර වතුරේ.ඊට වඩා හොදයි ඒ වෙලාවේ යාලුවො එක්ක පච හල හල ජොලියක් දාගෙන යන එක.මට නම් වාහන වල යද්දි පොත් කියවන්න බෑ කැරකිල්ල හැදෙනවා.
අපේ පන්තියේ ඉන්නවා ළමයෙක් අලුතෙන් පාසලට ආවේ.යාලුවෝ නෑ කිසි කෙනෙක් එක්ක කතා බහක් නෑ.කොච්චර පොතටම ඇලිලද කිව්වොත් පන්තියේ අන්තිම දවසට දාන ක්ලාස් පාර්ටි එක වෙලෙත් අපි කෑ ගහ ගහ සින්දු කියද්දි එයා පාඩම් කරන.අපි හිතුවේ පාඩම් කරලා කරලා ග්‍රේඩ් එකේම 1 වෙයි කියලා.අන්තිමට බලද්දි මේ ළමයට තිබුනේ වයිටත් වඩා අඩු ලකුනු ගානක්.පන්තියේ 36 වෙනියා විතර.ඉතින් අපිටත් වඩා පාඩම් කරානම් එයාට මොකො ලකුනු අඩු වුනේ ? හැම දේකින්ම ඈත් වෙලා හිටියට පාඩම් හිටිනවාද ?
මගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා කුරුදු වත්ත පාසලේ.මං දන්න විදිහටනම් පන්තියේදි කෑ ගහන දගලනම විසේකාරම කරදරකාරම කොල්ලෝ ටික.(අනේ ඒ වුනාට මෙයාලා හරිම හොදයි.අහිතක් හිතන්න එහෙම එපා)මොන පිස්සුව නැටුවත් ටේස්ට් එකකදි එහෙම 1,2,3.කෙල්ලෝ සමානයයෙන් සර්ලා මිස්ලා උගන්වද්දි එයාලගේ කටින් හැලෙන හැම වචනයක්ම කෙලත් සමග පොතේ ලියා ගන්නවනේ.මටත් හරිම ප්‍රශ්නයක් පන්තියේ පිස්සු කෙල කෙල ඉදලා මෙහෙම ලකුනු ගන්න එක ගැන.ඉවසන් ඉන්න බැරිම තැන මං ඇහුවා.
මම - ඈ මචං කොහොමද මෙහෙම පිස්සු නටල නටලා ඉගෙන ගන්නේ ?
යාලුවා - ආ! අපි පන්ති වල පිස්සු කෙලියට ගෙදරදි හොදට වැඩ කරනවා මචං.
මම - ඉතින් පාඩමක්වත් අහගන්නේ නැතුව ?
යාලුවා - අපේ එකෙක් හැමදාම ලෙසටම සර් කියන එව්ව ඔලුවට දාගන්නවා.ක්ලාස් ඇරිලා අපි කෙලින්ම සෙට් වෙන්නේ උගේ ගෙදරට.එවෙලේ ඉදන් මුලු වෙලාවෙම අපි වැඩ මචං.
මම- ආ.ඇත්තද ?
යාලුවා - ඔව් බං.බැරිම දෙයක් තිබුනොත් අපේ අයියා කෙනෙක්ට කෝල් කරලා වදේ ගහලා අහගන්නවා.ඒත් බැරිනම් උන්ගේ ගෙවල් වල හරි යනවා.
කොල්ලෝ වැඩි හරියක් පාඩම් කරන්නේ එකට එකතු වෙලා.බැරි එකාව කොහොම හරි බලෙන් හරි පාඩම් කියලා දීලා ඇදගෙන යන්නයි හදන්නේ.මං දන්න කොල්ලෝ සෙට් එකක් ඉන්නවා.බලෙන් ගෙවල් වල නතර වෙලා බැරි අයට පාඩම් කියලා දෙන.බොක්කෙන්ම මිතුරුකම කියන්නේ ඒක.වැරදිලාවත් නොදන්න එකෙක්ට පාඩම්ක් කියලා දෙන්නේ එහෙමත් කෙල්ලෙක් තමයි.(මොනා වුනත් ඒ අතින් වයිට ට රත්තරං වටින යාලුවො සෙට් එකක් ඉන්නවා)

කොහොම වුනත් ගොඩක් ගෑනු ළමයි පාඩම් කරන්නේ ඇදේ.ඇද තියෙන්නේ නිදා ගන්න මිසක් පාඩම් කරන්නද ? අපි ආසම කතා පොතක් වුනත් ඇදට අරන් ගිහින් කියවද්දි අපිට නිකන්ම නින්ද යන්නේ නැත්ද ?කාල සටහනට පාඩම් කරන ඈයෝ හදිස්සියකදි වැසිකිලියටවත් යන්නේ නෑ කාල සටහනේ ඒක නෑ කියලා.පිස්සු හැදෙයි.මටනම් බෑ ඕව කරන්න.පාඩම් පොත බලන්න් හිටියට හිහ තියෙන්නේ බඩේ අමාරුව ගැන.කිසිම තේරුමක් නෑ.
මගේ යාලුවෙක්ගේ ලොකුම පිස්සුව
ශොර්ට් නෝට්ස් හදන එක.අහන ඕනේම පාඩමකින් කෙටි සටහන් ඇය සතුයි.මං ලග ආසාවට බලන්න එහෙම එකක් නෑ.දවසක් මං ඉල්ලන් බැලුවම මං නම් දැක්කේ කිසිම කෙටියක් නැති පාඩමට මිස් දීපු නෝට් එකේම අකුරු පුන්චි කරලා ලස්සන කොලවල ලියපු පොඩි වර්ශන් එකක්.ඉතින් ඇත්තටම ඇය ලස්සන ශොර්ට් නෝට්ස් හදන්න ගත කරපු කලේ අපරාදේ නැත්ද ?
තවමත් හිතා ගන්න බෑ පාඩම් කරන්න ඔනේ මොන තාලෙටද කියලා.ඇත්තටම පෞද්ගලිකව මට නම් එහෙම විශේෂ පාඩම් ක්‍රම වේදයක් නෑ.නමුත් එහෙම පාඩම් කරන ක්‍රමයක් අනිවර්යයෙන්ම තියෙන්න ඔනේ.සමහරු බිත්ති පුරා බෝර්ඩ් එල්ල ගෙන රූප සටහන් ඇදගෙන හැබැයි ඇදපු අලවපු කිසිම දෙයක් ඔලුවේ රැදිලා නෑ.
සමහරු පොත අතට අරන් කොහේ හරි මුල්ලක් දිහා බලාගෙන
හීන ලෝක වල පාවෙනවා."අනේ අරහෙම වුනොත් කොහොමද ? අද අර ගර්ල් මං දිහා බැලුවා නේද ? එයා මට කැමති වුනොත් කොහොමට තියේවිද ? " වගේ ගොඩක් දෙවල් හිතෙනවා.කරුමේ කියන්නේ මේ ඔක්කොම හිතෙන්නේ පාඩම් කරන්න පොත අතට ගත්තම තමයි.ඒකට හොද විසදුමක් සේනානායක මහත්තයගේ ඉස්කෝලේ ලමයෙක් කියලා දුන්නා.හීන මවන්න දවසට පැය භාගයක්,විනාඩි 20 විතර වෙන් කර ගන්න.පාඩම් කරන අතරතුරේ හීනෙකට හිත ලාවට ඇදිලා යනවා වගේ දැනෙන කොට හිතට කියන්න
"මේ මේ හීන බලන්න මට වෙනම විනාඩි 20ක් තියෙනවානේ ඒක නිසා දැන් පාඩම් කරන්න " කියාල.අත්දුටුවයි ප්‍රතය්ක්ෂයි.මේක සිරාවටම වැඩ කරන දෙයක්.කාලයක් යද්දි හීන මවන වෙලාව ටිකෙන් ටික අඩු කරගෙන නැත්තටම නැති කරගන්නහ් පුලුවන්.

උ.පෙ. කාලේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්නේ
ආදර සම්බන්දතා.ඇත්තම කිව්වොත් අපේ පන්තියේ පලවෙනියා වෙන කෙනාටත් පෙම්වතෙක් ඉන්නවා.ඔහුත් ඇය වගේම ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි.ඉතින් ඒ වගේ අය ගැන අපිට වරදක් කියන්න පුලුවන්ද ? සමහරුනම් කියන්නේ ඔය මොන විදිහට ඉගෙන ගත්තත් අන්තිමෙදි ඔය ලව් ඉලව් නිසා හැම දේම නැති කරගන්නවා කියලා.අපිත් එක්ක සා.පෙ. කරපු පිරිමි ලමයෙක් පෙම්වති ජීව විද්යාව කරන නිසා ඇය කරනවාට කරා.අන්තිමට උ.පෙ.ට ඇවිත් මාස කිහිපයක් ඇතුලතදි වෙන පිරිමි ලමයෙක් එක්ක යාලු වුනා.කෙල්ල වෙනුවෙන් සයන්ස් කරන්න ආපු කොල්ලගේ ඇප කැන්සල් වුනා කියලා තමයි මට කියන්න තියෙන්නේ.කොහොමවුනත් ඒ ලමයා දැන් කෙල්ලට පේන්නත් එක්ක නියමෙට වැඩ කරන් යනවා.
සා.පෙ. නම් ඔය වැස්සට ගිහින් ලිව්වත් පාස් වෙනව කියලා දැන්නම් හිතෙන්නේ උ.පෙ.තියෙන බරත් එක්ක.ඇත්තටම සා.පෙ.අපි කරේ හරිම ආසවෙන්.කවුරුත් බල කරේ නෑ පාඩම් කරන්න කියලා.ගනන් හැදුවේ තරගෙට ජොලියට, විද්යාව පොත කියෙව්වේ ආසාවට.ගොඩක් දෙනෙක් ස.පෙ. කරනාවට වඩා අඩු උනන්දුවකින් උ.පෙ.කරන්නේ මනසට තියෙන බර නිසා.වැඩිය ඔනැවට වඩා හිතට ගන්නත් එපා.හැබැයි හිතට නොගෙන්න ඉන්නත් එපා.හැම දේම සමබරව හිතට දෙන්න ඔනේ.
විභාගේ කාලේ වෙද්දි ගොඩක් දක්ෂ වැඩ කරන ළමයින්ගේ පොත් හොරකම් වෙනවා.ටියුට්ස් අතුරුදහන් වෙනවා.කෙනෙක් ගැන ඉරිසියාවෙන් එහෙම දෙයක් කරන්න කාට හරි හිත දෙන්නේ කොහොමද කියන එක අදටත් මට ප්‍රශ්නයක්.නමුත් තමුන් ඒ කරන දේවල් දවසක තමන් ටම අත් විදින්නත් ලැබේවි.කරන නරක වැඩ අත් විදින්න වෙන්නේ විභාගෙදිම තමයි.
කොපි කිරීම අනිත් දේ.තමාගේ තත්වේ කාටවත් පෙන්නන්න නෙවෙයි අපි විභාගෙට ලියන්නේ.
සමහර පිරිමි ළමයි කෙල්ලෝ ඉස්සරහ වැඩර්ලා වෙන්න දවස් 2ක් පේපර් ක්ලාස් තියෙනවනම් කලින් දවසේ කරපු අයගෙන් උත්තර ඉල්ලන් ඇවිත් ඒව බලන් ලියලා වැඩ පෙන්නනවා.කාට වැඩ පෙන්නුවත් කවුද අන්තිමට රැවටෙන්නේ ?????
මොනා හරි දේකට ලකුනු අඩු නම් අපි කරන්න ඕනේ අඩු ලකුනු තියෙන කොටස ගැන අවදානය යමු කරලා අඩු පාඩු හදා ගන්න එක.තමන්ට බැරි දෙවල් අනිත් අයගෙන් අහගන්න ලැජ්ජා වෙන්න ගියොත් වෙන්නේ කඩ ඉම් විභාගෙදි ලෝකෙම ඉස්සරහ ලැජ්ජා වෙන්න.ඊට වඩා හොද නැද්ද නොදන්න දෙයක් දැන්ම ලැජ්ජාව පැත්තකින් තියලා අහගෙන විභාගේ ගොඩ දාගන්න එක ?
විෂයට ආසාවක් නැත්නම් උගන්වන ගුරුවරයා ගැන හිතේ පැහැදීමක් නැත්නම් කවදාවත්ම ඒ විශය අපිට පුලුවන් වෙන එකක් නැති වේවි.මුලින්ම ඉගෙන ගන්න දේ ගැන ආසාවක් නැති වුනත් බලෙන් හරි ඇති කරගන්න ඔනේ.ආස නැති දෙයක් කරලා ඇති තෙරුමකුත් නෑ.
පොත අතට ගත්තම නින්ද යන කරුමෙටනම් තාම විසදුමක් හොයා ගන්න වයිටට බැරි වුනා දන්න කෙනෙක් ඉන්නවානම් අනේ මල් මාලා දා වදින්නම් කියලා යන්න. ;-)

ඔය මොන විදිහට පාඩම් කරලත් වැඩක් නෑ විභාග වලට මුහුණ දීල පේපර් ලියන හැටි ලකුනු ලැබෙන හැටි තමන්ට වැඩි පුර ස්කොර් කරන්න පුලුවන් තැන් අඩු ලකුනු ලැබෙන තැන් හදුන ගන්නේ නැත්නම්.කොච්චර පාඩම් කරලා විභාගෙට ලියද්දි අත වෙව්ලනවානම් අර අවුරුදු ගානක් පාඩම් කරපු හැම දේම වතුරේ.2012 උ.පෙ.කරන්න හිතන් ඉන්නවනම් මේ කාලේ වෙද්දි සිලබස් එකෙන් 3/4ක් විතර ඉවර කරලා තියෙන්න ඕනේ.පුනරීක්ෂණ කරන්න පටන් ගන්න ඔනේ.පරණ පාඩම් වලට අදාල
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ඔනේ.ඒවා වල හරි වැරදි නැවත නැවත බලන්න ඔනේ.අමාරු පාඩම් වලට අවදානේ දෙන්න ඔනේ.අලුතින් එකතු වෙන කරුනු මොලේට පරන පාඩම් අවුල් නොවන විදිහට පිලි වෙලකට අඩුක් කරන්න ඔනේ.කොච්චරනම් දේවල් තියෙනවද කරන්න ???? මටනම් පැය 24ත් මදි වගේ.
මෙච්චර වෙලා හෑල්ලක් වගේ කියෙව්වේ වයිටා හොයා ගත්ත එව්වා , වයිටගේ අදහස්.
මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා හැමෝම වගේ උපදෙස් දුන්නට හරියටම පාඩම් කරන්නේ කොහොමද ? ඇත්තටම පාඩම් කරනවා කියන්නේ මොකටද ?කාට හරි පුලුවන්නම් අපිට උපදෙසක් දෙන්න පාඩම් කරන හැටි ගැන කමෙන්ටුවක් තියලා යන්න.ඒක මේ ලිපිය කියවන උ.පෙ., සා.පෙ.කරන්න ඉගෙන ගන්න දත කට මැදන් ඉන්න ගොඩක් දෙනාට ලොකු උදව්වක් වේවි.