Sunday, August 4, 2013

මට වුන දෙයක් අංක 2



මට වුන දෙයක් ගැන කිය කිය ඉදලා කුතුහලයක් දාල යන්න ගිය එකේ,ඒක ගැන කියලා ඉවරයක්ම කරමු කියලා හිතාගෙන තමයි අද මේ පැත්තේ ආවේ.ගෙදර ඉදලා කොච්චර එපා වෙලා ද හිටියේ කිව්වොත් වයිට ට ඔනේ කරා රස්සාවක් කරන්න.පළපුරුද්ද නැති උ.පෙ. කරලා වැලේ වැල් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ට රස්සාවක් හොයාගන්න එක එච්චර ලේසි නෑ කියලා වැඩි කල් යන්න කලින්ම වයිට ට තේරුනා.දවසක බ්‍රිතාන්ය කවුන්සිලයේ පන්ති යන ගමන් වයිට හවසට කම්මැලි  කමට වයිටගේ අප්පච්චිගේ කන්තෝරුව පැත්තේ ගියා.

එදා කොහොම හරි පාසලෙන් චරිත සහතිකේ ගන්න කියලා තිබුන සහතික මිටියත් උස්සගෙන තමයි ගියේ.වයිට ගේ අප්පච්චි පත්තරකාරයෙක්.ඉතින් වයිට යද්දි වයිටගේ අප්පච්චි කොහෙදෝ ගිහින්.වයිට ට වුනේ අප්පච්චි එනකන් ඉස්සරට වෙලා වාඩි වෙලා ඉන්න.වෙනදා වගේ නෙවෙයි එදා සෑහෙන්න සෙනග.වයිටත් ඉතින් ඔහේ ඉදගෙන හිටියා වෙන දෙයක් වෙද්දෙන් කියලා.

වයිටගේ එහා පැත්තේ හිටියේ කොන්ඩේ කොටට කපපු ගෑනු ළමයෙක්.වැඩි වෙලා යන්න කලින් පොඩි කතාවකට මුළ පිරුවා.

" You also came to the interview right ? I am ..... . "
ඒක තමයි මෙච්චර සෙනග. වයිට ට උත්තරයක් දිගන්න කලින්ම අර ළමයා ආයෙත් කතාව.
" I am so nervous, I don't even know whether I will get this job. But I have written to this newspaper for couple of weeks. Hopefully I will get this job. Have you ever wrote something before ?"
 එතකොටම දොරෙන් ඔලුවක් එලියට ආව. " You are next "
" Wish me all the best. And I wish you the same" ගෑණු ළමයා දොර ඇතුලට අතුරුදහන් වුනා.

ඉතුරු ටික තව ඉස්සරහට...



Saturday, August 3, 2013

Ben 10 - Part 4



ඔන්න ඉතින් පන්තියට ගිහින් හිතේ දාහක් ප්‍රශ්න. වටේ ඉදන් ඉන්න අය එහෙන් අනිනවා මෙහෙන් අනිනවා දාහක් විහිළු. මොන පේපර් ද එදා මේ වයිට ට. හීන ලෝකේ ගිලිලා ඇලිලා හිටියේ.

පිටි පස්ස බලනවා දාහක් විතර සෙනග ඉන්න පන්තියේ බෙන් ඉදන් ඉන්නේ කොහෙද බලන්වා. ආයේ පොත දිහා බලනවා. ආයේ රේඩාර් එක ඔන් කරන්වා. ඇත්තටම කිව්වොත් පන්තියේ මොනා වුනාද කියල වයිට ට නම් කිසි මතකයක් නෑ.

පන්තියේ වෙලාවෙන බාගයක් විතර යනකොට අපේ කට්ටියට ලෝකේ නැති බඩගින්නක් ආව.දැන් ඉතින් ඔක්කොම මගේන් චොකලට් ඉල්ලනවා.වයිටගේ නම් ලැජ්ජාවේ පණ ගිහින් උන්නේ ඒ වෙලාවේ.වටේ පිටේ ඉන්න පිරිමි ළමයිනුත් මූණවල් හද හද මේ විකාරේ දිහා බලාගෙන.කොහොමින් කොහොම හරි බෙන් දීපු චොකොලට් දැන් මුලු පන්තිය වටේටම යනවා.ඒ අතරේ එක එක්කෙනාගේ හිකි හිකි හිනාවලුයි, ඇද කිරිලිත් තිබුනා.මොනා කරන්නද ඉතින්. කුම්බලා කරවල කෑවනම් දැන් විදවමු කියලා හිතාගෙන තමයි වයිට හිටියේ.

අපේ පන්ති වල ටියුෂන් සර් ලට අර හයවෙනි සෙන්ස් එක තියෙනවා පන්තියක මොකද වෙන්නේ කියල තෙරුම් ගන්න.ඉතින් වැඩි වෙලා යන්න කලින් සර්ත් මගේ දිහා බලන් මොකෝ මේ ළමයා ඇඹරෙන්නේ කියලා.සර්ත් ඉදන් හිටිය පුටුවෙන් බැහලා පන්තියේ වටේ රවුමක් දාන්න නැගිට්ට ළමයින්ගේ හිකි හිකිය අල්ල ගන්න.

වයිට කලින්ම දැනගෙන හිටියා සර් කැරකිලා කැරකිලා එන්නේ මේ පැත්තට තමයි කියලා.මළ කෙළියයි !! පේපර් එකේ එක අකුරක්වත් ලියලා නෑ !! 

"ස්..ස්..වයිට් !"
"මේ මෙන්න මේක බෙන් දෙන්න කිව්ව ඔයාට"

පස්සේ පෝළිමේ හිටිය කුරුදුවත්තේ පිරිමි ළමයෙක් මට කොළ ගොඩක් දික් කරගෙන මේ මොන වදයක් ද වගේ මගේ මූන දිහා බලන් ඉන්නවා.

දෙපාරක් හිත හිත ඉන්න වෙලා තිබුනේ නෑ වයිටත් ගත්ත ඉතින් ඒක අතට.

වටේ පිටේ ඉන්න අය ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නවා.එක පාරටම හෂියා කියාපිය

 "ලව් ලෙටර් එකක් ද දන්නේ නෑ ඉක්මනට දිගාරින්නකෝ වයිට් අපිටත් බලන්න"

මොන ලව් ලෙටර් ද මේ දෙලෝ රත් වෙලා ඉන්න වෙලේ.සර් මේ පැත්තට සෙනග මැදින් තව විනාඩි දෙක තුනකින් ඒවි පේපර් එක කරලද බලන්න.අහු වුනොත් ඉතින් පන්තියෙන් කෙලින්ම එලියේ ආයේ ඇතුලට එන්න බැරි වෙන්නම.

මොනා කරන්නද ඉතින්.කොහොමත් අහුවෙන එකේ වයිටා තීරණය කරා කොළ ටික බලන්න.

අද වෙන්නැති මගේ කෙමිස්ට්‍රි පන්තියේ අන්තිම දවස.ආයේ විහිළු කතා නෑ,හිනා වෙන්න කවුරුත් නෑ.ආයේ ඉටින් බෙන්ව බලන්න වෙන එකකුත් නෑ. හ්ම්ම්ම්....

"මේ මොකක්ද පේපර් එක නේද ?"

ඔව්මයි. ! දෙයියනේ.බෙන් එයාගේ උත්තර කොළ වල මගේ නම ලියලා එවලා !



මට වුන දෙයක්


හම්මෝ. මට වුන දෙයක්. කෙටියෙන් කිව්වොත් 2012 ඉදන් 2013 වෙනකන් මොකෝ වුනේ කියලා. මෙන්න මෙහෙමයි කතාව.බැන බැන මාත් ඔහේ උ.පෙ. කරා කියලා කට්ටියට මතක ඇතිනේ. වෙච්ච සිද්ධි නිසා ආයේ නම් ෆේල් වුනත් උ.පෙ. කරන්නේ නෑ කියන තීරනේට වයිට ඇවිත් හිටියේ.එක පාරක් කරලා වෙච්ච හරිය මැදෑ ඉතින්. ඔක්කොටම කලින් උ.පෙ. රිසල්ට් කියන්නම් කෝ. Chemistry - B , Physics - A , Biology - C ( Physics A එකක් වුනේ රී කරෙක්ශන් දැම්මට පස්සේ නේ. ) නරකමත් නෑ ඉතින් කරපු තාලේ හැටියට.මේ රිසල්ට් වලින් මෙඩිසින් කරන්න යනවා කියන්නේ ඉතින් හීනයක් තමයි.වයිටගේ මිතුරු කැළට මීට වඩා ගොඩක් හොද රිසල්ට් තිබුනට කාටවත් මෙඩිසින් කරන්න මදි.ඇත්තටම කිව්වොත් මට තමයි අඩුම.

කොහොමෙන් හරි උ.පෙ. රිසල්ට් එනකන් හැමෝම ආයේ දෙවෙනි වතාවක් කරන්න පන්ති යනවනේ.වයිට නම් එක හොදටම එපා වෙලා හිටියේ. ඉතින් කොහොම හරි වයිටගේ අහිංසක යාලු කැළ ආයේ ටියුෂන් පදින අස්සේ වයිට ට වුනේ ගෙදරට වෙලා වහලේ පරාල ගනන්න් කරන්න තමයි.කට්ටිය හිතනවා ඇති කොච්චර දෙයක්ද ගෙදරට වෙලා ඉන්න එක ටීවි බලන්නයි මූනු පොතේ ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි පුලුවන් කියලා.මගේ අම්මෝ ඔය කිව්වට ඉදලාම බලන්න ඔනේ.මාසයක් විතර ගෙදරටම වෙලා ඉන්න කොට ඊට වඩා පන්තියකට ගිහින් යාලුවොත් එක්ක පචයක් හලන එක නම් දාහෙන් සම්පතයි කියලා හිතෙනවා.පන්ති නොගියට වයිට ගේ දවසින් බාගයක් විතර ගෙවුනේ යාලුවොත් එක්ක රස්තියාදුවේ යන්න තමයි. දෙවෙනි වතාවේ උ.පෙ. කරන කොට පළවෙනි වතාව වගේ ගෙදර කට්ටිය ටීචර්ස්ලා එහෙම පස්සෙන් එලවන්නේ නෑ නේ.එක පාරක් කෙළවගෙන දෙවෙනි වතාවෙත් එකම කරගන්නේ නැ කියලා එයාල දන්නවා.

ඒ ඕප දූප වලින් වැඩක් නෑ කියමුකෝ දැන්.කොහොම හරි ගෙදරට වෙලා ඉන්න එපාම වුන නිසා වයිටා තීරණය කරා මොකක් හරි කෝස් එකක් කරන්න.කරන්න වාලේ මුකුත් කරන්න බැරි නිසා වයිට දැම්ම බ්‍රිතාන්ය කවුන්සිලයට ඇප්ලිකේෂන් එකක්. පොඩි විබාගයකුත් තිබුනා ඇතුලත් කරගන්න.කොහොම හරි වයිට තේරුනේ වයසට වඩා උසස් පන්තියකට.එතන දි තමයි වයිටගේ ජීවිතේ හැරවුනේ.හැරවිලා කැරකිලා මෙතනට ආවේ.

මෙතන කියන්නේ කොතනට ද කියලා පස්සේ පෝස්ට් එකකදි කියන්නම්.පොඩ කුතුහලයක් නැතුව වැඩකුත් නෑ නේ.


ආවා ආවා

මගේ දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ ! 2012 පෝස්ට් එකක් දැම්මට පස්සේ අද තමයි අලුත් පෝස්ට් එකක් දාන්නේ. මගේ ජිවිතේ වෙනස් වෙච්ච විදිහ මටම හිතා ගන්න බෑ දැන්නම්. බ්ලොග් කලාවෙන් කාලෙකට කියන්නේ නැතුවම සමු ගත්තට සමාව දෙන්න ඉතින්.අද ඉදන් ආයෙත් බ්ලොග් කාලාවට එකතු වෙනවා මම.