කලින් කතාවේ කිව්වා වගේ බෙන් ගැන හොයන්න වයිටගේ යාලුවෝ සෙට් එක හෙවත් හෂියා,ඔබියා,මන්දයා සහ ලප දමයන්ති මිෂන් එකක් දියත් කලා.කොල්ලෙක් කෙල්ලෙක් ගැන සාමාන්ය දෙයක් වුනාට කෙල්ලෝ සෙට් එකක් විශේශයෙන් විද්යාව කරන කෙල්ලො සෙට් එකක් එක කොල්ලෙක් ගන හොයන එකනම් ටිකක් අමුතු වැඩක් වුනා.මිෂන් එකේ අංක එක වුනේ බෙන්ගේ ඉස්කොලේ හොයා ගන්න එක.අපිට පන්ති තිබුනේ සෙනසුරදා සහ බදාදා.ඉතින් බදාදා දවසට හැමෝම ලමයි යුනිෆොර්ම්නේ පන්ති එන්නේ බෙන් නම් ජිවිතේ කවදාවත් යුනිෆොර්ම් එකෙන් පන්ති එන්නේ නෑ.පුදපු තැනම කාපි යකා කිව්වලු.මේ දවස්වල තව අලුත් වැඩක් තිබුනා මරියකඩේ ඉස්කෝලේ.ඇත්තටම කිව්වොත් මහා පරිමාණ ප්‍රදර්ශනයක්.අපිටත් ඉතින් නිකන් ඉන්න බැරි නිසා දවසක් ඉස්කෝලේ කට් කරලා ගියා ප්‍රදර්ශනේ බලන්න.
ප්‍රදර්ශනේ බලන අතරතුරේ අපි ගියා බයෝ ගැන තියෙන බිල්ඩිමට.ෆෝමලීන් දාලා ගොඩක් ස්පෙසිමන්ට්ස් තිබුනා අපිට බලන්න.කොහොමහරි අපේ ලප දමයන්තිට ටිකක් විතර කලන්තයක් අවා ෆෝමලින් සැරට.ඉතින් ඉක්මනටම එතන හිටපු සහෝදරවරු කට්ටියක්
ප්‍රථමාධාර දෙන්න කට්ටියකට කතා කරා.කොහොම හරි එයාල එන්න කලින් බාලදක්ෂ නුවණ පිහිටෙන් වයිට ට පුලුවන් වුනා දමයන්තිව නැගිට්ට ගන්න.ඔන්න දැන් තමා හොදම හරිය.ප්‍රථමාධාර කට්ටලයක් අරන් ආවේ වෙන කවුරුත් නෙවෙයි අපේ බෙන් !! ඔන්න ඉතින් එදා අපි හොයා ගත්තා බෙන් මොන ඉස්කොලෙද කියන එක.මිනිහත් මරියකඩේ ඉස්කෝලේ වුන එක හොදට ගියා.වෙන එකක වුනා නම් ජිවිතේට වයිටගේ සහෝලනම් කැමති වෙන්නෙ නෑ.
බෙන් - ආ..මේ ඔයලනේ..මොකද වුනේ යාලුවට ?
(ඈ...මිනිහා අපිව දන්නවද ? )
මම - ෆෝමලින් සැරට පොඩි කලන්තයක් අවිත්..
බෙන් - හහ්..ඔයාගේ යාලුවා නිදර්ශකේ ඇතුලට නහය ඔබන්න ගියාද කලන්තෙ එන්න තරම්..
බෙන්ට මර ලස්සන හිනවක් තිබුනා එවෙලෙනම්.වෙද නලාව කරේ නොදාගෙන හිටියට මටනම් එයාව පෙනුනේ ඔන්න ඔය පින්තුරෙ ඉන්න කෙනා වගෙ තමා. :-P
ශැහ්..ලපය නැතුව මං කලන්තේ දැම්මනම් මොකො වෙන්නේ.
ශැහ්..ලපය නැතුව මං කලන්තේ දැම්මනම් මොකො වෙන්නේ.
බෙන් - වයිට්..ඔයාගේ යාලුවා එලියට අරන් යන්න හුලං ටිකක් වදින්න.එතකොට හරි යාවි..ඔයාටයි ඔයාගේ යාලුවන්ටයි මාර මාර වැඩ තමා වෙන්නේ.
හත්දෙයියන්ට ඔප්පුවෙච්චාවේ බෙන් මගේ නමත් දන්නවා එහෙනම් !!!!
ඒක අහපු වෙලේ මං හිතන්නේ මට කලන්තයක් ආවද කොහෙද.කොහොම හරි එදා දවස ඇතුලත නිතරම වගේ බෙන් අපි ගැන හොයල බැලුවා.අරක බලන්න මේක බලන්න කිය කියා යවන්න බලන්න පුලුවන් හැම තැනකට යැව්වා කකුල් ගෙවෙනකන්ම.
යන්න ලං වෙලා අප්පච්චිට කතා කරා අපිව අරන් යන්න එන්න කියලා..එවෙලෙන හවස 6.30 විතර වෙලා තිබුනේ.බෙනුත් හිටියා අපේ ළග පාත යාලුවො සෙට් එකක් එක්ක.
අප්පච්චි - ආ..බෙන් පුතා..කොහොමද ? කොල්ලා උස ගිහින් නේ මේ ටික කාලෙට..කෝ තාත්තා ?
(හුරේ !! ඔන්න නමත් හොයා ගත්තා.ඒ මදිවට බෙන්ගේ තාත්තා අපෙ අප්පච්චිව අදුරනවත් එක්ක..! )
බෙන් - ආ..අන්කල්.තාත්තානම් අද ආවේ නෑ.හෙටනම් එනවා කිව්වා.(අපේ දිහාවට ඇගිල්ල දික් කරලා) මේ ඔක්කොම අන්කල්ගේ දුවලද ?
(මේ මිනිහගේ මොලේ හොද නැති වේගෙන එනවද ! එක වයසේ කෙල්ලො 5ක් පස් නිවුන් දරු උපතක් කියල හිතන් හිටිය
ද මැට්ටා)
අප්පච්චි - නෑ නෑ..මේ ඉන්නේ මගේ දුව මේ ඉන්නේ එයාගේ යාලුවෝ.කට්ටිය අද ආවා ප්‍රදර්ශනේ බලන්න.ඔක්කොම ඉතින් බයෝනේ කරන්නේ.
බෙන් - මං මෙයාලව අදුරනවනේ අන්කල්.අපි ඔක්කොම එකම කෙමිස්ට්‍රි පන්තියේ.
(අප්පච්චි දැම්මා නේද දැවිල අලු වෙලා යන බැල්මක් මගේ දිහාවට.අම්මපා බෙන්ට මොලයක් නැද්ද)
අප්පච්චි - ආ..හරි පුතා.අපිට පරක්කු වෙලා අපි යනවා.තාත්තව මතක් කරා කියන්නකො.
බෙන් - හරි අන්කල් කියන්නම්. (බඩ ගාල අපේ අප්පච්චිට වැදල එහෙම) එහෙනම් වයිට් අනිද්දට හම්බවෙමු පන්තියෙදි.
ගෙදර යන ගමන් වාහනේදි අප්පච්චි මාව හම ගහපු හැටි බෙන් පාර්ට් 3 එකෙන්.
