ඔන්න ඉතින් පන්තියට ගිහින් හිතේ දාහක් ප්‍රශ්න. වටේ ඉදන් ඉන්න අය එහෙන් අනිනවා මෙහෙන් අනිනවා දාහක් විහිළු. මොන පේපර් ද එදා මේ වයිට ට. හීන ලෝකේ ගිලිලා ඇලිලා හිටියේ.
පිටි පස්ස බලනවා දාහක් විතර සෙනග ඉන්න පන්තියේ බෙන් ඉදන් ඉන්නේ කොහෙද බලන්වා. ආයේ පොත දිහා බලනවා. ආයේ රේඩාර් එක ඔන් කරන්වා. ඇත්තටම කිව්වොත් පන්තියේ මොනා වුනාද කියල වයිට ට නම් කිසි මතකයක් නෑ.
පන්තියේ වෙලාවෙන බාගයක් විතර යනකොට අපේ කට්ටියට ලෝකේ නැති බඩගින්නක් ආව.දැන් ඉතින් ඔක්කොම මගේන් චොකලට් ඉල්ලනවා.වයිටගේ නම් ලැජ්ජාවේ පණ ගිහින් උන්නේ ඒ වෙලාවේ.වටේ පිටේ ඉන්න පිරිමි ළමයිනුත් මූණවල් හද හද මේ විකාරේ දිහා බලාගෙන.කොහොමින් කොහොම හරි බෙන් දීපු චොකොලට් දැන් මුලු පන්තිය වටේටම යනවා.ඒ අතරේ එක එක්කෙනාගේ හිකි හිකි හිනාවලුයි, ඇද කිරිලිත් තිබුනා.මොනා කරන්නද ඉතින්. කුම්බලා කරවල කෑවනම් දැන් විදවමු කියලා හිතාගෙන තමයි වයිට හිටියේ.
අපේ පන්ති වල ටියුෂන් සර් ලට අර හයවෙනි සෙන්ස් එක තියෙනවා පන්තියක මොකද වෙන්නේ කියල තෙරුම් ගන්න.ඉතින් වැඩි වෙලා යන්න කලින් සර්ත් මගේ දිහා බලන් මොකෝ මේ ළමයා ඇඹරෙන්නේ කියලා.සර්ත් ඉදන් හිටිය පුටුවෙන් බැහලා පන්තියේ වටේ රවුමක් දාන්න නැගිට්ට ළමයින්ගේ හිකි හිකිය අල්ල ගන්න.
වයිට කලින්ම දැනගෙන හිටියා සර් කැරකිලා කැරකිලා එන්නේ මේ පැත්තට තමයි කියලා.මළ කෙළියයි !! පේපර් එකේ එක අකුරක්වත් ලියලා නෑ !!

"ස්..ස්..වයිට් !""මේ මෙන්න මේක බෙන් දෙන්න කිව්ව ඔයාට"
පස්සේ පෝළිමේ හිටිය කුරුදුවත්තේ පිරිමි ළමයෙක් මට කොළ ගොඩක් දික් කරගෙන මේ මොන වදයක් ද වගේ මගේ මූන දිහා බලන් ඉන්නවා.
දෙපාරක් හිත හිත ඉන්න වෙලා තිබුනේ නෑ වයිටත් ගත්ත ඉතින් ඒක අතට.
වටේ පිටේ ඉන්න අය ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්නවා.එක පාරටම හෂියා කියාපිය
"ලව් ලෙටර් එකක් ද දන්නේ නෑ ඉක්මනට දිගාරින්නකෝ වයිට් අපිටත් බලන්න"
මොන ලව් ලෙටර් ද මේ දෙලෝ රත් වෙලා ඉන්න වෙලේ.සර් මේ පැත්තට සෙනග මැදින් තව විනාඩි දෙක තුනකින් ඒවි පේපර් එක කරලද බලන්න.අහු වුනොත් ඉතින් පන්තියෙන් කෙලින්ම එලියේ ආයේ ඇතුලට එන්න බැරි වෙන්නම.
මොනා කරන්නද ඉතින්.කොහොමත් අහුවෙන එකේ වයිටා තීරණය කරා කොළ ටික බලන්න.
අද වෙන්නැති මගේ කෙමිස්ට්‍රි පන්තියේ අන්තිම දවස.ආයේ විහිළු කතා නෑ,හිනා වෙන්න කවුරුත් නෑ.ආයේ ඉටින් බෙන්ව බලන්න වෙන එකකුත් නෑ. හ්ම්ම්ම්....
"මේ මොකක්ද පේපර් එක නේද ?"
ඔව්මයි. ! දෙයියනේ.බෙන් එයාගේ උත්තර කොළ වල මගේ නම ලියලා එවලා !