Wednesday, August 29, 2012

Ben 10-part 1




කට්ටිය හිතන්න එපා උ.පෙ.ත් ඉවර වෙලා වයිටා පොඩි එකෙක් වගේ බෙන් 10 ට පිස්සුවක් හැදිලා කියලා.එහෙම එකක් නම් නෙවෙයි මේක.වල් පල් නතුව කෙලින්ම කතාවට බහිමුකෝ.මේ කතාව වයිටගේ පාසලේ නම් හරිම ප්‍රසිද්දයි.

කොස්කද පන්තියේ තමයි වයිටගෙ කෙමිස්ට්‍රි පන්ති තියෙන්නේ.උදේට හෂියගේ හරි මගේ හරි අප්පච්චි ගිහින් බස්සනවා දවල්ට පන්ති ඇරිල බස් එකේ එනවා.හෂියා යන්නේ එක බස් පාරක මං තවත් එකක.ඉතින් ඔන්න ඔහොම දවසක පන්ති ඇරිලා බස් හෝල්ට් එකට අවා.ඇවිත් ටිකට් එක ගන්න බලද්දි පර්ස් එක නෑ.දැන් ඉතින් මොන දෙවියන්ට කියන්නද ඉතින්.හෂියත් නෑ කීයක්වත් ඉල්ල ගන්න.අන්ත අසරන වුනා මේ වයිටා.වට පිට බැලුවට කවුරුත් නෑ.පන්තියේ පිරිමි ළමයි ටික දෙනෙක් නම් හිටියා.කරන්න දෙයක් නෑ ලජ්ජා බය අතෑරලා ගියා පන්ති එන කලින් වයිටගේ දහම් පාසල් එන පිරිමි ළමයෙක් ගාවට.


මෙන්න මෙහෙමයි වුනේ.

මම - අනේ ප්ලිස් (නම) මං අද මගේ පර්ස් එක දාලා ඇවිත් මට බස් එකේ යන්න රුපියල් 7ක් දෙන්න පුලුවන්ද ?
(දැන් ඉතින් කට්ටිය හිතන්න එපා රුපියල් 7 දුර පයින් යන්න බැරිද කියලා)
පිරිමි ළමයා - මං ගාව ඇති සල්ලියක් නෑ !
(එවෙලෙනම් මට හොම්බට දෙකක් අනින්නමයි හිතුනේ)

දැන් ඉතින් කාට කියන්නද මේ මනුස්සයා ගාව අසරනයෙක්ට දෙන්න රුපියල් 7ක් වත් නැද්ද අප්පා.ඔන්න මේ වෙලාවේ තමයි බෙන් 10 කරලියට එන්නේ.


 බෙන් 10 - ඔයාට බස් එකේ යන්න සල්ලි නැතිද ? මං දුන්නට කමක් නැද්ද?


 මටනම් හිතුනේ මෙහෙමත් පිං වන්තයෝ ලෝකේ ඉන්නවද කියල තමයි.අදුරන්නෙත් නෑ ජිවිතේට දැකලත් නෑ.මොනා වුනත් මට පුලුවන් වුනා "ඔව්" කියලා උත්තරයක් දෙන්න.ඉතින් කොහොම හරි බෙන් 10 මට බොහොම ශ්‍රද්ධාවෙන් රුපියල් 10ක් දුන්නා බස් එකේ යන්න.ඔන්න ඔය පින්තූරේ තියෙනවා වගේ කොලයක් තමා දුන්නේ.


මොන හේතුවකටද මන්දා මට හිතුනේම නෑ නොව ඒ රුපියල් 10 වියදම් කරන්න.ඉතින් මං එදා ජීවිතේ පළමු වතාවට බස් එකේ හොරෙන් ගිහින් රුපියල් 10 ඉතුරු කරගත්තා.දැන් ඉතින් කියන්න එපා වයිටා හරිම කැත ළමයෙක් කියලා.නොකිව්වට මොකො ඔය හැමෝම හොරෙන් දවසක් හරි බස් එකේ ගිහින් නැද්ද ?


ඔන්න ඉතින් කතාව ඊලග දවසටත් ඇදිලා යනවා.ගත්තා වගේම දෙන්නත් එපැ.ඊලග දවසේ මෙන්න මෙහෙම තමා වුනේ.

බෙන් - ආ..හලෝ..අද බස් එකේ යන්න එහෙම සල්ලි තියෙනවද ? 
මම - ආ..ඔව්.කලින් දවසෙ සල්ලි.....
බෙන් - අයියෝ.මටනම් එපා..දුන්නත් ගන්නෙත් නෑ

මම - ඒත් එහෙම බෑනේ.එහෙනම් මම අද බස් එකට ඔයාටත් එක්ක ගන්නම්.

කොහොමහරි වදෙන් පොරෙන් බලෙන්ම වගේ මං ටිකට් එකක් ගත්තා.දැන් ඉතින් මෙන්න මෙහෙම දවසක් එයා ගන්නවා දවසක් මං ගන්නවා.පන්තියේදි දැක්කම හොද හිනාවක් එහෙම දානවා.හායි කියනවා ගුඩ් මෝර්නින් කියනවා මාත් ඉතින් කවදා කාපු කේක් ද ?මං ඉතින් අර දීපු 10 පරිස්සම් කරලා අරන් තියන් ඉන්නවා.වයිටගේ යාලුවොත් දැන් ඉතින් මේ කතාව ටික ටික දන්නවා.කට්ටිය එකට නම දැම්මේ වයිටගේ රුපියල් 10 ලව් එක කියලා.මං තමා නම දැම්මේ බෙන් කියලා මොකද මිනිහගේ කොන්ඩේ ටිකක් ඒ වගෙ අනික අම්මා තාත්තා අයියා ඉස්සහරදිවත් කියවුනොත් මුකුත් හිතන්නත් බැරි නිසා.(මෙහෙම හිටියට මං ටිකක් කපටි නේ )

මටත් ඉතින් මාර හැපි කොස් කට්ටක් වගේ පෙනුම තියෙන මං දිහා එච්චර ලස්සන කොල්ලෙක් බලනවා කිව්වම.දන්නේ නැද්ද නිකන් ජොලියට කට්ටිය විහිලු එහෙමත් කරා.ඔක්කොමත් හරි තාමත් මේ කොල්ලගේ නම ගම පාසල මුකුත් දන්නේ නෑනේ.වයිටගේ යාලුවන්ට ඉන්න බැරි ගායට බෙන් ගැන තොරතුරු හොයන්න මිශන් එකක් දියත් කලා.

ඒ ගැන විස්තර බෙන් 10 පාර්ට් 2 එකෙන් බලාපොරොත්තු වන්න.


8 comments:

  1. වයිටත් ඩබල් වෙලා වගේ...

    රුපියල් දහයෙන් ගොඩ ගිය එකෙක් දැක්කමයි...

    ReplyDelete
  2. ඒකත් ජය සිරි මංගලම් කිව්වලු එහෙනං........

    ReplyDelete
  3. අභීත අයියාගේ ලින්ක් එකෙන් ආවේ. :)

    මාත් තුන් හතර පාරක්ම බස් එකේ හොරෙන් ගිහින් තියෙනවා. ඒක මටනම් මාර වැඩක්. කොයි වෙලාවේ මාට්ටු වෙයිද කියන බයත් එක්ක නොවැ යන්නේ. :)

    ReplyDelete
  4. අභීත අයියා - ඔච්චර ඉක්මනට නිගමන වලට බහින්න එපා කිව්වා :-) !!

    ඉෂාන් - එක දවසක් ගියාට මොකෝ මං නම් ආයේ යන්නෙ නෑ

    ReplyDelete
  5. මමනම් බස් එකේ ගියේ සීසන් එකෙන්, ගෙදරින් දන්නේ නැහැ මට සීසන් ඒක තියෙනවා කියලා මම ගෙදරින් දෙන සල්ලි ඉතුරු කරගත්තා එකෙන් ...

    හැබැයි රුපියල් 10ට මෙයා තාමත් යනදුර ....

    ReplyDelete
  6. මමත් බස් එකේ හොරෙන් ගිහින් තියෙනවා. ඕක ජීවන කුසලතාවක් නෙවෙයිද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  7. එල එල..කොහොම හරි 10 හරි.වයිට හරි යයි.
    කියන්න දෙයක් තියෙනවා.මේ බ්ලොග් එකට ආවේ අද.ලිප කියවන්න පුළුවන් හැමවෙලාවකම එනවා.දිගටම ලියන්න.ජය !

    ReplyDelete
  8. ලෙමන් පෆ් එකේ දෙපැත්තේ බිස්කට් දෙක දීලා ක්‍රීම් ටික කන්න ලබන සතියෙ වරෙන් කිව්ව වගේ පෝස්ටුවේ රසම ටික හංගලානේ???? ඕන් මං බුක්මාක් එකකුත් තියාගත්තා.. ඊළඟ කොටසත් දාන්ටකෝ ඉක්මනට එහෙනම්...

    ReplyDelete