කොස්කද පන්තියේ තමයි වයිටගෙ කෙමිස්ට්‍රි පන්ති තියෙන්නේ.උදේට හෂියගේ හරි මගේ හරි අප්පච්චි ගිහින් බස්සනවා දවල්ට පන්ති ඇරිල බස් එකේ එනවා.හෂියා යන්නේ එක බස් පාරක මං තවත් එකක.ඉතින් ඔන්න ඔහොම දවසක පන්ති ඇරිලා බස් හෝල්ට් එකට අවා.ඇවිත් ටිකට් එක ගන්න බලද්දි පර්ස් එක නෑ.දැන් ඉතින් මොන දෙවියන්ට කියන්නද ඉතින්.හෂියත් නෑ කීයක්වත් ඉල්ල ගන්න.අන්ත අසරන වුනා මේ වයිටා.වට පිට බැලුවට කවුරුත් නෑ.පන්තියේ පිරිමි ළමයි ටික දෙනෙක් නම් හිටියා.කරන්න දෙයක් නෑ ලජ්ජා බය අතෑරලා ගියා පන්ති එන කලින් වයිටගේ දහම් පාසල් එන පිරිමි ළමයෙක් ගාවට.
මෙන්න මෙහෙමයි වුනේ.
මම - අනේ ප්ලිස් (නම) මං අද මගේ පර්ස් එක දාලා ඇවිත් මට බස් එකේ යන්න රුපියල් 7ක් දෙන්න පුලුවන්ද ?
(දැන් ඉතින් කට්ටිය හිතන්න එපා රුපියල් 7 දුර පයින් යන්න බැරිද කියලා)
පිරිමි ළමයා - මං ගාව ඇති සල්ලියක් නෑ !
(එවෙලෙනම් මට හොම්බට දෙකක් අනින්නමයි හිතුනේ)
දැන් ඉතින් කාට කියන්නද මේ මනුස්සයා ගාව අසරනයෙක්ට දෙන්න රුපියල් 7ක් වත් නැද්ද අප්පා.ඔන්න මේ වෙලාවේ තමයි බෙන් 10 කරලියට එන්නේ.
බෙන් 10 - ඔයාට බස් එකේ යන්න සල්ලි නැතිද ? මං දුන්නට කමක් නැද්ද?
![]() |
මොන හේතුවකටද මන්දා මට හිතුනේම නෑ නොව ඒ රුපියල් 10 වියදම් කරන්න.ඉතින් මං එදා ජීවිතේ පළමු වතාවට බස් එකේ හොරෙන් ගිහින් රුපියල් 10 ඉතුරු කරගත්තා.දැන් ඉතින් කියන්න එපා වයිටා හරිම කැත ළමයෙක් කියලා.නොකිව්වට මොකො ඔය හැමෝම හොරෙන් දවසක් හරි බස් එකේ ගිහින් නැද්ද ?
ඔන්න ඉතින් කතාව ඊලග දවසටත් ඇදිලා යනවා.ගත්තා වගේම දෙන්නත් එපැ.ඊලග දවසේ මෙන්න මෙහෙම තමා වුනේ.
බෙන් - ආ..හලෝ..අද බස් එකේ යන්න එහෙම සල්ලි තියෙනවද ?
මම - ආ..ඔව්.කලින් දවසෙ සල්ලි.....
බෙන් - අයියෝ.මටනම් එපා..දුන්නත් ගන්නෙත් නෑ
මම - ඒත් එහෙම බෑනේ.එහෙනම් මම අද බස් එකට ඔයාටත් එක්ක ගන්නම්.
කොහොමහරි වදෙන් පොරෙන් බලෙන්ම වගේ මං ටිකට් එකක් ගත්තා.දැන් ඉතින් මෙන්න මෙහෙම දවසක් එයා ගන්නවා දවසක් මං ගන්නවා.පන්තියේදි දැක්කම හොද හිනාවක් එහෙම දානවා.හායි කියනවා ගුඩ් මෝර්නින් කියනවා මාත් ඉතින් කවදා කාපු කේක් ද ?මං ඉතින් අර දීපු 10 පරිස්සම් කරලා අරන් තියන් ඉන්නවා.වයිටගේ යාලුවොත් දැන් ඉතින් මේ කතාව ටික ටික දන්නවා.කට්ටිය එකට නම දැම්මේ වයිටගේ රුපියල් 10 ලව් එක කියලා.මං තමා නම දැම්මේ බෙන් කියලා මොකද මිනිහගේ කොන්ඩේ ටිකක් ඒ වගෙ අනික අම්මා තාත්තා අයියා ඉස්සහරදිවත් කියවුනොත් මුකුත් හිතන්නත් බැරි නිසා.(මෙහෙම හිටියට මං ටිකක් කපටි නේ )
මටත් ඉතින් මාර හැපි කොස් කට්ටක් වගේ පෙනුම තියෙන මං දිහා එච්චර ලස්සන කොල්ලෙක් බලනවා කිව්වම.දන්නේ නැද්ද නිකන් ජොලියට කට්ටිය විහිලු එහෙමත් කරා.ඔක්කොමත් හරි තාමත් මේ කොල්ලගේ නම ගම පාසල මුකුත් දන්නේ නෑනේ.වයිටගේ යාලුවන්ට ඉන්න බැරි ගායට බෙන් ගැන තොරතුරු හොයන්න මිශන් එකක් දියත් කලා.
ඒ ගැන විස්තර බෙන් 10 පාර්ට් 2 එකෙන් බලාපොරොත්තු වන්න.



