Tuesday, August 28, 2012

උ.පෙ. සාපයක් වුනි !!



ඔන්න ඉතින් වයිටා නැවතත් කරලියේ.උ.පෙ.නිසා මේ පැත්තේ ආවේ නැනේ අවුරුද්දකින් විතර.හරිම දුකයි අනේ.කොහොම වුනත් මේ අවුරුද්දේ අපිට හොද හොද සෙල්ලම් වුනා උ.පෙ.ලියන්න ගිහින්.කලින් අවුරුද්දෙ උ.පෙ.ලියපු අයටත් වෙලා තියෙන සෙතේ පේනව ඇතිනෙ.පළමුවැනියට අපිට තිබුනේ ජීව විද්යාව. 1st එකේ තිබුනා සමහරක් ජීවිතේට අහලා නැති විද්යාත්මක නාම වගයක්.මං හිතන්නේ එව්වා සිලබස් එකේවත් නැද්ද කොහෙද.හරි ඒක අතාරිමුකො.structured එකේ සිලබස් එකේ අහන්න තිබුන හැම අස්සක් මුල්ලක් නෑරම අහලා තිබුනා.අන්න ඒකනම් හොදයි හොරට පාඩම් කරන එවුන් අල්ල ගන්න.ඉතින් වයිටා වගේ ශේප් වෙන්න උ.පෙ. ලියන අයට දෙවියන්ගේම සරනයි.බයෝ පේපර් එකට කලින් දවසේ මාරම එස් එම් එස් තොගයක් ආවා අර මිස් මෙහෙම ගෙස් කරා අර සර් කියනවා මෙහෙම එයි කියලා ළමයි නිකන් පිස්සුවෙන් වගේ ඒවම පාඩම් කරා.හැබැයි ඉතින් සත පහකට වැඩක් වුනේ නෑ ඒ කියපු කිසිම දෙයක් අවේ නෑ.


ඊට පස්සේ තිබුනේ පිසික්ස්.අන්න ඉතින් මං ආසාවෙන්ම කරපු පේපර් එක.සමහරුනම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට බැන බැන හිටියා අමාරුයි කියල.ඇත්තටම ඒකේ තිබුනේ නිර්මානාත්මක ප්‍රශ්න.ඉතින් වයිටා වගේ කටපාඩම් ගිරව් නොවන අය හැමෝම හොදට ඒක කරන්න ඇති.ඔන්න ඊට පස්සේ තමා හොදම හරිය.වයිටගේ ආසම විශයක් තියෙනවනම් ඒ තමා කෙමිස්ට්‍රි.බොහෝම හිත සතුටින් ගියා පේපර් එක කරන්න.පේපර් එක බෙදුවම පුරුද්දට වගේ අපි හැමෝම බලන්නේ ආවර්තිතා වගුවයි ලඝු පොතයි තියෙනවද කියලා.ඔන්න බලන්නකො ඒ දෙකෙන් එකක්වත් නැ.මුළු හෝල් එකේම ළමයි මූණට මුණ බලන් ඉන්නවා ඒ දෙක දෙනකම්.බැරිම තැන වයිටා ඇහුවා එතන හිටිය මිස් ගෙන්.

" මිස් අපිට ආවර්තිතා වගුව දෙන්නේ නැද්ද?"

ඒ මිස්නම් දැනන් හිටියේ නෑ  ආවර්තිතා  වගුව මොකක්ද කියන එකවත්.ඉතින් මිස් දුවලා ගිහින් ඇහුවා ශාලාධිපතිතුමාගෙන්.ශාලාධිපතිතුමා හොයල බලද්දි මේ පාර එවලා නෑ ආවර්තිත වගුව.අවුරුදු 2ක් තිස්සෙ mcq පේපර් එකට ටර්ම් ටෙස්ට් එකට පන්ති වල ටෙස්ට් වලට හැමදාමත් දිලා එක පාරටම උ.පෙ.ට දෙන්නේ නෑ කිව්වම අපි කොච්චරනම් අසරන වුනාද කියල අපි විතරෛ දන්නෙ.දෙන්නේ නැත්නම් කලින්ම කියන්න තිබුනා අපි කවියක් හරි සින්දුවක් හරි තාලෙට මොන විදිහකට හරි පාඩම් කරන් එනවා.1980 ගනන් වලට පස්සෙ පළමු වැනි විබාගය තමයි ආවර්තිතා වගුවක් නැතුව කෙමිස්ට්‍රි mcq පේපර් එකක් දුන්නේ.

මෙන්න අර කරුමක් කාර ආවර්තිතා වගුව.
මේ ප්‍රශ්න විසදන්නම විනාඩි 5ක් විතර ගියා.ඒ මදිවට පේපර්ස් මදි වෙලා වයිටට පේපර් එක හම්බවුනෙත් විනඩි 2ක් 3ක් පරක්කු වෙලා.පස්සේ ඒක දුන්නේත් නැ.සමහර ළමයි මතක හැටියට අර සා.පෙ.කරන කාලේ මුල 20 පාඩම් කරපු කවිය පිහිටෙන් කටුවැඩ කොලේ ලියා ගත්තා.ඒකටත් තව විනාඩි 3ක් විතර යන්න ඇති.මතක නැති ලමයින්ට හුලන් තමා.සාමානයයෙන් අපිට පැය 2ක් විතර තමා දෙන්නේ mcq පේපර් එකට. mcq 50ක් තියෙනවා.පැය 2 විනාඩි වලින් 120යි.120 , 50න් බෙදුවම එක mcq එකකට ලැබෙන්නේ විනාඩි 2.4ක් විතර.සමහර ප්‍රශ්න කියවපු ගමන් උත්තර එනවා සමහර එවා සුලු කරන්න ඔනේ.ඉතින් වෙලාව බැලන්ස් කරන්නේ හරිම අමාරුවෙන්.

ඊළගට මට ඔනේ කරේ ලගු පොත.ඔය කෙමිස්ට්‍රි කරපු උදවිය දන්නවා අති ගනන් හදන්න දශම ගනන් සුලුකරන්න වර්ග මූල සොයන්න ලඝු ඔනේ කියලා.මට උවමනා කරා ගානකට වර්ග මූල 6 කියන්නේ මොකක්ද කියලා දැනගන්න.ඉතින් මං මිස්ගෙන් ඇහුවා " මිස් අපිට ලඝු පොත දෙන්නේ නැද්ද ? " කියලා. " ඒක ආවෙ නෑනේ" කියලා මිස් කිව්ව අඩුම තරමේ ශාලාධිපතිගෙන්වත් ඇහුවේ නෑ.අන්තිමට මට වුනේ එතන තිබුන උත්තර වැඩි කර කර 6 එන්නේ මොකටද කියලා හොයන්න.හිතන්නකො තරග විබාගයකදි ඒ වගෙ අවස්තාවක කොහොම කරාද කියලා.ඇඩුනේ නැති ටික විතරයි.

තවත් ගනනක 0.138 , 277 බෙදාගන්න ඔනෙ වුනා.කරගන්න බැරිව මං අමාරුවේ වැටුනු තරමක්.කලබල වුන තරමට තව කොච්චරක්නම් ඒව වරදින්න ඇතිද මට වගේම අනිත් ළමයින්ටත්.කොහොම හරි පේපර් එක කරා කියමුකො.හොදම කොටස තමයි දැන්.වයිටගෙ යාලුවෝ 4දෙනාම හිටියේ එහා පන්තියේ එකම හෝල් එකේ.ගෙදර යන්නේ ඔක්කොම එකටනේ.එලියට ඇවිත් වයිටා කිවාම
 " බලන්නකෝ හෂියෝ ආවර්තිතා වගුවත් නෑ ලඝු පොතත් නෑ මාර පේපර් එක තමා " කියලා හෂියා කිව්වේ නැතැ
 " ආ..ඔයාලට ලඝු හම්බුනේ නැද්ද අපිටනම් ලැබුනා" කියලා.

 බලනකොට අපෙ පන්තියටයි එහා පන්තියටයි විතරයි මුලු හෝල් එකෙන්ම ලඝු ලැබිලා නැත්තෙ.කාට කියන්නද ඉතින් මේවා.විබාග දෙපාර්තුමේන්තුවට පැමිනිලි කරාම මිස්වයි ශාලාධිපතිතුමයි අයින් කරා.ඒත් ඉතින් අපිට වෙච්ච අසාධාරනය නැති වෙනවද? වැරදුන ප්‍රශ්න හරියනවද?අපිත් නිකන් අහක යන පවු වලට කර ගහනවා ගුරුවරයෙක්ගේ රස්සාවක් නැති කරලා.

මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ අපේ ජීවිත එක්ක.හරි ෆන් ඇති එයාලට ඉතින්.මටනම් දෙවෙනි වතාවක් කරන්න වෙනවානම් වෙන්නේ  කෙමිස්ට්‍රි mcq පේපර් එක නිසා තමයි.ඔක්කොමත් හරි.උ.පෙ.ඉවර වෙලා ගෙදර එන්න බස් එකේ නගින්න ඇවිදගෙන යද්දි ගිය අවුරුද්දේ උ.පෙ.කරපු අයියලා අක්කලා කට්ට අව්වේ පෙත්සමක් අත්සන් කරනවා.හොදට විපරම් කරල බැලුවම කොස්කද පන්තියේ අපිට උ.පෙ.ගොඩ දාගන්න උගන්නපු අයියලා අක්කලා තම්යි හිටියේ.අපි දන්නවනේ එයාල අපිට පාඩම් කියල දුන්න විදිහට එයාල කොච්චර දක්ශද කියලා.අපිත් ඉතින් අත්සනක් දාලා ආවා.දැන් ඉතින් අපිට වෙලා තියෙන්නේ අපේ පේපර්ස් බලන්න කියලා පෙලපාලියක් යන්න.නැත්නම් අපිටත් වෙන්නේ උ.පෙ.රිසල්ට්ස් එනකම් ගෙදරටම නාකි වෙන්න.

3 comments:

  1. අනුර එදිරිසිංහ මැතිතුමා නැති කරපු විභාග දෙපාර්තමේන්තුව ගොඩ දාන්න තව විභාග කොමසාරිස්වරු දහ දෙනෙකුටවත් බැරි වෙයි වයිටො.. ජයන්ත පුෂ්ප කුමාර කියන්නේ දැඩි තීරණ තියෙන කෙළින් මිනිහෙක්... ඔහුටත් ඕක මැජික් එකකින් වගේ හදන්න බැරි නිසා තව කාලයක් යනකන් ලමයින්ට මේ වගේ දහසක් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙයි...

    කොහොමත් නැවත ගොඩ බැහැපු එක හොඳයි..

    ReplyDelete
  2. ආශ්චර්යය උනාම ඔහොම තමයි ,අලුත් ආරම්භයට සුභ පැතුම් !

    ReplyDelete
  3. පුදුම දේවල් මේ රටේ වෙන්නේ...
    ඔයාල වැටුන අමාරුව තේරුම් ගන්න පුළුවන්.
    අපේ පාරත් ඕ ලෙවල් වල ඔහොම දේවල් උනා.. සමාජ අධ්‍යන පේපර් එකේ සිතියම සමහරුන්ට ලැබිල තිබ්බේ බොඳ වෙච්ච එකක්. කොහොම හරි මගේ එක උන හැදිලා අසනීපෙන් හිටිය යාලුවෙක් හිතල තියෙන්නේ එයාගේ අසනීපෙ නිසා බොඳ වෙලා පේනවා කියල! බුද්ධාගම පේපර් එකේ පරණ සිලබස් එකේ ප්‍රශ්න දාල මම ලොකු අමාරුවක වැටුන. ඒත් ඉතින් ඒවා ඕ ලෙවල් නේ. තරඟ විභාගයක් නෙවෙයි. ඒ ලෙවල් වල ඔය වග සිද්ධි වෙනවා කියන්නේ හරිම පව් වැඩ.

    ReplyDelete