මුලින්ම උ.පෙ. පන්තියට ආපු කාලේ අයියලා අක්කලාගෙන් අහගෙන තමා අපිත් පන්ති ගියේ.ජීව විදයාව කරන නිසා හොදම පන්ති වලට යන්න ඔනෙ කමකුත් තිබුනා.පිසික්ස් වලට තොර ගත්තෙ හිස්සැල්ල සර්.(තෝර ගන්න දෙයක් තිබුනේ නෑ.මුල දවස්වල හැමෝම වගේ ගියේ සර් ගාවට තමයි)දැන්නම් අපි හිස්සැල්ල ගාවට නොගියට ඒ දවස්වල වුන රසවත් සිදුවීම් තියෙනව කියන්න සර් ගැන.
සර්ගේ පන්තියේ මාර සැප වෙන පන්ති වලට සාපේක්ෂව ගත්තම.කුශන් කරපු බංකු තමා තිබුනේ.වෙන ඒවල ලෑලි බංකුවේ රෝස් වෙවි හිටියේ.හොදට ඒ.සි. එහෙම කරලා කූල් එකේ තිබුනේ.ලස්සන පාට පාට ගනන් පුරුවපු ටියුට් එහෙමත් දෙනවා.පන්තියේ ඉන්න ඔනේ ඉද්ද හිටියා වගේ කෙලින්.හෙලවෙන්න බැ.ලග ඉන්න එකා එක්ක කතා කරනවත් බෑ.ප්‍රශ්නයක් තියෙනවානම් සර්ගෙන් තමයි අහන්න ඔනේ.මුනේ අත තියන් ඉන්න බෑ.ඩෙස්ක් එකේ දිගා වෙලා ඉන්න බෑ.මේසෙට බරවෙන්න බෑ.වට පිට බලන්න බෑ.පන්ති වෙලාවේ මුකුත් කන්න එහෙම බෑ.ජංගම දුරකත පාවිච්චි කරන්නත් බෑ.මතකයි දවසක් සර් කොල්ලෙක්ගේ ෆෝන් එකක් කෑලි කෑලි යන්න පොලොවෙ ගැහුවා.අපරාදේ ඒක අලුත්ම Sony Ericsson express music එකක්.බැටරිය විසික් වෙලා ආවේ මං ගාවට.
දන්නවනේ ඉතින් මටයි මගේ යාලුවන්ටයි තිබ්බ පනු ගායේ හැටියට මේක නිකන් දන්ඩ නීති සංග්‍රහය වගේ වුනා.කොහොම වුනත් හිස්සැල්ලට තියෙන බයටම ඔක්කොම ඉවසන් හිටියා.අපේ කට්ටියට ඉතින් කොහොමත් රටේ නැති බාහිර වැඩ ඒ දවස්වල.සර්ගේ පන්තියට අඩි 60ක් වත් නැති වුනාට හැමදාම අපි පන්ති එන්නේ පන්ති පටන් අරන් විනාඩි 10ක් 15ක්විතර ගියාට පස්සේ.පුදුමේ කියන්නේ අනිත් ලමයි සර්ට බයේ ගැහෙද්දි අපිට ගානක්වත් නොතිබුන එක.කාර්ඩ් මාර්ක් කරන අක්කටයි අයියටයි අපිව හොදට මීටර්.අතුලට එනකොටම අහන්නේ "අදත් පරක්කුයි නේද ?මොකක්ද ඉස්කෝලේ තිබුන බාහිර වැඩේ ?" කියල තමයි.
කතා අංක 01
දවසක් අපි ආෆ්ටර් ස්කූල් ඉදලා හෙම්බත් වෙලා 3.30 විතර පන්ති ආවා.ඉදගන්න ලැබුනේ මැදක් හරියේ වෙන්න.හිස්සැල්ල සර් පන ඇරගෙන බල සමතුලිතතාවය උගන්නවනවා.අපිත් සර්ට පේන්න නැති වෙන්න අතින් කට වහන් ඈනුම් අරිනාවා.අපේ ඔබාමට එපාම වෙලා හිටියේ.මේ බලන් ඉදිද්දි ඇහ පිය වෙනවා.සර් දෙතුන් පාරක්ම අපි දිහා බලපු නිසා අනිත් ටික අලු ගසල ඇස් පිහදාල බාගෙට නැගිටිලා හිටියේ.
සර්ගේ ක්ලිප් ඕන් මයික් එක දෙදරුවා.සර් එක පාරටම අපේ පැත්තට්ට ඇගිල්ල දික් කරා.
සර් : " ඔය 20 වෙනි පෝලිමේ මැද ඉන්න කන්නඩි දාන ***** පාට ටයි එකක් දාගෙන ඉන්න පුතා.නැගිටින්න බලන්න"
හෑ?? මට නේද කිව්වේ.මගේ සරුවාන්ගෙම ගැහෙනව දැන්.කකුල් දෙකට පන අරන් මම කොහොම හරි නැගිට්ටා.
සර් : " නෑ නෑ ඔය පුතා නෙවෙයි.ඔය පුතාට එහා පැත්තෙන් ඉන්න කන්නඩි දාන පුතා"
විලි ලජ්ජාවේ සන්තොසේ බෑ.මං ඉතින් උලමා වගේ ඉදගත්තා.සර් කතා කරල තියෙන්නේ ඔබාමට.ඌ තාමත් හීන ලොකේ හැබැයි.ලප දමයන්ති කොහොම හරි ඇනල කරල ඔබාමව ඇහැරවලා නැගිට්ටෙව්වා.
සර් : "පුතා කියන්න බලන්න බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව තියෙන්න බලපාන්න ඔනේ කරුනු මොනාද කියලා ? "
ඈ? ඒ මොකක්ද ඒ වගේ ඔබාම සර් දිහා බැලුවා.
සර් : " ඇයි පුතා මතක නැද්ද මේ දැන්නේ කියලා දුන්නේ"
අපිට ඉතින් දෙලොවම රත් වෙලා.එලෝ මෙලෝ පේනවා.මේකි හොදට හිනා වෙවි ඉන්නවා.මම නිකන් ඔලුව උස්සලා බලද්දි බෝර්ඩ් එකේ ලස්සන සර් ලියල තියෙනවා උත්තර ටික.කොහෙද ඉතින් ඔබාමට ඒක පේන්නත් ඇහරල ඉන්න එපැයි.තප්පර 30ක් විතර ගියා.මූ තාමත් හිනා වෙවි ඉන්නවා.
සර්: "පුතා පාඩම අහන් නෙවෙයිද හිටියේ ?"
අපි හැමෝම අත්දැකිමෙන් දැනන් හිටිය විදිහට ඊට පස්සේ සර් සෑහීමකට පත්වෙන විදිහේ උත්තරයක් නොදුන්නොත් කෙල්ලෙක් හෝ කොල්ලෙක් වේවා ඒක ඉවරටම ඉවරයි කියලා.වෙන එකෙක් නම් (කොල්ලෙක් පවා) මෙලහකට කලන්තේ දාල.මේකි හිනා වෙවිම ඉන්නව.අම්මපා!
ඔබාමා: (මූ තාම නිදි මතේ) අනේ නෑ සර්.මම අහන් නෙවෙයි හිටියේ.
අනේ ඇත්තට මුගේ මොලේ.වෙන මුකුත් තිබ්බේම නැද්ද කියන්න.පන්තියේ කෙල්ලො කොල්ලො ඔක්කොම උඩට ගත්ත හුස්ම බිමට නෑර බලන් ඉන්නවා.ඔබාමත් හිනා වෙනවා.සර්ගේ කටටත් යන්තම් හිනාවක් ඇවිත්.
සර් :"මීට පස්සේ එහෙම ඔහොම බෑ පුතා.ඇයි අහන් හිටියේ නැත්තෙ?"
සර් : " හිනාවුනා ඇති නේද පුතා.ඉදගෙන පාඩම අහගන්න"
සර් : "දැන් ඉතින් ඉදගන්න ! "
ඔබාමා : -පුලුල් සිනා-
සර් : " කිව්වම ඉදගන්න !!! "
ඔබාමා : -දත් 32ම පා සිනා-
ඉදගනින් යකෝ හිනා වෙවි ඉන්නේ නැතුව.මම ගවුමෙන් ඇදලා ඔබාමව ඉදෙව්වා.ඌ තාමත් උඩ බිම බල බල.සර්ත් නිකන් අන්ද මන්ද වෙලා බලන් ඉදල පාඩම පටන් ගත්ත.කොහොම කොහොම හරි පන්ති ඉවර වුනා.අපි තමයි පන්තියෙන් අන්තිමටම යන්නේ වොශ් රූම් එකේ ලැගල ඉදල පච හලලා.පහලට බහින ගමන් ඔබාමා.
"මේ අද පන්තිය වෙලාවෙ මම ශොක් හීනයක් දැක්ක මම නිදන් ඉදල සර් මාව නගිටවලා මම සර් එක්ක හිනා වෙවි හිටියා'
පිස්සුද ඕයි ඒක හීනයක් නෙවේයි.අත්තටම තමුසෙ එහෙම ගොන් වැඩක් කරා.!!
ඔබාමා පිලිගන්නෙම නෑ අපි කිව්ව දේ.හිතන්නේම හීනයක් කියලා.
පහලට යද්දි හිස්සැල්ල සර් ඉන්නවා.
සර් : " ආ..නිදා ගන්න පුතා.මීට පස්සේ ඇහැරන් ඉන්න ඔනේ"
සර්ගේ කතාව අහපු ඔබාමා දියෙන් ගොඩ දාපු මාලුවා වගේ ගැහෙනවා.
ඔබාමා : ( ටොයින්ග් !)අනේ සර් හිතල නෙවෙයි කරේ.මං එවෙලේ හිතාල නෙව්යි කතා කරේ.අනේ සර් !
සර් : (හිනාවෙමින්)"කමක් නෑ පුතා.හැබැයි අදට විතරයි.මීට පස්සේ අවදානෙන් අහන් ඉන්න ඔනේ'
ඔබාමා : "අනේ හරි සර්.ආයේ කරන්නේ නෑ"
වීරය වගේ එවෙලේ හිටියට මොකද මේ ඩින්ගට දාඩියත් දාල ඔබාමට.
මට වෙන පන්තියක් වැටිලා සර්ගේ ගෲප් ක්ලාස් එකෙන් මාස් එකට මාරුවක් ගන්න ඔනේ වුනා.කවුන්ටරෙන් කිව්වා සර් එක්ක අම්මා හරි අප්පච්චි හරි කතා කරල තමයි මාරු වෙන්න පුලුවන් කියලා.ඉතින් දවසක පන්ති ඇරිලා අම්මයි මායි හිටියා සර්ව හම්බවෙන්න.සර්ට කොහොමත් අපේ පරක්කු වීම් පන්තියේ ඈනුම් ඇරීම් ඔබාම හැමදාමත් පන්ති කාර්ඩ් එක නැති කරගන්න නිසාත් තව තව අපේ නසරානි වැඩ නිසා සෙට් එක පිටින්ම මීටර් වේලා තිබුනේ.
මම : "සර්ව හම්බවෙන්න ආවේ සර් පන්තිය මාරු කරගන්න"
මං මගේ ගැටලුව කියලා පන්තිය මාරු කරගත්ත.සර් කාර්ඩ් එක ඉල්ලුවා මාර්ක් එකක් දාල දෙන්න.අපේ අම්මල අප්පච්චි එහෙම ඉන්නව නේද.පලමු වතාවට තමයි මාව ගන්න පන්තියකට ආවේ.සර් කලුද සුදුද කියලා දැක්කෙත් එදාමද කොහෙද.සර් හිනාවක් එහෙම දාල කාර්ඩ් එක අතට අරන්න් අම්මගෙන් ඇහුවා
සර් : " කොහොමද දුව එහෙම ගෙදරදි වැඩ එහෙම කරනවද ? "
අපේ අම්මා : "මොන පිස්සුද සර්.දැන් ගෙදර ගිහින් කොම්පුටරේ බදාගෙන ඉදිවි. ගේම් ගහාවි.පොතක් පතක් අල්ලන්න ඔනේ නැ.අඩුම තරමේ ගෙයක් දොරක්වත්අතුගාන්නේ නෑ"
සර් නිකන් බැලුවා මං දිහා අර බල්ලෙක් පාරේ දාපු දෙයක් දිහා බලනවා වගේ.හිතන්නකො මෙවෙලේ හිස්සැල්ල සර්ගේ රිඇක්ශන් එක කොහොම වුනාද කියලා.
සර් : " ගන්නවා බලන්න හෝම් වර්ක් පොත"
මම : " ඒක වාහනේ ඇතුලේ සර්"
සර් : "ගිහින් ගේනවා ඒක මගේ මූන දිහා බලන් ඉන්නේ නැතුව."
අපේ අම්මත් සර්ගේ කෑගැහිල්ලට බය වුනාද මන්දා.ක්ලාස් එකෙ වහල හෙල්ලුනාද මන්දා.
සර් : "ඉතින් මොනාද තවත් බලන් ඉන්නේ දුවනවා ගිහින් පොත් ටික අරන් එනවා !!පන්තියේ ඈනුම් ඇර ඇර හීන ලෝක වල ඉදගෙන.එන්නේ හැම දාමත් පරක්කු වෙලා.අම්මලා තත්තලාගේ සල්ලි නාස්ති කරන කාලකන්නියො.ජාතියක් ගොඩ නැගෙන්න කොහොමද මේ වගේ වැඩ කරද්දි..හ්ම්ම්..ඉක්මන් කරන්වා.යනවා.මට මෙතන රෑ වෙනකන්ම බලන් ඉන්න බෑ"
මගේ පපුව ගැලවිලා අතට එන තරමට මාව හොදටම බය වෙලා.වෙව්ලනවත් එක්ක.මං අම්මවත් අරන් හෝම් වර්ක් පොත අරන් එන්න කියලා එලියට බැස්සට මොකද පස්ස නොබල පන්තියෙන් දුවල දුවල ගිහින් වාහෙන නැග්ගේ.අම්මත් බය වෙච්ච පාර මුකුත් ඇහුවෙත් නැතුව වාහනේ ස්ටර්ට් කරන් ආව.අම්මා දන්නවා මම කවදාවත් ගෙදර වැඩ නම් නොකරන විත්තිය.පෙන්නන්න පොතක් තියෙන්න එපැයි මං ගාව.
සර් ගාව මගේ කාර්ඩ් එක.එතනට වෙලා බලන් ඉන්නව ඇති මම එනකන්.එදා තමයි මම හිස්සැල්ල සර්ව අන්තිමටම දැක්කේ.මම එදාට පස්සේ ඒ ඉන්ස්ටියුට් එක ලග පාතින්වත් ගියේ නෑ.මාර දුකයි වුන දේ ගැන නම්.සර් ඊට පස්සේ සතියේ අහලා තියෙනවා ඔබාමාගෙන් අර සුදු පාට කන්නඩි දාන ලමය කෝ කියලා.ඔබාම ගත් කට ටම කියලා එහෙම කෙනෙක් අදුරන්නේ නෑ කියලා.එදා ඉදන් ඔබාමා පන්ති යන්නෙත් නෑ.අපේ හෂියනම් පන්ති නරතර කලේ එක විදිහකට ඉදන් ඉන්න බැරි නිසාමයි.ලප දමයන්ති පරක්කු වෙලා පන්ති ගිහින් බැනුම් අහලා එයත් ඊට සති 2කට පස්සේ පන්ති නතර කරා.අද දැක්කත් සර්ටනම් අපිව මතක ඇති.ඒ අපි දග වැඩ කරාට හැම දාම පන්ති පටන් ගන්න කලින් දෙන විබාගෙන් වැඩිම ලකුනු ගන්න නිසා වෙන්නැති.
ඔන්න ඔහොමයි වයිට් කන්නාඩි ඇතුළු පිරිස හිස්සැල්ල සර්ගේ පිසික්ස් පන්ති ගියේ.
ප.ලි. - දැන් යන පන්තියෙත් මෙච්චරම තමයි.වයිට් ඇතුළු පිරිස තාම පාඩමක් නම් ඉගෙන ගෙන නෑ නේ.