මම ලංකාව අතෑරල මෙහේ ඇව්ත් අවුරුදු 2ක් වෙනවා.බ්ලෝග් එකක් කරාද කියලා මතකයක්වත් තිබුනේ නෑ හිතේ. කවුද මංද කමෙන්ට් එකක් දාල ගිහින් තිබිලා නිසා නොටිෆිකේශන් එකක් ආවා.ඔන්න ඔහොමයි ඉතින් මේ දවස් වල තත්වේ. වයිටා දැන් ඉන්නේ රුසියාවේ. රුසියාවේ ඉදන් හොස්ටල් එකේ ජනේල් කූරු ගනන් කරනවා. ඇත්තම කිව්වොත් බ්ලෝග් බලන එක කියවන එක ඔක්කොම අමතක වෙලා වෙනස්ම ජීවිතයක් ගත කලේ. හිතා ගන්න බැරි තරමට වෙනසක් ඇතිවෙලා මටම හිතා ගන්න බෑ. මොනා කරන්නද ඉතින් ජිවිතේ හැටි මෙහෙමයි කියල හිත හදා ගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.
වයිටගේ යාලුවො නම් හොදට ජොලි දානවා ලංකාවේ. ඔබියා දැන් නීති පීඨයේ. මන්දයා අණුක ජීව විද්යාව කොරනවා. ලප දමයන්ති කෙමිස්ට්‍රි ස්පෙශල් එකක්. ආ...අන්තිමට හෂියා දෙවෙනි වතාවේ ප්‍රතිපල වලින් ලංකාවේ 19 වැනියා වෙලා මෙඩිකල් ෆැකුල්ටියට ඇතුල් වුනා.
ඉතින් කොහොම හරි කැරකිලා කැරකිලා වයිට නතර වෙලා ඉන්නේ රුසියාවේ. මෙහ ජිවිතේ ඇත්තටම කිව්වොත් බිත්ති හතරකට කොටු වෙලා තමයි.කොහේ යන්නද යනවා කියලා. අවුරුද්දෙන් මාස 6ක් ම හිම ඉතුරු මාස 3ක් විතර චුරු චුරු වැස්සයි හිමයි අතර මැද කාලය. ඉතුරු මාස 3ත් අව්ව පායල තියෙන්නේ ඇත්තටම මාස එක හමාරක් වගේ.කාලගුනේ වගේම මෙහෙ ඉන්න මිනිසුන්ගෙත් හිත ගල් වෙලා.
ඉතින් කොහොම හරි වයිට දැන් 2වෙනි වසර අවසාන සෙමෙස්ටරේ ඉන්න මෙඩ්ඩෙක්. මේ දවස්වල අවසාන විභාග. පුරුදු පරිදි අනිත් ළමයි පාඩම් කරන අස්සේ වයිටා කරන්නේ හොදට රෙද්දක් පොරවගෙන නිදා ගන්න එක. මාසෙකින් විතර ගෙදරත් එක්ක කතා කොරලත් නෑ. නැගිටින කොට මිස් කෝල් 30ක් විතර අම්මාගෙන්.ඔන්න ඉතින් හෙට අන්නිදට අම්මා මගේ බෙල්ල මිරිකන්න බලාගෙන ඇති.
මොනා වුනත් බ්ලොග් එක ගැන මතක් වෙන්න කමෙන්ටුව දාපු කෙනා බුදු වෙන්න ඔනේ. මගේ කතා පෙළ ආයෙත් පටන් ගන්නම්. කට්ටියට කුතුහලේ දීලා අතුරුදහන් වෙන එක ගැන නම් සමා වෙන්න ඔනේ. එහෙනම් ඉතින් ආයෙත් බොරු පොරොන්දු දෙන්නත් එක්ක වයිටා ආපහු ආවා කියලා හිතා ගමු.....