
හම්මෝ. මට වුන දෙයක්. කෙටියෙන් කිව්වොත් 2012 ඉදන් 2013 වෙනකන් මොකෝ වුනේ කියලා. මෙන්න මෙහෙමයි කතාව.බැන බැන මාත් ඔහේ උ.පෙ. කරා කියලා කට්ටියට මතක ඇතිනේ. වෙච්ච සිද්ධි නිසා ආයේ නම් ෆේල් වුනත් උ.පෙ. කරන්නේ නෑ කියන තීරනේට වයිට ඇවිත් හිටියේ.එක පාරක් කරලා වෙච්ච හරිය මැදෑ ඉතින්. ඔක්කොටම කලින් උ.පෙ. රිසල්ට් කියන්නම් කෝ. Chemistry - B , Physics - A , Biology - C ( Physics A එකක් වුනේ රී කරෙක්ශන් දැම්මට පස්සේ නේ. ) නරකමත් නෑ ඉතින් කරපු තාලේ හැටියට.මේ රිසල්ට් වලින් මෙඩිසින් කරන්න යනවා කියන්නේ ඉතින් හීනයක් තමයි.වයිටගේ මිතුරු කැළට මීට වඩා ගොඩක් හොද රිසල්ට් තිබුනට කාටවත් මෙඩිසින් කරන්න මදි.ඇත්තටම කිව්වොත් මට තමයි අඩුම.
කොහොමෙන් හරි උ.පෙ. රිසල්ට් එනකන් හැමෝම ආයේ දෙවෙනි වතාවක් කරන්න පන්ති යනවනේ.වයිට නම් එක හොදටම එපා වෙලා හිටියේ. ඉතින් කොහොම හරි වයිටගේ අහිංසක යාලු කැළ ආයේ ටියුෂන් පදින අස්සේ වයිට ට වුනේ ගෙදරට වෙලා වහලේ පරාල ගනන්න් කරන්න තමයි.කට්ටිය හිතනවා ඇති කොච්චර දෙයක්ද ගෙදරට වෙලා ඉන්න එක ටීවි බලන්නයි මූනු පොතේ ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි පුලුවන් කියලා.මගේ අම්මෝ ඔය කිව්වට ඉදලාම බලන්න ඔනේ.මාසයක් විතර ගෙදරටම වෙලා ඉන්න කොට ඊට වඩා පන්තියකට ගිහින් යාලුවොත් එක්ක පචයක් හලන එක නම් දාහෙන් සම්පතයි කියලා හිතෙනවා.පන්ති නොගියට වයිට ගේ දවසින් බාගයක් විතර ගෙවුනේ යාලුවොත් එක්ක රස්තියාදුවේ යන්න තමයි. දෙවෙනි වතාවේ උ.පෙ. කරන කොට පළවෙනි වතාව වගේ ගෙදර කට්ටිය ටීචර්ස්ලා එහෙම පස්සෙන් එලවන්නේ නෑ නේ.එක පාරක් කෙළවගෙන දෙවෙනි වතාවෙත් එකම කරගන්නේ නැ කියලා එයාල දන්නවා.
ඒ ඕප දූප වලින් වැඩක් නෑ කියමුකෝ දැන්.කොහොම හරි ගෙදරට වෙලා ඉන්න එපාම වුන නිසා වයිටා තීරණය කරා මොකක් හරි කෝස් එකක් කරන්න.කරන්න වාලේ මුකුත් කරන්න බැරි නිසා වයිට දැම්ම බ්‍රිතාන්ය කවුන්සිලයට ඇප්ලිකේෂන් එකක්. පොඩි විබාගයකුත් තිබුනා ඇතුලත් කරගන්න.කොහොම හරි වයිට තේරුනේ වයසට වඩා උසස් පන්තියකට.එතන දි තමයි වයිටගේ ජීවිතේ හැරවුනේ.හැරවිලා කැරකිලා මෙතනට ආවේ.
මෙතන කියන්නේ කොතනට ද කියලා පස්සේ පෝස්ට් එකකදි කියන්නම්.පොඩ කුතුහලයක් නැතුව වැඩකුත් නෑ නේ.
මෙතන කියන්නේ කොතනට ද කියලා පස්සේ පෝස්ට් එකකදි කියන්නම්.පොඩ කුතුහලයක් නැතුව වැඩකුත් නෑ නේ.
යකෝ මේක හරි කෙලියක්නේ... කාලෙකින් ඇවිල්ල කුතුහලෙත් දාන්න තරම්.... මොනවා උනත් වෙල්කම් බැක්..
ReplyDeleteතෑන්ක් යූ වේවා.. !!! :D
ReplyDelete