Showing posts with label එදිනෙදා ජීවිතේ. Show all posts
Showing posts with label එදිනෙදා ජීවිතේ. Show all posts

Wednesday, June 18, 2014

ජිවිතේ මෙන්න මෙහෙමයි ඉතින්...




මම ලංකාව අතෑරල මෙහේ ඇව්ත් අවුරුදු 2ක් වෙනවා.බ්ලෝග් එකක් කරාද කියලා මතකයක්වත් තිබුනේ නෑ හිතේ. කවුද මංද කමෙන්ට් එකක් දාල ගිහින් තිබිලා නිසා නොටිෆිකේශන් එකක් ආවා.ඔන්න ඔහොමයි ඉතින් මේ දවස් වල තත්වේ. වයිටා දැන් ඉන්නේ රුසියාවේ. රුසියාවේ ඉදන් හොස්ටල් එකේ ජනේල් කූරු ගනන් කරනවා. ඇත්තම කිව්වොත් බ්ලෝග් බලන එක කියවන එක ඔක්කොම අමතක වෙලා වෙනස්ම ජීවිතයක් ගත කලේ. හිතා ගන්න බැරි තරමට වෙනසක් ඇතිවෙලා මටම හිතා ගන්න බෑ. මොනා කරන්නද ඉතින් ජිවිතේ හැටි මෙහෙමයි කියල  හිත හදා ගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.


වයිටගේ යාලුවො නම් හොදට ජොලි දානවා ලංකාවේ. ඔබියා දැන් නීති පීඨයේ. මන්දයා අණුක ජීව විද්යාව කොරනවා. ලප දමයන්ති කෙමිස්ට්‍රි ස්පෙශල් එකක්. ආ...අන්තිමට හෂියා දෙවෙනි වතාවේ ප්‍රතිපල වලින් ලංකාවේ 19 වැනියා වෙලා මෙඩිකල් ෆැකුල්ටියට ඇතුල් වුනා.

ඉතින් කොහොම හරි කැරකිලා කැරකිලා වයිට නතර වෙලා ඉන්නේ රුසියාවේ. මෙහ ජිවිතේ ඇත්තටම කිව්වොත් බිත්ති හතරකට කොටු වෙලා තමයි.කොහේ යන්නද යනවා කියලා. අවුරුද්දෙන් මාස 6ක් ම හිම ඉතුරු මාස 3ක් විතර චුරු චුරු වැස්සයි හිමයි අතර මැද කාලය. ඉතුරු මාස 3ත් අව්ව පායල තියෙන්නේ ඇත්තටම මාස එක හමාරක් වගේ.කාලගුනේ වගේම මෙහෙ ඉන්න මිනිසුන්ගෙත් හිත ගල් වෙලා.

ඉතින් කොහොම හරි වයිට දැන් 2වෙනි වසර අවසාන සෙමෙස්ටරේ ඉන්න මෙඩ්ඩෙක්. මේ දවස්වල අවසාන විභාග. පුරුදු පරිදි අනිත් ළමයි පාඩම් කරන අස්සේ වයිටා කරන්නේ හොදට රෙද්දක් පොරවගෙන නිදා ගන්න එක. මාසෙකින් විතර ගෙදරත් එක්ක කතා කොරලත් නෑ. නැගිටින කොට මිස් කෝල් 30ක් විතර අම්මාගෙන්.ඔන්න ඉතින් හෙට අන්නිදට අම්මා මගේ බෙල්ල මිරිකන්න බලාගෙන ඇති.

මොනා වුනත් බ්ලොග් එක ගැන මතක් වෙන්න කමෙන්ටුව දාපු කෙනා බුදු වෙන්න ඔනේ. මගේ කතා පෙළ ආයෙත් පටන් ගන්නම්. කට්ටියට කුතුහලේ දීලා අතුරුදහන් වෙන එක ගැන නම් සමා වෙන්න ඔනේ. එහෙනම් ඉතින් ආයෙත් බොරු පොරොන්දු දෙන්නත් එක්ක වයිටා ආපහු ආවා කියලා හිතා ගමු.....







Sunday, August 4, 2013

මට වුන දෙයක් අංක 2



මට වුන දෙයක් ගැන කිය කිය ඉදලා කුතුහලයක් දාල යන්න ගිය එකේ,ඒක ගැන කියලා ඉවරයක්ම කරමු කියලා හිතාගෙන තමයි අද මේ පැත්තේ ආවේ.ගෙදර ඉදලා කොච්චර එපා වෙලා ද හිටියේ කිව්වොත් වයිට ට ඔනේ කරා රස්සාවක් කරන්න.පළපුරුද්ද නැති උ.පෙ. කරලා වැලේ වැල් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ට රස්සාවක් හොයාගන්න එක එච්චර ලේසි නෑ කියලා වැඩි කල් යන්න කලින්ම වයිට ට තේරුනා.දවසක බ්‍රිතාන්ය කවුන්සිලයේ පන්ති යන ගමන් වයිට හවසට කම්මැලි  කමට වයිටගේ අප්පච්චිගේ කන්තෝරුව පැත්තේ ගියා.

එදා කොහොම හරි පාසලෙන් චරිත සහතිකේ ගන්න කියලා තිබුන සහතික මිටියත් උස්සගෙන තමයි ගියේ.වයිට ගේ අප්පච්චි පත්තරකාරයෙක්.ඉතින් වයිට යද්දි වයිටගේ අප්පච්චි කොහෙදෝ ගිහින්.වයිට ට වුනේ අප්පච්චි එනකන් ඉස්සරට වෙලා වාඩි වෙලා ඉන්න.වෙනදා වගේ නෙවෙයි එදා සෑහෙන්න සෙනග.වයිටත් ඉතින් ඔහේ ඉදගෙන හිටියා වෙන දෙයක් වෙද්දෙන් කියලා.

වයිටගේ එහා පැත්තේ හිටියේ කොන්ඩේ කොටට කපපු ගෑනු ළමයෙක්.වැඩි වෙලා යන්න කලින් පොඩි කතාවකට මුළ පිරුවා.

" You also came to the interview right ? I am ..... . "
ඒක තමයි මෙච්චර සෙනග. වයිට ට උත්තරයක් දිගන්න කලින්ම අර ළමයා ආයෙත් කතාව.
" I am so nervous, I don't even know whether I will get this job. But I have written to this newspaper for couple of weeks. Hopefully I will get this job. Have you ever wrote something before ?"
 එතකොටම දොරෙන් ඔලුවක් එලියට ආව. " You are next "
" Wish me all the best. And I wish you the same" ගෑණු ළමයා දොර ඇතුලට අතුරුදහන් වුනා.

ඉතුරු ටික තව ඉස්සරහට...



Saturday, August 3, 2013

මට වුන දෙයක්


හම්මෝ. මට වුන දෙයක්. කෙටියෙන් කිව්වොත් 2012 ඉදන් 2013 වෙනකන් මොකෝ වුනේ කියලා. මෙන්න මෙහෙමයි කතාව.බැන බැන මාත් ඔහේ උ.පෙ. කරා කියලා කට්ටියට මතක ඇතිනේ. වෙච්ච සිද්ධි නිසා ආයේ නම් ෆේල් වුනත් උ.පෙ. කරන්නේ නෑ කියන තීරනේට වයිට ඇවිත් හිටියේ.එක පාරක් කරලා වෙච්ච හරිය මැදෑ ඉතින්. ඔක්කොටම කලින් උ.පෙ. රිසල්ට් කියන්නම් කෝ. Chemistry - B , Physics - A , Biology - C ( Physics A එකක් වුනේ රී කරෙක්ශන් දැම්මට පස්සේ නේ. ) නරකමත් නෑ ඉතින් කරපු තාලේ හැටියට.මේ රිසල්ට් වලින් මෙඩිසින් කරන්න යනවා කියන්නේ ඉතින් හීනයක් තමයි.වයිටගේ මිතුරු කැළට මීට වඩා ගොඩක් හොද රිසල්ට් තිබුනට කාටවත් මෙඩිසින් කරන්න මදි.ඇත්තටම කිව්වොත් මට තමයි අඩුම.

කොහොමෙන් හරි උ.පෙ. රිසල්ට් එනකන් හැමෝම ආයේ දෙවෙනි වතාවක් කරන්න පන්ති යනවනේ.වයිට නම් එක හොදටම එපා වෙලා හිටියේ. ඉතින් කොහොම හරි වයිටගේ අහිංසක යාලු කැළ ආයේ ටියුෂන් පදින අස්සේ වයිට ට වුනේ ගෙදරට වෙලා වහලේ පරාල ගනන්න් කරන්න තමයි.කට්ටිය හිතනවා ඇති කොච්චර දෙයක්ද ගෙදරට වෙලා ඉන්න එක ටීවි බලන්නයි මූනු පොතේ ගේම් ගහන්නයි ෆිල්ම් බලන්නයි පුලුවන් කියලා.මගේ අම්මෝ ඔය කිව්වට ඉදලාම බලන්න ඔනේ.මාසයක් විතර ගෙදරටම වෙලා ඉන්න කොට ඊට වඩා පන්තියකට ගිහින් යාලුවොත් එක්ක පචයක් හලන එක නම් දාහෙන් සම්පතයි කියලා හිතෙනවා.පන්ති නොගියට වයිට ගේ දවසින් බාගයක් විතර ගෙවුනේ යාලුවොත් එක්ක රස්තියාදුවේ යන්න තමයි. දෙවෙනි වතාවේ උ.පෙ. කරන කොට පළවෙනි වතාව වගේ ගෙදර කට්ටිය ටීචර්ස්ලා එහෙම පස්සෙන් එලවන්නේ නෑ නේ.එක පාරක් කෙළවගෙන දෙවෙනි වතාවෙත් එකම කරගන්නේ නැ කියලා එයාල දන්නවා.

ඒ ඕප දූප වලින් වැඩක් නෑ කියමුකෝ දැන්.කොහොම හරි ගෙදරට වෙලා ඉන්න එපාම වුන නිසා වයිටා තීරණය කරා මොකක් හරි කෝස් එකක් කරන්න.කරන්න වාලේ මුකුත් කරන්න බැරි නිසා වයිට දැම්ම බ්‍රිතාන්ය කවුන්සිලයට ඇප්ලිකේෂන් එකක්. පොඩි විබාගයකුත් තිබුනා ඇතුලත් කරගන්න.කොහොම හරි වයිට තේරුනේ වයසට වඩා උසස් පන්තියකට.එතන දි තමයි වයිටගේ ජීවිතේ හැරවුනේ.හැරවිලා කැරකිලා මෙතනට ආවේ.

මෙතන කියන්නේ කොතනට ද කියලා පස්සේ පෝස්ට් එකකදි කියන්නම්.පොඩ කුතුහලයක් නැතුව වැඩකුත් නෑ නේ.


Tuesday, August 28, 2012

උ.පෙ. සාපයක් වුනි !!



ඔන්න ඉතින් වයිටා නැවතත් කරලියේ.උ.පෙ.නිසා මේ පැත්තේ ආවේ නැනේ අවුරුද්දකින් විතර.හරිම දුකයි අනේ.කොහොම වුනත් මේ අවුරුද්දේ අපිට හොද හොද සෙල්ලම් වුනා උ.පෙ.ලියන්න ගිහින්.කලින් අවුරුද්දෙ උ.පෙ.ලියපු අයටත් වෙලා තියෙන සෙතේ පේනව ඇතිනෙ.පළමුවැනියට අපිට තිබුනේ ජීව විද්යාව. 1st එකේ තිබුනා සමහරක් ජීවිතේට අහලා නැති විද්යාත්මක නාම වගයක්.මං හිතන්නේ එව්වා සිලබස් එකේවත් නැද්ද කොහෙද.හරි ඒක අතාරිමුකො.structured එකේ සිලබස් එකේ අහන්න තිබුන හැම අස්සක් මුල්ලක් නෑරම අහලා තිබුනා.අන්න ඒකනම් හොදයි හොරට පාඩම් කරන එවුන් අල්ල ගන්න.ඉතින් වයිටා වගේ ශේප් වෙන්න උ.පෙ. ලියන අයට දෙවියන්ගේම සරනයි.බයෝ පේපර් එකට කලින් දවසේ මාරම එස් එම් එස් තොගයක් ආවා අර මිස් මෙහෙම ගෙස් කරා අර සර් කියනවා මෙහෙම එයි කියලා ළමයි නිකන් පිස්සුවෙන් වගේ ඒවම පාඩම් කරා.හැබැයි ඉතින් සත පහකට වැඩක් වුනේ නෑ ඒ කියපු කිසිම දෙයක් අවේ නෑ.


ඊට පස්සේ තිබුනේ පිසික්ස්.අන්න ඉතින් මං ආසාවෙන්ම කරපු පේපර් එක.සමහරුනම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට බැන බැන හිටියා අමාරුයි කියල.ඇත්තටම ඒකේ තිබුනේ නිර්මානාත්මක ප්‍රශ්න.ඉතින් වයිටා වගේ කටපාඩම් ගිරව් නොවන අය හැමෝම හොදට ඒක කරන්න ඇති.ඔන්න ඊට පස්සේ තමා හොදම හරිය.වයිටගේ ආසම විශයක් තියෙනවනම් ඒ තමා කෙමිස්ට්‍රි.බොහෝම හිත සතුටින් ගියා පේපර් එක කරන්න.පේපර් එක බෙදුවම පුරුද්දට වගේ අපි හැමෝම බලන්නේ ආවර්තිතා වගුවයි ලඝු පොතයි තියෙනවද කියලා.ඔන්න බලන්නකො ඒ දෙකෙන් එකක්වත් නැ.මුළු හෝල් එකේම ළමයි මූණට මුණ බලන් ඉන්නවා ඒ දෙක දෙනකම්.බැරිම තැන වයිටා ඇහුවා එතන හිටිය මිස් ගෙන්.

" මිස් අපිට ආවර්තිතා වගුව දෙන්නේ නැද්ද?"

ඒ මිස්නම් දැනන් හිටියේ නෑ  ආවර්තිතා  වගුව මොකක්ද කියන එකවත්.ඉතින් මිස් දුවලා ගිහින් ඇහුවා ශාලාධිපතිතුමාගෙන්.ශාලාධිපතිතුමා හොයල බලද්දි මේ පාර එවලා නෑ ආවර්තිත වගුව.අවුරුදු 2ක් තිස්සෙ mcq පේපර් එකට ටර්ම් ටෙස්ට් එකට පන්ති වල ටෙස්ට් වලට හැමදාමත් දිලා එක පාරටම උ.පෙ.ට දෙන්නේ නෑ කිව්වම අපි කොච්චරනම් අසරන වුනාද කියල අපි විතරෛ දන්නෙ.දෙන්නේ නැත්නම් කලින්ම කියන්න තිබුනා අපි කවියක් හරි සින්දුවක් හරි තාලෙට මොන විදිහකට හරි පාඩම් කරන් එනවා.1980 ගනන් වලට පස්සෙ පළමු වැනි විබාගය තමයි ආවර්තිතා වගුවක් නැතුව කෙමිස්ට්‍රි mcq පේපර් එකක් දුන්නේ.

මෙන්න අර කරුමක් කාර ආවර්තිතා වගුව.
මේ ප්‍රශ්න විසදන්නම විනාඩි 5ක් විතර ගියා.ඒ මදිවට පේපර්ස් මදි වෙලා වයිටට පේපර් එක හම්බවුනෙත් විනඩි 2ක් 3ක් පරක්කු වෙලා.පස්සේ ඒක දුන්නේත් නැ.සමහර ළමයි මතක හැටියට අර සා.පෙ.කරන කාලේ මුල 20 පාඩම් කරපු කවිය පිහිටෙන් කටුවැඩ කොලේ ලියා ගත්තා.ඒකටත් තව විනාඩි 3ක් විතර යන්න ඇති.මතක නැති ලමයින්ට හුලන් තමා.සාමානයයෙන් අපිට පැය 2ක් විතර තමා දෙන්නේ mcq පේපර් එකට. mcq 50ක් තියෙනවා.පැය 2 විනාඩි වලින් 120යි.120 , 50න් බෙදුවම එක mcq එකකට ලැබෙන්නේ විනාඩි 2.4ක් විතර.සමහර ප්‍රශ්න කියවපු ගමන් උත්තර එනවා සමහර එවා සුලු කරන්න ඔනේ.ඉතින් වෙලාව බැලන්ස් කරන්නේ හරිම අමාරුවෙන්.

ඊළගට මට ඔනේ කරේ ලගු පොත.ඔය කෙමිස්ට්‍රි කරපු උදවිය දන්නවා අති ගනන් හදන්න දශම ගනන් සුලුකරන්න වර්ග මූල සොයන්න ලඝු ඔනේ කියලා.මට උවමනා කරා ගානකට වර්ග මූල 6 කියන්නේ මොකක්ද කියලා දැනගන්න.ඉතින් මං මිස්ගෙන් ඇහුවා " මිස් අපිට ලඝු පොත දෙන්නේ නැද්ද ? " කියලා. " ඒක ආවෙ නෑනේ" කියලා මිස් කිව්ව අඩුම තරමේ ශාලාධිපතිගෙන්වත් ඇහුවේ නෑ.අන්තිමට මට වුනේ එතන තිබුන උත්තර වැඩි කර කර 6 එන්නේ මොකටද කියලා හොයන්න.හිතන්නකො තරග විබාගයකදි ඒ වගෙ අවස්තාවක කොහොම කරාද කියලා.ඇඩුනේ නැති ටික විතරයි.

තවත් ගනනක 0.138 , 277 බෙදාගන්න ඔනෙ වුනා.කරගන්න බැරිව මං අමාරුවේ වැටුනු තරමක්.කලබල වුන තරමට තව කොච්චරක්නම් ඒව වරදින්න ඇතිද මට වගේම අනිත් ළමයින්ටත්.කොහොම හරි පේපර් එක කරා කියමුකො.හොදම කොටස තමයි දැන්.වයිටගෙ යාලුවෝ 4දෙනාම හිටියේ එහා පන්තියේ එකම හෝල් එකේ.ගෙදර යන්නේ ඔක්කොම එකටනේ.එලියට ඇවිත් වයිටා කිවාම
 " බලන්නකෝ හෂියෝ ආවර්තිතා වගුවත් නෑ ලඝු පොතත් නෑ මාර පේපර් එක තමා " කියලා හෂියා කිව්වේ නැතැ
 " ආ..ඔයාලට ලඝු හම්බුනේ නැද්ද අපිටනම් ලැබුනා" කියලා.

 බලනකොට අපෙ පන්තියටයි එහා පන්තියටයි විතරයි මුලු හෝල් එකෙන්ම ලඝු ලැබිලා නැත්තෙ.කාට කියන්නද ඉතින් මේවා.විබාග දෙපාර්තුමේන්තුවට පැමිනිලි කරාම මිස්වයි ශාලාධිපතිතුමයි අයින් කරා.ඒත් ඉතින් අපිට වෙච්ච අසාධාරනය නැති වෙනවද? වැරදුන ප්‍රශ්න හරියනවද?අපිත් නිකන් අහක යන පවු වලට කර ගහනවා ගුරුවරයෙක්ගේ රස්සාවක් නැති කරලා.

මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ අපේ ජීවිත එක්ක.හරි ෆන් ඇති එයාලට ඉතින්.මටනම් දෙවෙනි වතාවක් කරන්න වෙනවානම් වෙන්නේ  කෙමිස්ට්‍රි mcq පේපර් එක නිසා තමයි.ඔක්කොමත් හරි.උ.පෙ.ඉවර වෙලා ගෙදර එන්න බස් එකේ නගින්න ඇවිදගෙන යද්දි ගිය අවුරුද්දේ උ.පෙ.කරපු අයියලා අක්කලා කට්ට අව්වේ පෙත්සමක් අත්සන් කරනවා.හොදට විපරම් කරල බැලුවම කොස්කද පන්තියේ අපිට උ.පෙ.ගොඩ දාගන්න උගන්නපු අයියලා අක්කලා තම්යි හිටියේ.අපි දන්නවනේ එයාල අපිට පාඩම් කියල දුන්න විදිහට එයාල කොච්චර දක්ශද කියලා.අපිත් ඉතින් අත්සනක් දාලා ආවා.දැන් ඉතින් අපිට වෙලා තියෙන්නේ අපේ පේපර්ස් බලන්න කියලා පෙලපාලියක් යන්න.නැත්නම් අපිටත් වෙන්නේ උ.පෙ.රිසල්ට්ස් එනකම් ගෙදරටම නාකි වෙන්න.

Saturday, September 17, 2011

පාඩම් - කට පාඩම් - නිකන් පාඩම් - ඈහ් ??

අද නම් කතා කරන්න යන්නේ ඉගෙන ගන්න හැමෝටම වැදගත් වෙන මාතෘකාවක් ගැන.ටිකක් විතර බෝරින් වුනාට වැදගත් දෙයක්.ඒ කිව්වේ පාඩම් කරන විදිහ ගැන.අපි හැමෝම පාඩම් කරන එක එක විදි ඒ කියන්නේ විවිධ ශෛලියන් විවිධ ක්‍රම යොදා ගනනාවා.සිස්සත්වෙට පාඩම් කරනවා වගේ නෙවෙයි සා.පෙ.; සා.පෙ. වගේ නෙවෙයි උ.පෙ. එක එක විබාගයට එක එක විදිහට පාඩම් නොකරොත් ඉතින් ඉවරම තමයි.

කලින් කතාවක කිව්ව වගේ වයිටා වෙනස් වුනා පාඩම් කරන්න ලෑස්ති වුනා.වයිටගේ කාමරේට පොත් මේසයක් වගේ දෙයක් ආවෙත් මේ ලගදි දවසක.එතකන් තිබුනේ රටේ නැති කතා පොත් පුරවපු රාක්ක තමයි.ජීව විද්යාව එහෙම පන්ති ගියාට කිසිම විදිහකින් නෝට් එකක් නම් මං ගාව තිබුනේ නෑ.(දැන් සමහරු හිතනවා ඇති කෙල්ලෝ පිලිවෙලට වැඩ කරන බෝල කර කර අකුරු ලියන අය වයිටා මෙහෙම වෙන්න බෑ කියලා) පහු ගිය කාලෙ ගෙවෙනුනේ ලියලා නැති නෝට්ස් ලියන්න මග ඇරුනු තියරි ඉගෙන ගන්න වගේ දෙවල් වලට.වයිටාට පාඩම් කරන්න අර උඩ තියෙන රූපේ තරම් විතර පොත් කන්දක් තියෙනවා නොවැ.

කොහොම වුනත් කට්ටියගේ පිලි ගැනීම් වලට හා වයිටා මේ දවස්වල පාඩම් කිරීල්ල ගැන කරන පොඩි පොඩි සමීක්ෂණ වලට අනුව පුලුවන් වුනා මේ ගැන අදසක් ලබා ගන්න.මගේ ප්‍රධානතම අරමුණ වුනේ වල් වැදිලා තිබුන මගේ මොට්ට මොලේට පාඩම් යන ස්ටයිල් එකක් හොයා ගන්න.(තාම නම් හොයා ගන්න බැරි වුනා)

ගොඩක් ගෑනු ළමයි නම් උත්සහ ගන්නේ පාරේ යන ගමන් වැන් එකේ යන ගමන් හිටන් ඉන්න ගමනුත් පොතක් අතේ තියාගෙන කියව කියව යන එක.ඇස් දෙක පොතේ තිබුනට අවදානේ තියෙන්නේ වටේ පිටේ වෙන දෙවල් ගැන.අපිනේ දන්නේ අපේ හැටි.ඉතින් අර කියවන දෙවල් වලින් 75% විතර වතුරේ.ඊට වඩා හොදයි ඒ වෙලාවේ යාලුවො එක්ක පච හල හල ජොලියක් දාගෙන යන එක.මට නම් වාහන වල යද්දි පොත් කියවන්න බෑ කැරකිල්ල හැදෙනවා.

අපේ පන්තියේ ඉන්නවා ළමයෙක් අලුතෙන් පාසලට ආවේ.යාලුවෝ නෑ කිසි කෙනෙක් එක්ක කතා බහක් නෑ.කොච්චර පොතටම ඇලිලද කිව්වොත් පන්තියේ අන්තිම දවසට දාන ක්ලාස් පාර්ටි එක වෙලෙත් අපි කෑ ගහ ගහ සින්දු කියද්දි එයා පාඩම් කරන.අපි හිතුවේ පාඩම් කරලා කරලා ග්‍රේඩ් එකේම 1 වෙයි කියලා.අන්තිමට බලද්දි මේ ළමයට තිබුනේ වයිටත් වඩා අඩු ලකුනු ගානක්.පන්තියේ 36 වෙනියා විතර.ඉතින් අපිටත් වඩා පාඩම් කරානම් එයාට මොකො ලකුනු අඩු වුනේ ? හැම දේකින්ම ඈත් වෙලා හිටියට පාඩම් හිටිනවාද ?

මගේ යාලුවෝ සෙට් එකක් ඉන්නවා කුරුදු වත්ත පාසලේ.මං දන්න විදිහටනම් පන්තියේදි කෑ ගහන දගලනම විසේකාරම කරදරකාරම කොල්ලෝ ටික.(අනේ ඒ වුනාට මෙයාලා හරිම හොදයි.අහිතක් හිතන්න එහෙම එපා)මොන පිස්සුව නැටුවත් ටේස්ට් එකකදි එහෙම 1,2,3.කෙල්ලෝ සමානයයෙන් සර්ලා මිස්ලා උගන්වද්දි එයාලගේ කටින් හැලෙන හැම වචනයක්ම කෙලත් සමග පොතේ ලියා ගන්නවනේ.මටත් හරිම ප්‍රශ්නයක් පන්තියේ පිස්සු කෙල කෙල ඉදලා මෙහෙම ලකුනු ගන්න එක ගැන.ඉවසන් ඉන්න බැරිම තැන මං ඇහුවා.

මම - ඈ මචං කොහොමද මෙහෙම පිස්සු නටල නටලා ඉගෙන ගන්නේ ?
යාලුවා - ආ! අපි පන්ති වල පිස්සු කෙලියට ගෙදරදි හොදට වැඩ කරනවා මචං.
මම - ඉතින් පාඩමක්වත් අහගන්නේ නැතුව ?
යාලුවා - අපේ එකෙක් හැමදාම ලෙසටම සර් කියන එව්ව ඔලුවට දාගන්නවා.ක්ලාස් ඇරිලා අපි කෙලින්ම සෙට් වෙන්නේ උගේ ගෙදරට.එවෙලේ ඉදන් මුලු වෙලාවෙම අපි වැඩ මචං.
මම- ආ.ඇත්තද ? 
යාලුවා - ඔව් බං.බැරිම දෙයක් තිබුනොත් අපේ අයියා කෙනෙක්ට කෝල් කරලා වදේ ගහලා අහගන්නවා.ඒත් බැරිනම් උන්ගේ ගෙවල් වල හරි යනවා.

කොල්ලෝ වැඩි හරියක් පාඩම් කරන්නේ එකට එකතු වෙලා.බැරි එකාව කොහොම හරි බලෙන් හරි පාඩම් කියලා දීලා ඇදගෙන යන්නයි හදන්නේ.මං දන්න කොල්ලෝ සෙට් එකක් ඉන්නවා.බලෙන් ගෙවල් වල නතර වෙලා බැරි අයට පාඩම් කියලා දෙන.බොක්කෙන්ම මිතුරුකම කියන්නේ ඒක.වැරදිලාවත් නොදන්න එකෙක්ට පාඩම්ක් කියලා දෙන්නේ එහෙමත් කෙල්ලෙක් තමයි.(මොනා වුනත් ඒ අතින් වයිට ට රත්තරං වටින යාලුවො සෙට් එකක් ඉන්නවා)

කොහොම වුනත් ගොඩක් ගෑනු ළමයි පාඩම් කරන්නේ ඇදේ.ඇද තියෙන්නේ නිදා ගන්න මිසක් පාඩම් කරන්නද ? අපි ආසම කතා පොතක් වුනත් ඇදට අරන් ගිහින් කියවද්දි අපිට නිකන්ම නින්ද යන්නේ නැත්ද ?කාල සටහනට පාඩම් කරන ඈයෝ හදිස්සියකදි වැසිකිලියටවත් යන්නේ නෑ කාල සටහනේ ඒක නෑ කියලා.පිස්සු හැදෙයි.මටනම් බෑ ඕව කරන්න.පාඩම් පොත බලන්න් හිටියට හිහ තියෙන්නේ බඩේ අමාරුව ගැන.කිසිම තේරුමක් නෑ.

මගේ යාලුවෙක්ගේ ලොකුම පිස්සුව ශොර්ට් නෝට්ස් හදන එක.අහන ඕනේම පාඩමකින් කෙටි සටහන් ඇය සතුයි.මං ලග ආසාවට බලන්න එහෙම එකක් නෑ.දවසක් මං ඉල්ලන් බැලුවම මං නම් දැක්කේ කිසිම කෙටියක් නැති පාඩමට මිස් දීපු නෝට් එකේම අකුරු පුන්චි කරලා ලස්සන කොලවල ලියපු පොඩි වර්ශන් එකක්.ඉතින් ඇත්තටම ඇය ලස්සන ශොර්ට් නෝට්ස් හදන්න ගත කරපු කලේ අපරාදේ නැත්ද ?

තවමත් හිතා ගන්න බෑ පාඩම් කරන්න ඔනේ මොන තාලෙටද කියලා.ඇත්තටම පෞද්ගලිකව මට නම් එහෙම විශේෂ පාඩම් ක්‍රම වේදයක් නෑ.නමුත් එහෙම පාඩම් කරන ක්‍රමයක් අනිවර්යයෙන්ම තියෙන්න ඔනේ.සමහරු බිත්ති පුරා බෝර්ඩ් එල්ල ගෙන රූප සටහන් ඇදගෙන හැබැයි ඇදපු අලවපු කිසිම දෙයක් ඔලුවේ රැදිලා නෑ.

සමහරු පොත අතට අරන් කොහේ හරි මුල්ලක් දිහා බලාගෙන හීන ලෝක වල පාවෙනවා."අනේ අරහෙම වුනොත් කොහොමද ? අද අර ගර්ල් මං දිහා බැලුවා නේද ? එයා මට කැමති වුනොත් කොහොමට තියේවිද ? " වගේ ගොඩක් දෙවල් හිතෙනවා.කරුමේ කියන්නේ මේ ඔක්කොම හිතෙන්නේ පාඩම් කරන්න පොත අතට ගත්තම තමයි.ඒකට හොද විසදුමක් සේනානායක මහත්තයගේ ඉස්කෝලේ ලමයෙක් කියලා දුන්නා.හීන මවන්න දවසට පැය භාගයක්,විනාඩි 20 විතර වෙන් කර ගන්න.පාඩම් කරන අතරතුරේ හීනෙකට හිත ලාවට ඇදිලා යනවා වගේ දැනෙන කොට හිතට කියන්න "මේ මේ හීන බලන්න මට වෙනම විනාඩි 20ක් තියෙනවානේ ඒක නිසා දැන් පාඩම් කරන්න " කියාල.අත්දුටුවයි ප්‍රතය්ක්ෂයි.මේක සිරාවටම වැඩ කරන දෙයක්.කාලයක් යද්දි හීන මවන වෙලාව ටිකෙන් ටික අඩු කරගෙන නැත්තටම නැති කරගන්නහ් පුලුවන්.

උ.පෙ. කාලේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්නේ ආදර සම්බන්දතා.ඇත්තම කිව්වොත් අපේ පන්තියේ පලවෙනියා වෙන කෙනාටත් පෙම්වතෙක් ඉන්නවා.ඔහුත් ඇය වගේම ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි.ඉතින් ඒ වගේ අය ගැන අපිට වරදක් කියන්න පුලුවන්ද ? සමහරුනම් කියන්නේ ඔය මොන විදිහට ඉගෙන ගත්තත් අන්තිමෙදි ඔය ලව් ඉලව් නිසා හැම දේම නැති කරගන්නවා කියලා.අපිත් එක්ක සා.පෙ. කරපු පිරිමි ලමයෙක් පෙම්වති ජීව විද්යාව කරන නිසා ඇය කරනවාට කරා.අන්තිමට උ.පෙ.ට ඇවිත් මාස කිහිපයක් ඇතුලතදි වෙන පිරිමි ලමයෙක් එක්ක යාලු වුනා.කෙල්ල වෙනුවෙන් සයන්ස් කරන්න ආපු කොල්ලගේ ඇප කැන්සල් වුනා කියලා තමයි මට කියන්න තියෙන්නේ.කොහොමවුනත් ඒ ලමයා දැන් කෙල්ලට පේන්නත් එක්ක නියමෙට වැඩ කරන් යනවා.

සා.පෙ. නම් ඔය වැස්සට ගිහින් ලිව්වත් පාස් වෙනව කියලා දැන්නම් හිතෙන්නේ උ.පෙ.තියෙන බරත් එක්ක.ඇත්තටම සා.පෙ.අපි කරේ හරිම ආසවෙන්.කවුරුත් බල කරේ නෑ පාඩම් කරන්න කියලා.ගනන් හැදුවේ තරගෙට ජොලියට, විද්යාව පොත කියෙව්වේ ආසාවට.ගොඩක් දෙනෙක් ස.පෙ. කරනාවට වඩා අඩු උනන්දුවකින් උ.පෙ.කරන්නේ මනසට තියෙන බර නිසා.වැඩිය ඔනැවට වඩා හිතට ගන්නත් එපා.හැබැයි හිතට නොගෙන්න ඉන්නත් එපා.හැම දේම සමබරව හිතට දෙන්න ඔනේ.

විභාගේ කාලේ වෙද්දි ගොඩක් දක්ෂ වැඩ කරන ළමයින්ගේ පොත් හොරකම් වෙනවා.ටියුට්ස් අතුරුදහන් වෙනවා.කෙනෙක් ගැන ඉරිසියාවෙන් එහෙම දෙයක් කරන්න කාට හරි හිත දෙන්නේ කොහොමද කියන එක අදටත් මට ප්‍රශ්නයක්.නමුත් තමුන් ඒ කරන දේවල් දවසක තමන් ටම අත් විදින්නත් ලැබේවි.කරන නරක වැඩ අත් විදින්න වෙන්නේ විභාගෙදිම තමයි.

කොපි කිරීම අනිත් දේ.තමාගේ තත්වේ කාටවත් පෙන්නන්න නෙවෙයි අපි විභාගෙට ලියන්නේ.
සමහර පිරිමි ළමයි කෙල්ලෝ ඉස්සරහ වැඩර්ලා වෙන්න දවස් 2ක් පේපර් ක්ලාස් තියෙනවනම් කලින් දවසේ කරපු අයගෙන් උත්තර ඉල්ලන් ඇවිත් ඒව බලන් ලියලා වැඩ පෙන්නනවා.කාට වැඩ පෙන්නුවත් කවුද අන්තිමට රැවටෙන්නේ ?????

මොනා හරි දේකට ලකුනු අඩු නම් අපි කරන්න ඕනේ අඩු ලකුනු තියෙන කොටස ගැන අවදානය යමු කරලා අඩු පාඩු හදා ගන්න එක.තමන්ට බැරි දෙවල් අනිත් අයගෙන් අහගන්න ලැජ්ජා වෙන්න ගියොත් වෙන්නේ කඩ ඉම් විභාගෙදි ලෝකෙම ඉස්සරහ ලැජ්ජා වෙන්න.ඊට වඩා හොද නැද්ද නොදන්න දෙයක් දැන්ම ලැජ්ජාව පැත්තකින් තියලා අහගෙන විභාගේ ගොඩ දාගන්න එක ?

විෂයට ආසාවක් නැත්නම් උගන්වන ගුරුවරයා ගැන හිතේ පැහැදීමක් නැත්නම් කවදාවත්ම ඒ විශය අපිට පුලුවන් වෙන එකක් නැති වේවි.මුලින්ම ඉගෙන ගන්න දේ ගැන ආසාවක් නැති වුනත් බලෙන් හරි ඇති කරගන්න ඔනේ.ආස නැති දෙයක් කරලා ඇති තෙරුමකුත් නෑ.

පොත අතට ගත්තම නින්ද යන කරුමෙටනම් තාම විසදුමක් හොයා ගන්න වයිටට බැරි වුනා දන්න කෙනෙක් ඉන්නවානම් අනේ මල් මාලා දා වදින්නම් කියලා යන්න. ;-)

ඔය මොන විදිහට පාඩම් කරලත් වැඩක් නෑ විභාග වලට මුහුණ දීල පේපර් ලියන හැටි ලකුනු ලැබෙන හැටි තමන්ට වැඩි පුර ස්කොර් කරන්න පුලුවන් තැන් අඩු ලකුනු ලැබෙන තැන් හදුන ගන්නේ නැත්නම්.කොච්චර පාඩම් කරලා විභාගෙට ලියද්දි අත වෙව්ලනවානම් අර අවුරුදු ගානක් පාඩම් කරපු හැම දේම වතුරේ.2012 උ.පෙ.කරන්න හිතන් ඉන්නවනම් මේ කාලේ වෙද්දි සිලබස් එකෙන් 3/4ක් විතර ඉවර කරලා තියෙන්න ඕනේ.පුනරීක්ෂණ කරන්න පටන් ගන්න ඔනේ.පරණ පාඩම් වලට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න ඔනේ.ඒවා වල හරි වැරදි නැවත නැවත බලන්න ඔනේ.අමාරු පාඩම් වලට අවදානේ දෙන්න ඔනේ.අලුතින් එකතු වෙන කරුනු මොලේට පරන පාඩම් අවුල් නොවන විදිහට පිලි වෙලකට අඩුක් කරන්න ඔනේ.කොච්චරනම් දේවල් තියෙනවද කරන්න ???? මටනම් පැය 24ත් මදි වගේ.

මෙච්චර වෙලා හෑල්ලක් වගේ කියෙව්වේ වයිටා හොයා ගත්ත එව්වා , වයිටගේ අදහස්.
මෙහෙම කරන්න අරහෙම කරන්න කියලා හැමෝම වගේ උපදෙස් දුන්නට හරියටම පාඩම් කරන්නේ කොහොමද ? ඇත්තටම පාඩම් කරනවා කියන්නේ මොකටද ?කාට හරි පුලුවන්නම් අපිට උපදෙසක් දෙන්න පාඩම් කරන හැටි ගැන කමෙන්ටුවක් තියලා යන්න.ඒක මේ ලිපිය කියවන උ.පෙ., සා.පෙ.කරන්න ඉගෙන ගන්න දත කට මැදන් ඉන්න ගොඩක් දෙනාට ලොකු උදව්වක් වේවි.


Tuesday, September 13, 2011

ලත් තැන ලොප් නැත - වයිටා ලංකාවට ගොඩ බැස්ස වගයි -!

සතියකුත් ගියා ඉතින් දැනුනෙවත් නෑ.සති 3ක් ඉන්න ගිය වයිටා සතියකින් ආපහු එන්නේ පාසලේ වැඩ පන්ති වල වැඩ එක පිට එක හිමාල කන්ද වගේ ගොඩ ගැහිලා කියලා ආරංචියක් ආපු නිසයි.හෂියා සහ මම සමග මවුතුමි තමයි ආවේ.අනිත් අය තාමත් එහේ.මේ දවස්වල එයාල මලයාසියාවේ "ලංකාවි" කියන දුපතේ කාලේ ගත කරනවා කියලා තමයි දැනගන්න ලැබුනේ.කොහොමවුනත් කමක් නෑ.ගෙදර ආපු ගමන් වයිට කලේ හොද පොල් සම්බොලෙකුයි කැකුලු හාලේ බත් එකකුයි කාපු එක.ගිය සතියම වගේ කට ට කිසිම රසක් දැනුන් නැතුව තමයි හිටියේ.කට්ටිය ආසාවෙන් නොවැ ඉන්නව ඇත්තේ මලයාසියාවේ තොරතුරු දැනගන්න.බොහොම් කෙටියෙන් විස්තර ටිකක් දාන්නම් පස්සේ වැඩි තොරතුරු දාන්නම්.

මුලින්ම කියන්න ඔනේ අපේ "ජොලි සීයා" නොහොත් අපේ ටුවර් ගයිඩ් අන්කල් ගැන.මිනිහට හරියට ඉංගිරිසි බාසාවත් බෑ මැලේ බාසාවත් බෑ.පලවෙනිම දවසේ උදේ 7.30 වෙනකොට Twin Towers බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා තමයි අන්කල් ගියේ.දැන්නේ නැද්ද ඉතින් අපේ කට්ටිය ලතවි ලතවි 8.00 විතර වෙනකොට ඇද පැලද ගෙන ආවේ.කොහොම හරි මේ වෙද්දි ජොලි සීයට මල පැනලා.අපේ කට්ටියගේ හැටි තෙරුම් ගත්ත ජොලි සීයා ඊලග දවසෙ ගමන පිටත් වෙන්න තියෙන්නේ 8.00ට නම් 7.00 ලෑස්ති වෙලා ඉන්න කිව්වා.දෙවෙනි දවසෙත් පරක්කුයි.ඊට පස්සේ දවසෙත් රෑ තිස්සේ රවුන් ගහල  ගහලා ඇවිත් හොදටම පරක්කුයි.සීයා කිව්වේ නැතැ "සිරි ලංකන් පිපල් වෙරි ලේට් පිපල් ! අයි හෑව් නෙව්ර් සීන් දිස් මච් ලේට් වන්ස්" කියලා.කොහොමහරි කාපු බයිටට ඊලග දවසෙ ඉදන් කට්ටිය වෙලාවටම වැඩ කරා.


මලයාසියාවේ වයිට ට පෙන්නන්නම බැරි වුන දේ තමයි කෑම.පොඩි සෙට් එකනම් මැක් එකේ අල පෙත්තයි බර්ගර් එකයි කාල ශේප් වුනා.බත් කියලා තියෙන්නේ එක්කෝ ෆ්‍රයිඩ් රයිස් නැත්නම් බාස්ත්මති.වෙන හාලක් ඇත්තෙම නෑ.එයාලගේ බත් වල නම තමයි "නාසි ගුරාන්" හාල්මැස්සොයි, දහයක් විතර මස් එලවලු ජාතියි තමයි එකට මික්ස් කරලා දෙන්නේ.ආසාවට කන්න බේකරි රෝස් පාන් ගෙඩියක්වත් නෑ.මගේ කන් කරච්චලේ ඉවසගන්න බැරුව පොඩ්ඩා මාව උස්සන් ගියා චයිනා ටවුන් එකේ ඉන්දියන් කඩෙකට.එදා නම් කෙහෙල් කොලේ බත් එක මීකිරි සැර හොදියි නියමෙට කෑවා බඩ පැලෙනකන්ම.කොහොම වුනත් අවන්හලේ කුස්සියේ එදා අපිට විතරක් දවල් කෑමට බත් හැලි 4ක් විතර යන්නැති.මේ තියෙන්නේ අපේ අයගේ කෑමේ හැටි තමා.


පොඩ්ඩා මාව අරන් ගියා මෙහේ චීන මිනිස්සු කන පැත්තකට.මහ පාරේ මේස පුටු දාල තමයි තිබුනේ.හරියටම මෙන්න මෙතන.මට ඉදගන්න කියලා එයා ගිහින් කෑමක් ගෙනාවා අර දිග කූරක ගහලා තියෙන එව්වා.පහල තියෙන පින්තුරේ තියෙන්න ඒව තමයි.මාත් කෑව.අමුතු රසක් තිබුනට අවුලක් නෑ.පස්සෙ තමයි කිව්වේ ඒකේ බෙල්ලො,හංගොල්ලෝ,පලගැටියෝ,ගොලු බෙල්ලෝ,ගෙම්බෝ,පැතලි පනුවො වගේ මං ආස කරන ජාති ගොඩක් තිබුනා කියලා.බොරු කියන්න ඕනේ නෑනේ.පුච්චලා බැදලා ගත්තම ඔය කොයි මස් ජාතියක් එක වගේ.මටනම් රසයි.ගිලිනකන් අවුලක් නැ ජාතිය මොකක්ද කියලා දැනගත්තම තමයි එපා වුනේ.කලින් බීපුවා වමාරන්න බෑ වගේ දැන් කාපුවත් වමාරන්න බෑ.















මේ පින්තුරේ ඉන්න කුක් අයියා අපේ පොඩ්ඩගේ හොද යාලුවෙක්.ගෙම්බි මස් වලින් කෑම හදන්න එක්ස්ප්ර්ට් කෙනෙක්.ඔය හොද හිනාවක් එහෙම දාගෙන ගේමක් නැතුව කතුරෙන් උස්සන් ඉන්නේ හම ගහපු ගෙම්බෙක්.ආවට ගියාට ගෙවල් මුල්ලවල් වල ඉන්න ගෙම්බො ගන්නේ නෑලු කෑම හදන්න.මට ගෙම්බෙක් කැමට තෝර ගන්න විදි හම ගහන විදි හදන විදි අනං මනං ගොඩක් කියලා දුන්නා.මං අහන් හිටියේ සිහියෙන් නෙවෙයි මොකද ඒ වෙන කොට මට ඔක්කාරෙටත් ඇවිත් බඩ දගල දගල හිටියේ.


රෑට පාරවල් දිගේ ඇවිදිනවා තරම් ජොලි දෙයක් මෙහෙ නෑ.හොද හොද අත්දැකීම් ගත්තා.නයිට් ලයිෆ් එක තමයි වැඩි පුර තියෙන්නේ සංචාරක කර්මාන්තේ නිසා.දවල්ට නම් පාරේ බලු බල්ලෙක්වත් නෑ.(ඇත්තටම මෙහේ පාරේ බල්ලෝ පුසෝ හරක් හිගන්නෝ දකින්නවත් නැ)රෑට මොන සැණකෙලි තිබුනත් උදේට කුනු බින්දුවක්වත් නෑ.නයිට් ලයිෆ් එක ගැන කියන්න පොතක් ලියන්න තරම් කතා තියෙනවා.

මේ තියෙන්නේ පෙට්‍රොනාස් ටුවින් ටවර්ස් රෑට පේන විදිහ වයිටගේ කැමරා ඇසට අහු වුනු හැටි.ජෙන්ටින්,සන්වේ ලගූන්,දකුනු ආසියාව ලොකුම චොකොලට් කොම්පැනිය,රජ මාලිගාව,උමං වෝටර් වර්ඩ් එක වගේ තැන් ගණනාවක කකුල් ගෙවෙනකන්ම ඇවිද්දා.ඒවා ගැන වැඩි විස්තර පස්සේ හිමින් සැරේ කියන්නම්කො. හිත ටිකක් දුකයි ආපු එක ගැනනම්.පොඩ්ඩගේ මූන තිබුනේ අහක බලන් දාපු බිත්තර ආප්පයක් වගේ.හොදම දේවක් ලක ලෑස්ති කරල තිබුනේ මේ සතියේලු.සුපුරුදු පරිදි පොඩ්ඩා මාව ශොප්පින්ග් මෝල් එකක අතරමං කරා.ඒ කතාවත් කියන්නම්.මේවා බොරු පොරොන්දු එහෙම නෙවෙයි අනිවාර්යයෙන්ම කියනවා.

ඒව්වා මෙව්වා ඔක්කොම එක්ක සතියක් එහෙ ඉදලා ආවා කියමුකෝ.ඉරිදා රෑ ඇවිත් සදුදම අම්මා ගහලා පැන්නුවා ඉස්කෝලෙට.අම්මා එන්න කලින් බෑග් එකට ගෙනාපු ටොපි චොකොලොට් වගයක් දුන්නා.ඉස්කොලෙට යන්න කලින්ම ඔක්කොම ඉවරයි.කාල සටහනත් කොහේද කියලා නැති එකේ ඔක්කොම පොත් ටිකත් ඔබන් ගියා.ගියාම ආරංචි වුනේ උ.පෙ. ප්‍රොජෙක්ට් බාර දෙන අන්තිම දවස එදා කියලා.වැදලා වැදලා සතියක් ඉල්ල ගත්තා මිස්ගෙන්.බරටම මේ දවස්වල ප්‍රොජෙක්ට් එකේ වැඩ.

බ්ලොග් එකට වල් වැදිලා තිබුනේ අයියා ලැපාව රාජ සන්තක කරපු නිසයි.ලත් තැන ලොප් නැත.තිබුන වැඩ කන්දරාවේ හැටියට අදයි හරියකට හුස්ම ගන්නවත් ලැබුනේ.කෙටියෙන් හරි විස්තරයක් දාන්න පුලුවන් වුන එක ගැන නම් සතුටු වෙනවා.දවස් දෙකක් ඇතුලත හිමාල කන්ද උඩට සමනල කන්දකුත් එකතු වුනා.ඉක්මනටම බ්ලොග් එක පැත්තේ එන්නම්.කමෙන්ට්ස් වලට රිප්ලයි දාන්න වෙන්නේ නැති එකට සමාවෙන්න ඔනේ.

ගිහින් එන්නම්.කට්ටියටම එතකන් සුබ කාලයක් !!!!!!!!

Sunday, September 4, 2011

ස්තුතියි !

මං මුලින්ම බ්ලොග් කියවන්න පටන් ගත්තේ අහම්බයකින්.පාසලේ පරිගණක අංශයේ කවුදෝ සිංහල බ්ලොග් සංසදයට අදාල වෙබ් පිටුව නරබමින් ඉදලා එහෙමම තියලා ගිහින් දැකලා තමයි මාත් බ්ලොග් ඇබ්බැහියෙක් වුනේ.දවස ගානේ බ්ලොග් කියවන එක මගේ විනෝදාංශයක් වුනා.මා මුලින්ම කියවන්න ගත්තේ අපේ පූසන්ගේ බ්ලොග් ගඩොල්.ඒ අනුව ගිහින් රත් ගමයා ,මගේ ලෝකය ,ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න , සොදුරු නවාතැන , මෙන්න මෙහෙමයි,දුමීගේ කට කහන කතා,පිස්සාගේ පලා මල්ල ,කොට ජිවිතේ , දුකා, කතන්දර, සිතුවිල්ලෙන් බිදක් , කලු සුදු, සුලැගිල්ල වැනි බොහෝමයක් බ්ලොග් නිතර දෙවෙලේ කියවන්න වුනා.

හිතේ ඇතිවුන ආසාවක් නිසාත් නිවාඩුවක් ලැබුන නිසාත් මාත් බ්ලොග්කරනයට එකතු වුනා.මුල් කාලෙදි නම් මං ම ඇවිත් මං ම බලලා මං  ම සතුටු වුනා පොස්ට්ස් කියවලා.ඒත් එතනින් නතර වුනේ නෑ වයිටා.කට්ටියවම ෆලෝ කරා.පුදුම උනක් තිබුනේ කියවන්න.ෆලෝ කර කර කියෙව්වා.බත් කන ගමන්,වැඩ කරන ගමන්,යන ගමන්,එන ගමන් හැම තිස්සෙම වගේ කියෙව්වා කියෙව්වා ඉවරයක් නෑ.කියවලා හිතේ හැටියට හිනා වුනා,සමහර වෙලාවට ඇඩුවා.පස්සේ පස්සේ බය සැක අතෑරලා බ්ලොග් වලට කමෙන්ට්ස් පල කරා.

මගේ ෆලෝ කිරිමෙයි කමෙන්ට්ස් දැමිල්ලයි නිසාද මන්දා අපේ අභිත සහෝදරයා පෙර පිනකට වයිටව දැකලා මේ පැත්තට ආව.මට උපදෙසකුත් එක්ක කමෙන්ටුවක් පල කරලා කීප දෙනෙක්ටත් මේ බ්ලොග් එක ගැන කියලා තිබුනා.ඒ සහයෝගයේ ප්‍රතිපලයක් විදිහට සෝරෝ - බ්ලොග් ගඩොල් - රංග - බුවා වැනි බ්ලොග්කරනයේ යෙදෙන පිරිසක් එකතු වුනා.බ්ලොග් ලිස්ටින්ග්ස් වලට මාව ඇතුල් කර ගනිමින් වචනයකින් හරි එයාල ලබා දෙන උදව්ව වයිටට ගොඩක් වටිනවා.කියලා නිම කරන්න වචන නෑ.

මේ හැම දේටම මුල් වුනේ අභිත සහෝදරයා.මං ආසාවෙන් කියපු බ්ලොග් ලියනා අය මගේ බ්ලොග් එකත් කියවනවා කිව්වම වයිට පුංචි පහේ ආඩම්බරේකුත් දැනුනා.අභිත සහෝදරයා මෙන්ම සෝරෝ - බ්ලොග් ගඩොල් - රංග - බුවා ; මං වැනි නවක බ්ලොග් කරුවෙක්ට ලබා දෙන අත හිතට සහයෝගයට ඔබලා සැමෝටම බොහොම ස්තුතියි !!!!

ප.ලි. - මා නොමැති විට මා වෙනුවෙන් මා කියු අදහස් එලෙසම බොහොම අමාරුවෙන් ටයිප් කර පල කරන මගේ හොදම යහලුවෙක් වෙන ෂෙහාන්ටත් ස්තුතියි ! 

Saturday, September 3, 2011

මලයාසියාවට ගිය වයිට් !


මං ඉදන් හිටියේ ප්ලේන් තටුව ලග !!
දෙයි හාමුදුරුවනේ ! මට පොලොව අල්ලලා ඉබින්න හිතුනා බිමට බැස්සට පස්සේ..ප්‍රාණ බය හොදට දැනෙන්න ඔනේනම් කරන්න තියෙන්න අකුනු ගහන වහින වෙලාවක ප්ලේන් එකක නැගල අහසේ කරක් ගහන එක.ආයේ දෙකක් නෑ එපා කියල හිතෙන තරමටම බය හිතෙනවා.පැය 5ක්වත් ගුවනේ ගත කලේ නැත.ඇති වුන මරණ බය ඉමහත්ය.යාත්‍රාව වැස්සට හෙන ගහන සද්දෙටයි අකුනු කොටන කොටයි (කන ගාව බෝම්බ ගහනවා වගේ දැනෙන්නේ) එහෙට මෙහෙට පැද්දෙන කොට හුස්ම අල්ලගෙන ඉතිපිසෝ ගාතාව කිය කිය තමයි අපේ අය වැඩි හරියක් හිටියේ.

ඔය අහස් යාත්‍රාවට නගින්න ඉදලම වයිට හරිම කරදර.හූනෙකුත් චුක් චුක් ගෑවනේ ගෙදරින් එලියට බහිද්දි.ඔය අපේ අම්මා එහෙම ඉන්නවා නේද මූණ හට්ටියක් කරන් උන්නේ හූනගේ චුක් චුක් පාරට.
පුංචිලැ ගෙදර ගිහින් කට්ටියම බස් එකක් අරන් තමා ගුවන් තොටුපලට ගියේ.ඔය එයාර් පොර්ට් එකට පැය 2,3 කට කලින් ගිහින් කල් මරනවානේ.ඇවිත් බලද්දි වයිටා ටිකට් එකයි පාස් පොර්ට් එකයි ගෙදර දාල ඇව්ටිත්.

මෙන්න අපි ගිය එයාර් බස් එක !
අප්පච්චිට කෝල් කරල නහයෙන් අඩල කරලා බොහොම අමාරුවෙන් තමා ගෙන්න ගත්තේ.ඒකත් හරිය කියමුකො.අර අහස් යාත්‍රාවට නගින්න කලියෙන් දොරක් මැද්දෙන් යන්න තියෙනවා.ඔරලොසු ෆෝන් කැමරා එහෙම පෙට්ටියක දාල මනුස්සයා තමා ඒක ඇතුලින් යවන්නේ.වයිටත් ඉතින් ගියා ඒක ඇතුලින්.කලිනුත් ගිහින් තියෙනවා නොවැ.බයකුත් නෑ.වයිටා ඒකෙන් ඇතුලු වුනා විතරයි මහ හයියෙන් සද්දයක් දැම්මා. හෑ ? වයිටව ත්‍රස්තවාදියෙක් කියලා අල්ල ගන්න පැන්නා තමයි කියලා හිතුවේ.හිතන්න දෙයක් නෑ.කවුද ඇවිත් මාව අල්ල ගත්තේ නැතැ බෙල්ලෙන්ම.හෝව් හෝව් ! බයවෙන්න දෙයක් නෑ වයිටා ත්‍රස්තවාදියෙක් නෙවෙයි..වයිටගේ සාක්කුවෙ පෙන් ඩ්‍රයිව් එකනේ සද්ද කරලා තියෙන්නේ.මවුතුමි දෙහි ,ලුනුත් එක්කම කපනවා.

මලයාසියානු එයාර් පෝර්ට් එක
කොහොමෙන් හරි නැග ගත්තා කියමුකෝ අහස් යාත්‍රාවට.පැය 3ක් විතර සීතලේ ඒක අස්සේ ගැහි ගැහි උන්නේ.කන්නත් ඔය මොන මොනාද ජාති වගයක් හම්බුනා.නිදි මතේ වැඩි නිච්චි නෑ.ලස්සන ලස්සන අක්කලා ඇව්ත් අරවා මෙව්ව ඔනේද කියලා ඇහුවත් මතකයි.තව ලස්සන හැන්සම් කොල්ලොත් හිටියා.ඔය බීම එහෙම ගෙනත් දුන්නේ එයාලා.

වයිටා ඉන්න හෝටලේ තමා මේක
පොඩ්ඩාගේ බසය
ඉදලා ඉදලා බැස්සයි කියමුකෝ ඉතින්.අපේ පොඩ්ඩා ඇවිත් තිබුනා අපිව අරන් යන්න තඩි බස් එකකින්.වයිටා නම් මුලින් අදි මදි කරත් එක්ක ඕකට නගින්න.වයිටට බය හිතුනා බස් එක වයිටව ගිල ගනීද කියලා.බොහොම අමාරුවෙන් වදෙන් පොරෙන් තමා නග්ග ගත්තේ.
කොහොම නමුත් කලින් දවසේ නිදි මරා අම්බානට කට්ටියම මහන්සි වෙලා හිටියේ.පාං කියන්නත් වුනේ නෑ.වහනේ ගියේ පැයට කිලෝමීටර 140ක විතර වේගෙන්.අපේ රටේනම් හයිස්පීඩ් කියලා දහ පොලකින් විතරින් අල්ලන්න තිබුනා.ඒ ගමන අකුනු ගසන වෙලාවක අහස්යාත්‍රාවක යන එකටත් වඩා බය හිතුනා වයිටට.

වාහනේ යන ගමනුත් වයිටා කැමරාවෙන් වැඩය
කට්ටියටම පොඩ්ඩා ලග වසන්න බැරි නිසා කලින්ම හෝටලයක් බුක් කරල තිබුනා.අපි දැන් ඉන්නේ මලයාසියාවේ අග නගරේ වෙන ක්වලා ලම්පූර් වල.ඊයේ පෙරේදා දවසක්(31වෙනිදා) මෙහේ නිදහස් දවසලු .එයාර් පොර්ට් එකෙන්ම නිදහස් දිනය වෙනුවෙන් පොඩි තෑග්ගක් එහෙමත් ලැබුනා.මුලු නගරෙම කොඩි වලින් සරසලා පාර පේන්නෙත් නැති ගානට.හොදට ඇස් පේන එකෙක් වුනත් පැටලිලා මැරෙන්න ඉඩ තිබුනා.තව ඩින්ගෙන් වයිටගේ බෙල්ල හිර වෙනවා ඔය කොඩියකට පැටලිලා.පැටලුනාම ගලවගන්නත් බෑ.ඔය වෙලාවේ ලස්සන චූටි පොලිස් අයියා කෙනෙක් තමයි වයිටගේ උදවු වට ආවේ.

හෝටලේ තරු ගාන නම් මං දන්නේ නෑ.හැබයි ඇතුලේ තිබ්බ ජාති වලට වයිටට තරු විසික් වුනා.ඇතුලු වෙන තැනම තිබ්බේ මලයාසියාවේ රජ්ජුරුවන්ගේයි රැජිනගෙයි පින්තූර.ජෝඩුව ලස්සනේ බැරුවා.රජා නම් නාකි.ඒත් රැජිනට මයේ හිතේ 25ක් වත් නැතුව ඇති.නොද්දන්න බාසාවකින් චෑන් චූන් කියලා කවුද අපිව පිලිගත්තා වගේ මතකයි.පොඩ්ඩත් ඒ විදිහටම චූන් චෑන් කියල මොනාද දෙඩෙව්වා.ඇත්ත කියන්න එපයි.අපිටනම් මෙලෝ හසරක් තෙරුනේ නම් නෑ.බොන්නත් අමුතු බීමක් දුන්නා.බීල මත් වුනත් එක්ක.
පස්සේ දැනගත්තේ ඒක අපේ සරුවත් වගේ එයාලට ආවේනික වුන පොඩි ඇල්කොහොල් සාන්ද්‍රනයක් තියෙන බීමක් කියලා.කලින් දන්නවානම් බොන්නේ නෑ.දැන් ඉතින් බීපුවා වමාරන්නද ?මේ හෝටලේ කැරකෙන ආපන සාලාවකුත් තියෙනවාලු.කැරකිල්ල අඩු වුනාම ගිහින් බලන්න ඔනේ.

මෙහේ පඩි පෙලවල් නගින්න ඔනේ නෑ.කකුල් දෙක එක පාර තියලා හිටන් හිටියම රූන් ගාල උඩට අරන් යනවා.ඒ කියන්නේ පඩි පෙල ඇවිදිනවා අපි ඔහේ ඉන්නවා.වයිට ට අමුතු සෙල්ලමක් මේක.තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නවා එක පාර ගොඩ වෙන්නේ නැතුව.කාමරේට එහෙම යතුරක් දුන්න නෑ.කාර්ඩ් එකක් දුන්න ඒක අර ක්‍රෙඩිට් කාර්ඩ් වගේ අතුලට ඔබනවා දොර ඇරෙනවා.ලයිට් එහෙම දාන්නත් වෙනම කාර්ඩ් එකක් තියෙනවා.අමුතු අමුතු ගැජ මැටික් තමයි.ඔලුවත් අවුල් වෙනවා මේවා දැකලා.

පොඩ්ඩාගේ ලැපා සොරකම් කරන එක තමයි මගේ මුල්ම වැඩේ වුනේ.වැඩේ සාර්තකයි.ඒක නිසයි මෙහෙම පොස්ට් එකක් දාන්න ඉඩ ලැබෙන්නේ.මෙහෙටනම් දැන් 3 වෙනිදත් වෙලා.තාම වැඩ කරන්නේ ලංකාවේ වෙලාවට.ඉක්මනට ඒකත් වෙනස් කරගන්න ඔනේ.වෙනස පැය 3ක් විතරලු හරියටම වයිට දන්නේ නෑ.දැන්නම් ඔනේ කොට්ටයක් මෙට්ටයක් බදාගෙන සැපට නිදා ගන්න.ටයිප් කරන ගමනුත් ඇහැ පිය වෙනව.අද වගේ නෙවෙයි හෙට රට පුරා රස්තියාදුවෙ යන්න වෙයි සහෝ එක්ක.

කොහොම වුනත් බ්ලොග් එක පැත්තේ එන්න ලැබිම සතුටක්.පස්සේ හමු වෙනකන් ජයෙන් ජය !!!

Thursday, September 1, 2011

සහෝදරයන්ගේ වග ( හා සංවේගයෙන් දැනුම් දීම )



හෙට වයිට් යනවා පොඩ්ඩව බලන්න රට.ආයේ එන්නේ සති 3කින් විතර.එයාට මගේ වෙනසට කාරනේ දැනගන්න ඔනේලු ! .(හිහිහි...නෑ නෑ මං මේ නිවාඩුවට යන්නේ)මේ ගමන මා හෂියාද කැටුව යමි.ගමන යන්නේ මා,හෂියා,මගේ මවුතුමි,පුංචිගේ පවුල සහ සුදු නංගිගේ යෙහෙලියන් හා පවුලේ සැමයි.හෂියානම් සතියක් රැදි හිද ගෙදර පැමිනේ.වයිටා දොහොත් මුදුන් දී මේ දිනවල බුදුන් වදින්නේ යන ප්ලේන් යානය කඩා නොවැටෙන ලෙසයි.(යානය කඩා වැටි වයිටා ලොස්ට් වර්ල්ඩ් වලට ගියොත් නැවුම් අත්දැකීම් සහිත පොස්ට් කිහිපයක් දමන්නට හැකි වෙවි.ඒක නිසා වැඩි අවුලක්ද නොමැත)




 පොඩ්ඩා බලන්නට යන ගමන් කවදත් ඉන්ටර්රෙස්ටින්ග් ය.ඌ කවදාවත් එක තැන නොසිටි.ලොව වටා දුවයි.අපි එහේ යන විට මූ වෙන කොහේ හරි සිටිමටද ඉඩ ඇත.උගේ වැඩ එසේය.එවැනි දෑ අනන්තවත් අපහට සිදුවි තිබේ.ලොකු ලොකු ශොපින් මෝල් වලට මා රැගෙන ගොස් අතරමං කර ඒම පොඩ්ඩගේ ප්‍රියතම විනෝදාංශයකි.මා ඌ සොයා ගත් විට සැම විටම මට දෙහි කපා මවුතුමිගේ සුරතලා බවට පත් වේ.මවුතුමි එවිට මට අම්බානට බනී.මවුටද ඔහුට වඩා සුරතලෙකු නොමැත.සැම විට දුක් වන්නේ "අනේ පොඩි එකා රට ඉදන් කොහොම ඉන්නවාද දන්නේ නෑ"කියමින.(ලොක්කාද රටය.නමුත් ඌ ගැන වගක් නොමැත)මා මෙන්ද ලොක්කාද උගේ හැටි දනි.ඌට ඇති පාලුවක් නොමැත.මෙහේ ඉන්නවාට වඩා සැපෙන් සාමෙන් සතුටින් ඌ එහේ සිටි.

ඌද කපටියාය.අන්තිම සතියේ මා එහේ ගෙන්න ගැනීමෙන් වෙන්නේ සති 2ක් පමණ මගේ පන්ති පාසලද ඇතුලුව බොහො දැ කට් වීමයි.මොනා නමුත් ඌ හිත හොද එකාය.තව ටිකකින් මාගේ පොස්ට් එක කියවා ස්කය්ප් පැමින මා සමග රන්ඩු වෙවි.එනමුදු මා වඩා ආදරේ පොඩ්ඩාටය (ලොක්කා මේක දැක්කොත් ගනන් ගන්න එපා.පොඩ්ඩට බටර් ගෑමෙන් මා හට හෙට වාසි රැසක් හිමි වීමට ඉඩ ඇත.මා වඩා ආදරේ කාටද යන වග ඔබ දනී.)

ඊයේ කෝල් කල පරිදි මා වෙනුවෙන් විශේෂ දෙයක් ඔහුගේ අපාර්ට්මන්ට් එක සූදානම් කර ඇති බව පැවසිය.(ෂුවර් එකට නිදා ගන්නා කොට්ටේ යන ගොම ගොඩක් වත් තියලා ඇත.කරන්නේම ඒ වගේ වැඩය.)අම්මා පවසන්නේ පොඩ්ඩාද මාද එක පලුවේ අච්චු බවයි.නමුත් පොඩ්ඩාගේ සැබෑ නිවුන් සහෝදරයා වන්නේ ලොක්කාය.උන් දෙදනා සමාන වන්නේ රූපෙන් පමණි.ඇරපු අතක් නෑය එක වගේමය.ගති ගුණ වලින් අහසට පොලොව සේය.මුන් දෙදනා ඉගෙන ගත්තේ මරියකඩේ පාසලේය.නම කිව්වොත් තවමත් පරසිදුය.මරියාකඩේ කොල්ලන් මා හා වැඩි කතා බහක් නැත්තෙද උන් දෙදනාට ඇති බිය නිසා මය.මගේනම් ඇති බියක් නොමැත.


මුන් දෙදෙනා මේ වගේමය.දකුනු පසින් පොඩ්ඩාද වම් පසින් ලොක්කාද දැක්වේ.පාසල් යන කාලේ ලොක්කා දක්ෂ ක්‍රීඩකයෙකි.පාසලේ වර්ණ ද දිනා ඇත.පොඩ්ඩා ඉගෙන ගැනිමේ දක්ශයෙක් විය.පොඩ්ඩාට කැම්පස් යන්න ඉහටත් උඩින් ප්‍රතිපල තිබුනද ගියේ නැත.මා හිතන්නේ ඒක උගේ මොලේ අමාරුවක් ලෙසයි.ඌ රටේ නැති කෝර්ස් කර රට පැන්නේය.දක්ෂ මෘදුකාංහ ඉංජිනේරුවෙකි.විනෝදාංශය ලෙස එහි යෙදේ.කාලයක් බාප්පාගේ රට පවතින බිසිනස් ද බලා කියා ගත්තේය.බලාගැනිමේ තරම කොච්චරද පැවසුවොහොත් බ්‍රාන්චර්ස් කිහිපයක් ද වැසී ගියේය.ලොක්කා යහපත් පාලකයෙකි.ඌ සෑම දෙම බටර් ගා තබා ගැනීමේ දක්ශයෙකි.රටේ නම ගිය කොම්පැනියක නම ගිය විධායක අධයක්ෂයකයෙකි.ලංකාවේ ද පිටරට ද වසයි.

පොඩ්ඩානම් නියම ආදරවන්තයෙක්ය.ජීවිතයේ පලමු ආදරෙන් බූට් එකක් කෑ පසු තනිකඩව සිටියි.සිද්දිය වුනේ පාසල් යන කාලේය.නමුත් තවමත් ඒ ගැන ලත වෙයි.අමතක කිරීමට නොහැකි යැයි පවසයි.කෙල්ලනම් දැන් කසාදයකුත් කරගෙනය.ලොක්කාගේ පාසල් ලව් එකට දැන් ගෙදරින්ද අවසර ලැබි තිබේ.ලොකු නෑනා මහනුවර විසියි.ඈ අලි මහතය.ලොක්කා සහ ඈ එකට යන විට අලියා සහ කූබියාගේ කතාව සිහියට නැගේ.සෙට් වී ඇත්තේ මරියකඩේ පාසලේ මීඩියා ඩේ එකට ඇවිල්ලාය.ඒ පෙම් කතාවද රසවත්ය.කෙල්ල මුලින් සෙට් කරගෙන ඇත්තේ පොඩ්ඩාය.පොඩ්ඩාට නරක් වුනු කිරි පැකට් බීම නිසා පරිසරයට කතා කරන්නට යන්නට විය ඒ ඩින්ගට ලොක්කා පොඩ්ඩා සේ රග පා ඇම දමා තිබේ.ඌ කසාදේ කරගන්න බලන් ඉන්නේ මගේ උ.පෙ. ඉවර වෙනකල්ය.ලොක්කගේ හැටි එසේය.


මා උන් දෙදෙනාට වඩා අවුරුදු 9 කින් බාලය.උන් දෙන්නාට මා ඇස් දෙක සේය.අපි අතර ඇත්තේ පුදුමාකාර බැදිමකි.පුංචි කාලේ අපි මේ වගේය.උන් දෙදෙනාට සෑම දේකින්ම එක වගේ 2ක් අරන් දීම අපේ පවුලේ උදවියගේ සිරිතයි.එක විදිහට ඇද පැලද ඉන්නා විට බලන්න ආසාවේ බැරිය.හෙයාර් ස්ටයිල් එක පමණක් වෙනස්ය.නැතහොත් අදුරා ගැනීමට නොහැක.

මා කෙල්ලෙක් යැයි ඔවුන් මා කෙදිනකවත් කොන් කරේ නැත.කරනා සෑම මජර වැඩකටම මාව සෙට් කර ගනි.අයියලා ගිය පන්තියකට මාව වැද්දා ගන්නේ නැත.හේතුව ඔවුන් කර ඇති මරිසිපාල වැඩ නිසා ගුරුවරු මගේ වාසගම අහන විට පවා ගන්න බෑ බෑ කීමයි.මා ඔවුන් හා ගුටි කෙලි වලට පවා සහභාගි වී ඇත.වලියට මාව අරන් යන්නේ මා ඉන්න විට වාසනාව ගෙන දෙනවා කියමින.නියම දේ වන්නේ පොඩි එකෙක් ලග ඉන්නා විට එන කට්ටිය වැඩිපුර ගේම නොදිමයි.මරියකඩේ බිග් මැච් වලට පවා මාව කරේ තියාගෙන ගොස් ඇත.මරියකඩේ පාසලේ මා නොයන උත්සවයක් නොමැත.ඉස්කෝලෙට හචිමක් ගියත් මුන් දෙදෙනා හා අප්පච්චි එතනය.ඒ තරමට බොක්කෙන් පාසලට ලව්ය.(අප්පච්චිද මරියකඩේ පාසලේ නම රැන්දු අයෙකි)

උන් දෙදෙනාගෙන් හෂියාට හා මට වාසි රැසකි.හෂියාවද උන් උන්ගේම සහෝදරියක් සේ සලකයි.මට ගෙනා දේම ඇයටද ගේමට අමතක නොකරයි.රට ඉන්නා පොඩ්ඩා ටොන් ගානක චොකොලට් එවයි.ඒවා කා මා නිවාඩු කාලේ අලියා සේ මහත් වේ.

මුන් දෙදෙනා සංගීතයට බොහොම ලැදිය.ලොක්කා විශාරදය.පට්ටෙට බටනලා ගැසීමට හැක.පොඩ්ඩා කැමති ගිටාර් වැනි තත් භාන්ඩ වලටයි.පියානෝවද නියමෙට වයයි.මරියකඩේ බෑන්ඩ් එකේද සිටියහ.මට ද සංගීතය ඉගැන්වීමට මොවුන් උත්සහ ගත්හ.මගේ හඩ කාක්කන් පරදන බව වරෙක ලොක්ක මට පැවසීය.පොඩ්ඩානම් කියන්නේ මගේ ගිටාර් ගැසීම මයිනහමට තලන්නා සේ කියාය.මිහිරි හඩින් ගයා ලොක්කාගේ කන් රිදවිමට පොඩ්ඩාගේ ගිටාර් වලට තලා තත් ගැලවීමට නම් මා හපනෙකි.

මා ආස චිත්‍ර ඇදීමටය.මා අදිනා චිත්‍ර මිතුරන්ට පෙන්වමින් ඇඩ් එක දැමීම් මොවුන්ගේ සිරිතකි.ඒ මදිවට කාමරේ පුරා එල්ලා ගෙනද සිටි.ලොක්කාගේ ඔපිසියේ කැබින් එකේද මා ඇදූ තඩි චිත්‍රයක් ඇත.මුන් මට ගහන්නේ නැත.ඉද හිට ටොක්කකින් සංග්‍රහ කරති.නමුත් මා උන් සමග වලියට යමි.රංඩු වෙමි.මා ගුටි ගසනකන් උපේක්ශාවෙන් බලා හිද මට ඇති වෙනකම් ම ගුටි කයි.දෙදෙනාගේ මාර සත්ත්ව කරුනාවකි.අපේ ගෙදර උන් දෙදෙනාද ඇතුලුව සත්තු වත්තකි.මාලුවන්,බල්ලන්,පූසන්,ගිරවුන්,බජිරි කුරුල්ලන්,ඉබ්බන්,සුදු මීයන් ජෝඩුවක්,දඩු ලේනේක් පවා මුන් දෙදෙනා සුරතලේට ඇති කරයි.

කොල්ලෙක් මා දෙස ඇස් පිල්ලමෙන්වත් බලුවොත් මුන්ට ආරංචි වේ.ඉතින් අර අසරනයාට බුදු සරනය.මොවුන්ට මා යන පංති වල බුද්ධි අංශයේ ඔත්තු සේවා රැසකි.මා අංශක 360 කැරකි කොහේ හෝ බැලුවොත් මගේ ජංගමේ දෙදරයි.අයියාගේන් මෙසේජ් එක එන්නේ " කොහෙද කැරකි කරකි බලන්නේ ? " කියායි.මා මෙතුවක් කල් කොල්ලෙකු නැතුව වේලි වේලි ඉන්නේද මේ නිසයි.කොල්ලෙකු මා ලගින්වත් නොයන්නේ මුන්ට අසුවුනොත් මොනාවයින් මොනා වෙයිද නොදන්න නිසාය.

නියම සහෝදරයෙක් ලෙස කවුරුන් හෝ කියයි නම් මගේ සහෝලාය.මට උන් පණ සේ මෙන් උන් මටද පණ සේය.මට සීරිමක් වුන කල්හිද උන් මා හොස්පිටල් උස්සන් යති.නමුත් මට ඇති අමාරුවක්ද නොමැත.මා අසනීප දවස්වල රෑ නිදි මරමින් මා ලග සිට ඇත.දවසක් මා බයිසිකලේ රැගෙන ගොස් වට්ටා තුවාල කර දොස්තර බෙහෙත් දමද්දි මටත් වඩා හයියෙන් පොඩ්ඩා හා ලොක්කා ඇඩුවා මතකය.

කන බොන දේවල් වලින් පොඩි කෑල්ලක් හෝ මට ගෙන ඒම උන්ගේ සිරිතයි.කුමාරියකට සේ මට සලකයි.මාගේ උපන්දිනය දවසට ගෙදර එකම විකාරයකි.උන් දෙදෙනා එකිනෙකා පරයමින් පාටි දමයි.මට එක එක විදිහේ ගවුම් අන්දා කොන්ඩේ විකාර ලෙස සකසා හැඩ බැලීමට උන්ට ඇත්තේ පුදුම උනකි.සමහරවිට ඒවා මට මහා වදයකි.එවිට මගේ මූණ මෙසේය.ඒවා ගැන මගේ හිතේ අහිතක් නම් නොමැත.එහෙම කරන්නේ උන් මට සෑම දේටම වඩා ආදරේ නිසාවෙනි.කෙදිනකවත් මට නංගි යැයි නම් අමතන්නේ නැත.අමතන්නේම "මොට්ටි - ගොනා - පිස්සි - මැටි පැටියා - වස්සා - ඕයි - බං - මචං " වැනි වදන් වලනි.අම්මාගේද අප්පච්චිගේද සූකිරි බෝල වන්නේ මේ දෙන්නාය.

මුන් දෙන්නා නහයෙන් අඩන්නේ මා එන්න එන්න ලොකු වෙන බව කියමින.මුන් අතහැර මට කොහෙවත් යන්න දෙන්නේද නැත.පන්තිවත් යන්න නොදේ.ගෙදර ඉන්නකන් පූසෙකු සේ ඇගේ දැවටි දැවටි සිටිය යුතුය..මුන් දෙදෙනා හනී මූන් එකටත් මා පස්සෙන් ඒවිය.මා හට කෙදිනකවත් කසාදයක්නම් බදින්න වෙන්නේ නැති බව මට සක් සුදක් සේ පහැදිලිය.

මට උන් නැතුව සැම විට පාලු දැනේ.මේ ගමනේ යන්නේ මා පොඩ්ඩා නිසාවෙනි.සති 3ක් කැප කර එන්නේ ඒ ගොන් අලියා නිසාවෙනි.ලොක්කාද ඉන්න දේවලෙකින් හෙට පොඩ්ඩා බලන්න එමි යැයි සිතමි.එන විට මට මොනා හරි රැගෙන එන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.


මං ගිහින් එන්නම්.බ්ලොග් එකේ මකුලු දැ එහෙම බැදුනොත් පුලුවන්නම් අයින් කරන්න.එතකන් ආයුබෝවන්.එහේ ගිහින් පුලුවන් වෙලාවකට බ්ලොග් කරනයේ යෙදෙන්න උත්සහ ගන්නම්.එතකන් ඔබට සුබ සති 3 ක්!!

වෙනස්

 I CHANGED ! 

A/L යනු අනේ මංදාය .උ.පෙ.කරන්න ආවම බයෝ සයන්ස් කරන්නේ කිව්වම හැමෝම හිතන්නේ අපි වගෙ උදවිය පොත අතේ තියන් ජීවත් වෙන්න ඔනේ කියලා.බහුතරයක් පිරිස එහෙම වුනාට මං වගේ අපගමනත් ඉදලා හිටලා දකින්න නොලැබෙනවාම නෙවෙයි.සමහර වෙලාවට අපිටම කලකිරෙනවා අපි ගත කරන ජීවිතේ ගැන.ට්‍රිප් එකක් යන්න නෑ.ෆිල්ම් එකක් බලන්න නෑ.සින්දුවක් අහන්න වෙන්නෙත් ඔය බස් එකේ යන ගමන් තමයි.ටිවි බලන්න වෙන්නේ නැත්තේ ඒ වෙලාවට ගෙදර නැති නිසා.මොනා වුනත් අපි මේ හැම දේම අවුරුදු 2ක් තිස්සේ කැප කරන්නේ එකම අරමුනක් වෙනුවෙන්.උ.පෙ.ගොඩ දාගන්න.සයන්ස් කොමර්ස් ආර්ට්ස් කරා කියලා වෙනසක් නෑ.ඔක්කොම එකම බෝට්ටුවේ තමයි.

ඊයේ අපේ අප්පච්චි ආව ගෙදර. සති ගානකට පස්සේ මාව ඊයෙ තමාලු දැක්කේ.රෑ 7.30 විතර පන්ති ඇරිලා ගෙදර ආවම මුලින්ම ඇහුනේ
අප්පච්චිගේ නෝක්කඩුව.
නිවාඩු කාලේක කියලා කොහෙවත් යන්නද.මේ කෙල්ලට 365 දවසයි පැය 24 යි ඔක්කොගෙම පන්තිනේ.

මම හිතින් - දෙයියනේ ! මගේ උවමනාවටද පන්ති යන්නේ.අම්මනේ ගෙදර ඉන්නකම් කෑගහන්නේ පන්ති යන්න පන්ති යන්න කියලා.-

අම්මා -
ඒක තමයි අනේ.මට මේ ඔෆිස් එකේ ට්‍රිප් එකවත් යන්න වුනේ නෑ.මේ ළමයව තනියෙන් දාල යන්න විදිහකුත් නෑනේ.මේ මාසෙට දෙපාරක් රට යන්නම ලැබුනා.මේ දවස් ටිකේ කෙල්ල හරියට අමුතු වෙලත් එක්ක.
මං ඉතින් ඇහුන නෑහුන ගානට බැග් එකත් කරේ එල්ලගෙන ඇතුලට ආවා

ආ.දැන් ද ගෙදර එන්නේ ?
ඔව් අප්පච්චි.7.00 විතර පන්ති ඉවර වුනේ.
මොකෝ ඔය ලමයගේ හැටි ?
- ඈ ? හැටි ? ඇදුමේ අවුලක්ද -
ඇයි අප්පච්චි මොකක්ද ඇදුමේ තියෙන ප්‍රශ්නේ ?
ඇදුම නෙවෙයි ළමයො.බලනවා වැහරිලා තියෙන හැටි.කෙට්ටු වෙලා.මූනත් ඇදිල ගිහින්.ඒකෙත් හැටි බලනවා.මුනේ හැම තැනම පිම්පල්ස්.දර හැවල්ලක් වගේ.සති 3ට කලින් දැක්ක වගෙ නෙව්යි.ඔය ලමයට ගෙදරින් කන්න බොන්න දෙන්නෙ නෑ වගෙනේ.
අම්මා ඉතින් කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන එක.
පන්ති ඇවිත් ගෙදර ආවම පාඩම් කරද්දි නින්ද යනවා කියලා දැන් දවස් ගානකින් රෑට කාල නැද්ද මන්දා.එකනේ ඔය ඇදිල ගිහින් තියෙන්නේ.
අප්පච්චි -
අතැරල දාන්ව ඔය සයන්ස් කිරිල්ල වෙලාවකට කන්න බොන්න බැරිනම්.!!
මම හිතින් 
- ආස නැද්ද මාත් අනිත් අය වගේ 3A දාල කැම්පස් යනවා බලන්න.?? -

- ඉතින් අප්පච්චි මොන විදිහේ හැටියක්ද බලාපොරොත්තු වෙන්නේ උ.පෙ. සයන්ස් කරන ලමයෙක්ගෙන්  ක්‍රිස්ටින් ස්ටුවර්ට් කෙනෙක්ද නැත්නම් සෙලිනා ගෝමස් කෙනෙක්ද ? -


පොඩි අයියා මේ ලගදි කතා කරලා නෝක්කඩුව.
පොඩ්ඩා -
ඒයි ගොන් අලියා.මොකෝ ෆේස් බුක් එකෙන් අයින් වෙලා ?
(උන් දෙන්න නංගි කියලා මට කතා කරොත් ඉර බට හිරින් පායාවි.අයියලානම් කියන්නේ එහෙම කතා කරන්නේ ෆිට් එකට කියලා)
හරි කරදරේ.අරකට කමෙන්ට් කරේ නෑ .අහවලා එක්ක චැට් කරේ නෑ දාහක් දොස් මුර.අනික කලෙත් නෑස්ති වෙනවා.

පොඩ්ඩා -
ඒ මේ සුදු නංගි.විහිලු කරන්නේ නැතුව අක්කට දෙනවා ෆෝන් එක!
(සුදු නංගි අපේ පුංචිගේ දුව.එයාගේ කට හඩත් මං වගේමයි)
නෑ නෑ පොඩ්ඩා මේ මං තමයි.
පොඩ්ඩා - 
ඈ බං.උබට මොනා වෙලාද ?ඇහුවමයි උබේ කටින් ඔහොම කතාවක් ? 
මම - 
උ.පෙ.ට තව අවුරුද්දයිනේ !
පොඩ්ඩා - 
හහා.ඒකත් එහෙමද.කොහොමත් උබට ලංකාවෙ විශ්ව විද්යාලෙකටනම් යන්න දෙන්න නෑ ගෙදරින් තෙරුනත්.
මම - 
මං දන්නවා.
පොඩ්ඩා - 
ඉතින් බං දැන දැන මොකට මහන්සි වෙනවද ? ඔන්න ඔය අවුරුද්දක් හිටියා වගේ ඉතුරු කාලෙත් ජොලියේ ඉන්නව.උ.පෙ.ඉවර වුනාම මං උබවත් මෙහෙට ගෙන්න ගන්නම්.
මම - 
මං ආසයි ලංකාවේ විශ්ව විද්යාලෙකට යන්න.ඒකයි පිස්සු අතෑරල ඉගෙන ගන්න හිතුවේ.
පොඩ්ඩා - 
හරි හරි.උබේ කැමත්තක්.ඉදල හිටල ස්ක්යිප්වත් එනවා.මට මෙහෙන් ඔහාට කොල්ස් ගිනි ගනන්.බැරිනම් අම්මටවත් දෙනවා.දවස ගානේ කතා නොකොරොත් මාව හොයන් මෙහෙට ඒවි.
මම - 
හ්ම්ම්ම්...හා.මං කරන්නම්.
පොඩ්ඩා - 
අනේ මංද මොකක් වෙලාද කියලා.කියනවා මොකක්ද අවුල ?
මම - 
මුකුත් නෑ.ඇත්තටම මට දැන් ඉගෙන ගන්න ඔනේ.
පොඩ්ඩා - 
........... අම්මපා !...........නෑ නෑ මොනා හරි වෙලා තියෙනවා.හෙට මට කිව්වෙ නැත්නම් නෙක්ස්ට් වීක් මම ලංකාවට එනවා මොනාද වෙලා තියෙන්නේ කියලා බලන්න.
මම - 
කිව්වනේ එක පාරක්.සිරාවටම දැන් මට ඉගෙන ගන්න ඔනේ.


ගිය සතියේ බයෝ පන්තියේ

යාලුවා - 
ඒ මේ වයිට් පරිවහනය ටෙස්ට් එකට පාඩම් කරේ නෑ නේද බං ?
මම හිතින් - ඇයි යකො අහන්න බැරිද පාඩම් කරා නේද කියලා -
මම -
නෑ මචන්.මං පාඩම් කරා.
යාලුවා-
ඈ ? උබ සිරාවට කරාද?
මම-
ඔව් මචන් මං සිරාවටම පාඩම් කරා.
මම-
ඔව් මචන් මං සිරාවටම පාඩම් කරා.
(තත්පර 15ක් විතර කතාවක් නෑ)
යාලුවා -
උබ සිරාවටම වෙනස් වෙලා.

ඇත්තටම මං වෙනස් වෙලාද ? ඔව් මං වෙනස් වුනා.වෙනස් වෙන්න ඔනෙම වෙලාවක මං වෙනස් වුනා.මං පිස්සු නට නට උ.පෙ. ජීවිතෙන් අවුරුද්දක්ම නාස්ති කරා.මගෙ යාලුවො (උන් ඔක්කොම අතිශය බ්‍රයිටෝ) පන්තියේ 1,2,3,4 වෙද්දි මං හැමදාමත් පන්තියේ 20 වෙනියා විතර.ඒත් කවදාවත් මට එයාල ගැන ඉරිසියාවක්වත් අසතුටක්වත් ඇති වුනේ නෑ.හදවතින්ම එයාලා ගැන සතුටු වුනා.


මගේ පාසලේ අපෙ අංශ ප්‍රදාන මිස් මේ ලගදි දවසක පාරෙදි මුන ගැහිලා මාවත් (හෂියාද ඇතුලුව)අඩ ගහගෙන ගියා කඩේකට කෑම කන්න.(මිස්ලා හදවතින්ම අපිට ආදරෙයි)
බලන්නකො දුව .ඇයි ඔයා විතරක් මග හැලෙන්න උත්සහ ගන්නේ.ඔයාට හොද මොලයක් තියෙද්දි හොද යාලුවො කට්ටියක් ඉද්දිදි වෙන ලමයින්ට නැති ගොඩක් දෙවල් තිබිද්දි නාස්ති වෙන්නේ ? යාලුවො ඔක්කොම හොදට ඉගෙන ගන්නවානම් ඇයි ඔයාට බැරි ? මං දන්නව ඔයාල 5 දෙනාගෙන් හොදම ස.පෙ.ප්‍රතිපල තියෙන්නේ ඔයා කියලා. මහන්සි වෙලා වැඩ කරන්න.බාහිර වැඩ කරලා ඉස්කොලේට නම ගෙනාවට මදි දුව.ඉගෙනීම අතිනුත් වැඩ පෙන්නන්න ඔනේ.ඔයාල 5 දෙනා හැමෝම අතර ජනප්‍රියයි.කවදා හරි උසස් පෙළ ප්‍රතිපල ආවම කවුරුත් බලන්නේ ඔයාල ගැන.හැමෝම මීට වඩා ඔයාලගෙන් බලපොරොත්තු වෙනවා.විශේෂයෙන්ම ඔයා ගැන.මං හොයලා බැලුවා ඔයා ගැන.පිරිමි ළමයකුගෙන් ප්‍රශ්නෙකුත් නෑ ඔයාට.ඇයි දුව එහෙනම් ඉගෙන ගන්න උනන්දුවක් නැත්තෙ ? මට කියන්න මොකක්ද ප්‍රශ්නේ ?
බලන්න 

මට මිස්ට දෙන්න උත්තරයක් නෑ.ඇත්තටම මට කිසිම ප්‍රශ්නයක් නෑ.ගෙදරින් අවුලක් නෑ.ලව් ඉලවු නෑ.
මං නිශ්ශබ්දයි.ඔකොමත් තියාගෙන ඇයි මං උනන්දු නැත්තෙ ?
එදා උ.පෙ.ඉවර වෙලා.මගේ නෑදෑ කසින් කෙනෙක් ලානන්දේ (මේ පාර උ.පෙ.කරපු )ගෙදරට පය තියද්දි කෝල් කරා.
නංගි මං නම් ගොඩ.අනිවා ෂුවර් මට ෆැකල්ටි යන  එක.ඊලගට ඔයාගේ වාරේ.අපි කොහොම හරි මේ වැඩේ කරමු.අතාරින්න එපා.මං දන්නව ඔයාට පුලුවන්.උබ මටත් වඩා දක්ෂයි.නිකන් නාස්ති වෙන්න එපා.හොදට ඉගෙන ගනින් අපිටත් ආඩම්බර වෙන්න පුලුවන් විදිහට.




මේ පාර දෙවෙනි වතාවට උ.පෙ. කරපු බාහිර වැඩ නිසාම මීට් වුන සහෝ කෙනෙක් ඉන්නවා කුරුදුවත්ත පාසලේ.හොස්ටල් එකේ ඉගෙන ගත්තේ.එයත් මං වගේම පිස්සු කරන කෙනෙක්.එයා ඉන්බොක්ස් කරලා තිබුනා කෝල් කරන්න කියලා.මාත් ගත්ත කෝල් එකක්.හදිදිසියක්ද දන්නේ නෑ නේ.

සහෝ -
මේ පාර ලකුණු ගැන ආරංචි මට.
(මට ඉස්කොලෙදි හචිමක් ගියත් මෙයා දන්නවා.)
මම -
හිහිහිහි...මං ඉතින් කොහොමත් එහෙමනේ.
සහෝ -
මේ අහනවා මොටිටි.මං දැන් හරියට දුක් වෙනවා පලවෙනි පාරම මොරටුවට යාගන්න බැරි වුන එක ගැන.මගේ යාලුවො සෙට් එකම එක පාරින්ම ගියා.මං පිස්සු නටපු නිසා තව පාරක් කරන්න වුනා..මේ පාර මොරටු ගියාට මට ඉන්න වෙන්නේ උන් එක්ක නෙවෙයි.බාල සෙට් එකක් එක්ක.උබත් පුලුවන්නම් මං වගේ පිස්සු නට නට ඉදල කෙලව ගන්නවා ඒ ලෙවල් වලට.ඔලුවට තට්ටු කරල මැටි කබල බිදලා වැඩ පටන් ගන්නවා.තව අවුරුද්දයි තියෙන්නේ.ඒ හොදටම ඇති ඔයා වගේ කෙනෙක්ට.පෙන්නනවා අනික් උන්ට තමුසෙටත් පුලුවන් කියලා නිකන් වල බැහැලා ඉන්නෙ නැතුව.එස් 2කයි එෆ් 1කයි ගත්තම මට වුන දෙවල් මං විතරයි දන්නේ.මිනිස්සු මොනාද නොකිව්වේ.ලැජ්ජාවෙන් මැරෙන්න හිතුනා මට.මට එහෙමනම් මිනිස්සු කොහෙන් හිනා වෙයිද දන්නේ නෑ තමුසෙට කෙල වුනොත්.මං කැමති නෑ මං වටුන වලේ තව එකෙක් වැටෙනවා බලන්න් ඉන්න.අපි ඔක්කොම උදවු කරන්නම්.ඉගෙන ගනින් දැන්වත්.


මං මේ පොස්ට් එක දැම්මේ මේ කතා වලින් පස්සේ මං වෙනස් වුන නිසා.මං වගෙම තව පිස්සු නටන මොලේ තියෙන එකෙක් දෙකෙක් හරි මේ පොස්ට් එක දැකල හිතට අරන් වැඩ කරලා අනාගතේ හදා ගනි කියලා හිතුන නිසා.අම්මලා අප්පච්චිලා ආසයි අපි හොද තැනක ඉන්නව බලන්න.වටේ ඉන්න මිතුරු මිතුරියෝ සතුටු වෙනවා අපිත් උන් වගෙම එක පොරේට ඉගෙන ගන්නවා බලන්න.වයිට්ව වෙනස් කලේ එයාල.ඔයාලට ගොඩක් පින් මගේ මොලේ පාදල ඉගෙන ගන්න උදවු කරන එකට.


මට පිසික්ස් කරන සර් මේ ලගදි මට කිව්ව.
"බැහැයි කියලා කියන්නේ මොනා හරි දෙයක් ගැන අපි කියන්නේ ඒ ගැන උත්සහය අතෑරුවමයි.බැහැයි කියලා දෙයක් නෑ ළමයෙකුට.උනන්දුව තියෙනවනම් උත්සහ කරනවනම් ඔනෙම දෙයක් පුලුවන්'


සහතික ඇත්ත.හැමෝටම ඔනේ දෙයක් කරන්න පුලුවන්.මේ පිස්සු කර කර හිටපු මට පුලුවන් නම් ඔයාලට බැරි වෙන්න විදිහක් කොහෙත්ම නෑ.හිතට ගන්න වෙනස් වෙනවා අද ඉදන් කියලා.මේ ලොකේ බැරි කිසිම දෙයක් නෑ.

Monday, August 29, 2011

51 යි !

2011.08.27 වෙනි දිනට මගේ ආදරනීය අම්මට අවුරුදු 51ක් පිරුනා.(අදුරන හැමෝටම කිව්වේනම් 41ක් කියලා.කොහෙද ඉතින් අපේ අප්පච්චි අම්මගේ 50වෙනි උපන්දිනෙ රට ටම කියලා සමරපු නිසා වයස හන්ගන්න බෑ කියලා දුකෙන් තමා අම්මා නම් ඉන්නේ).මේ දවස්වල මාසයක් විතර යනකම් අප්පච්චි ඉන්නේ ගෙදරින් පිට.අයියලා දෙන්නා නම් කොහොමත් මෙහෙ නෙවෙයි ඉන්නේ.ඒත් එයාල අමතක කරල තිබුනේ නෑ අම්මට උපන්දින තෑග්ගක් එවන්න.

උන් දෙන්නට නම් මොකෝ.හම්බකරන එව්වා මොනාට හරි වියදම් කරන්නත් එපැයි.පොඩ්ඩා නම්  Cartier ඔරලොසුවක් එවලා තිබුනා.මගේ පපුවත් එක්ක දාල ගියා එකේ ගාන අහුවම.ලොක්කනම් අහින්සක විදිහට සාරියක් එවලා තිබුනා.මං අරන් දුන්න මාලේ දැම්මම කිසිම ගැලපීමක් නැති වුනාට මොකද අම්ම ඒකත් දාගෙන තමයි ගියෙ.දැන් ඉතින් ඔෆිස් එකෙ අයට කනක් ඇහිලා ඉන්න බැරි වෙවි පම්පොරියෙන්.අම්මගේ මූනේ තියෙන ආඩම්බර බලන්න ඔනේ අද ඒවත් ඇදගෙන යද්දි.අම්මා පවුලේ වැඩිමලා නිසා මල්ලිලා නංගිලා ඔක්කොම අද අපේ ගෙදර එන බව දැනගෙන හිටියත් අම්මට අප්පච්චි නැතුව මොන උපන් දින ද යන තත්ත්වේ තමා හිටියේ.(ඒ දෙන්නගේ අමුතු ජාතියේ ලව් එකක් තමා තිබ්බේ.ඉන්නකම් රන්ඩු වෙන නැති වුනාම සොවින් තැවෙන.)

කොහොම හරි හවස මගේ කෙස්මිස්ට්‍රි පන්ති ඉවර වෙලා මාමා ඇවිත් හිට්යා එක්කන් යන්න.කට්ටිය ඔක්කොම එක්ක ගියා බෙල්ලන්විල පෙරහැර බලන්න.පාස් තිබ්බ නිසා චප්ප වෙන්නේ නැතුව බලුවා ලස්සනට පෙරහැර.(මටනම් හිතුනේ සෙනග අස්සේ ජොලියක් දාගෙන බලන්න බැරි වුන එක අපරාදේ කියලා).

කොහොම කොහොම හරි අපේ පොඩි සෙට් එකට සෙල්ලම් කරන්න යන්න ඔනේ  වුනා McDonald එකට.රෑට කන්නත් එක්ක ගියා ඉතින් ඔන්න.(පොඩි සෙට් එක ගැන වචන නෑ මට.මුන් ටික පිට රටක ගිහිනුත් හොයන්නෙ ඒ මගුලම තමයි)මං යනකම් ම නහයෙන් අඩ අඩ ගියේ.ඔය මස් කෑල්ලකුඉ බර්ගර් එකයි කාල කාටද බඩ පිරෙන්නේ මං අහන්නේ ?

මගේ අඩ වැඩියාවේ තරමට බාප්පා අල දොසේ ගෙනත් දුන්නා.කට්ට්ටිය දන්නවද මංදා Mcවගේ තැන් වලට පිටින් කෑම ගෙන්න බෑ කියලා.මටනම් හොරෙන් කන එකේ මාර ෆන් එකක් තිබුනේ.Macඑකේ කොල්ලෙක් පිගන් උස්සන් යන කොට මම කෑම එක හන්ගනවා ආයේ ශේප් එකේ කනවා.ටිකක් වේලා යද්දි නැන්දලා මාමලා බාප්පලා පුංචිලා ඔක්කොම මගේ අල දොසේ එකට වැඩේ දෙනවා.

පොඩි සෙට් එක නටල නටලා හෙම්බත් වෙලා අවිත් කෑවා කෑවා මාරම කෑමක්.වේටර්ල ඇස් උඩ තියන් තමා බලන් හිටියෙ කන කෑම දිහා.කනවා කනවා ඉවරයක් නෑ.අම්මා නම් හුස්ම උඩ තියන් හිටියේ බිල කොහොම වෙයිද කියලා.ඒ මදිවට Mc එකේ කට්ටිය බය වෙලාද මන්දා හිටියේ කෑම ඉවර වෙවි කියලා.
අපි කට්ටිය මිස්ටර් මැක් එක්ක එකට ඉදන් පින්තූර ගද්දි මැක් එකට ආපු මිනිස්සු බය වෙලා වගේ බලන් හිටියා අපි දිහා හරියට මේ මොන තුම්පනෙන් පැනලා ආපු කට්ටියක්ද වගේ..

මට මතක් වුනේ මගේ 17 වෙනි උපන්දිනේ සමරපු හැටි.යාලුවො එක්ක සින්දු කියලා නටලා කාලා ජොලියක් දාල එහෙම.මාත් නාකි වුනාම මේ වගේ පොඩි ඇච්චො සෙට් එකක් එක්ක රටෙ නැති ඕප දූප කියව කියව උපන්දිනේ සමරාවි නේද ?බොරින් කමට මැරිලා ඉදිවි මම.

ඔක්කොමත් ඉවර වෙලා කට්ටිය ගියා ගාලු මුවදොර පිටියට.මං නම් හරි බයයි ඒකට යන්න.මොකද පොඩි කාලේ අම්මලට මාව අමතක වෙලා මාව මෙහෙ දාලා ඇවිත් තියෙනවා.(අයියලා නම් කිව්වේ හිතලම තමයි මාව දාල ආවේ කියලා)මාමලා බාප්පලා ඔක්කොම අමදයප නිසා අහිංසකයෝ වගේ සරුංගල් ඇර ඇර හිට්යා.මහ රෑ සරුංගල් ඇරලා බාප්පා අතත් කපා ගත්තා නුලට.
මායි නංගියි එයාගේ හොදම යාලුවයි පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්දා.වැඩි වෙලාවක් යන්න කලින් මට තෙරුනා පිරිමි පරානයක් නැතුව එහෙ මෙහෙ ඇවිදින එකනම් එච්චර නුවනට හුරු දෙයක් නෙවෙයි කියලා.හැම තැනම පෙම් සුව විදින උදවිය,කුඩු කාරයො,ඩ්‍රින්ක්ස් දාන උදවිය,වල් මිනිස්සු.අම්මා නම් සුපුරුදු පරිදි පුන්චිලයි නැන්දලයි එක්ක කෝප්ප හෝද හෝද හිටියා.

මට නම් හිතුනේ මේක කිසිම කමකට නැති කාලේ නාස්ති කිරිමක් කියලා.ගෙදර ගිහින් පිසික්ස් ගනන් ටිකක්වත් හැදුවනම් දාහෙන් සම්පතයි කියලා හිතුන වාර ගාන අනන්තයි මට.

කොහොම හරි ඔක්කොමත් ඉවර කරලා ගෙදර එද්දි රෑ 1.30ත් පහුවෙලා.ඔන්න ඔහොම තම්යි අපෙ අම්මා 51 වෙනි උපන්දිනේ සැමරුවේ.

Tuesday, August 9, 2011

අනෝමා නෙවෙයි නාලිකා !

මේක වුනේ මේ ලගදි දවසක මම යාලුවෙක්ගේ ගෙදර ගිය වෙලාවක.මගේ හොදම යාලුවෙක්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා.තාම පොඩි එකා.6 වසරේ ඉගෙන ගන්නේ.ඔය මරදාන පැත්තේ ප්‍රසිද්ධ පාසලක කොල්ලා ඉගෙන ගන්නේ.කරන්න තියෙන බාහිර වැඩ ඔක්කොම වගේ කරනවා.ඉගෙන ගන්න එක නම් කරන්නේ ආන්ටිගේ කටේ බලේට.
ඉතින් මේ කියන දවසේ මමයි මගේ තව යාලුවෙකුයි මේ කතාවට අදාල මල්ලිගේ අක්කා හෙවත් ලප දමයන්තිගේ හෙදර ගියා.අපි ගෙදරට ඇතුලු වෙද්දිම ඇහුනේ ආන්ටිගේ කැගැහිල්ල."මූට කොච්චර කියල දුන්නත් වැඩක් නැ- මොට්ටයා !! " අපි දෙන්නත් එක්ක ගිහින් උඩින් විසි වුනා ආයේත් වත්තටම.බලන කොට හෙට අර පොඩි එකාගේ ටර්ම් ටේස්ට් එක.තියෙන්නේ බුද්ධ ධර්මය ලු.කොච්චර ඉගැන්නුවත් මේ පොඩි එකාට මතක හිටින්නෙත් නෑලු.
ආන්ටි ආපි ගමන් මට කියාපි."දුවේ පුලුවන්නම් ඔයාවත් මේකට පාඩමක් කියල දෙන්න."කියලා.ආන්ටිගේ කීම අහක දාන්නත් බැනේ.ආපු කාරනේ පැත්තක තියලා මාත් සෙට් වුනා පොඩි එකාට පාඩම කියල දෙන්න.වැඩේ ලස්සනට ගලාගෙන යනවා.මගේ ඉගැන්නිල්ලේ හොද කමට පොඩි එකත් පට පට ගාල හරි උත්තරත් දෙනවා.පොඩි එකාට කොච්චර කිව්වත් සිදුහත් කුමාරයා එතර වුනේ අනෝමා ගං තෙරෙන් කියන එක මිටර් වෙන්නේම නැ.
ඒ පාර මම මෙහෙම කිව්වා."මල්ලිට මතකෛ නේද ලප දමයන්ති අක්කගේ කෙමිස්ට්‍රි මිස් ව ?"මල්ලි කියාපි "ආ ඔව් අක්කේ.මිස්ගේ නම අනෝමා නේ ?""හරියට හරි අන්න ඒ කෙමිස්ට්‍රි මිස්ගේ නම තියෙන ගගෙන් තමයි සිදුහත් කුමාරයා එතර වුනේ.දැන් මතකද මල්ලිට ?""ආ.හරි අක්කේ මට හොදට මතකයි !" මටත් දැන් මාරම හැපි.පාඩම උගන්නලා ඉවරයි.ආන්ටි ඇවිත් මල්ලිගෙන් ප්‍රශ්න අහනවා මල්ලියත් නියමෙට උත්තර දෙනවා වීරයා වගේ.අපි තුන් දෙනත් පැත්තකට වෙලා අහන් ඉන්නවා.ඔන්න ඉතින් ආවා ජජ්මන්ට් පොයින්ට් එකට.
ආන්ටි : "සිදුහත් කුමාරයා අභිනිශ්ක්‍රමනය කර නික්ම ගියේ කුමන ගං තෙර එතෙර වීමෙන්ද ? "
මල්ලි : "හ්ම්ම්......."
ආන්ටි :"කියනවා බලන්න ! මොන ගං තෙරද ? "
මල්ලි : "පොඩ්ඩක් ඉන්න අම්මා.අර අක්කගේ කෙමිස්ට්‍රි මිස්ගේ නම නේ"
ආන්ටි: "මාත් දන්නවා.කියන්න බලන්න."
මල්ලි: "ආ..මට මතකයි. සිදුහත් කුමාරයා එතෙර වුනේ නාලිකා ගං තෙරෙන්"
ආන්ටි: "ආ.......!!!!!!!!!! "
(හුටා !මට අමතක වුනානේ ලප දමයන්ති නාලිකා කියලා කෙමිස්ට්‍රි මිස් කෙනෙක්ගෙනුත් ඉගෙන ගන්නවා කියලා ! )