
මට වුන දෙයක් ගැන කිය කිය ඉදලා කුතුහලයක් දාල යන්න ගිය එකේ,ඒක ගැන කියලා ඉවරයක්ම කරමු කියලා හිතාගෙන තමයි අද මේ පැත්තේ ආවේ.ගෙදර ඉදලා කොච්චර එපා වෙලා ද හිටියේ කිව්වොත් වයිට ට ඔනේ කරා රස්සාවක් කරන්න.පළපුරුද්ද නැති උ.පෙ. කරලා වැලේ වැල් නැතුව ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ට රස්සාවක් හොයාගන්න එක එච්චර ලේසි නෑ කියලා වැඩි කල් යන්න කලින්ම වයිට ට තේරුනා.දවසක බ්‍රිතාන්ය කවුන්සිලයේ පන්ති යන ගමන් වයිට හවසට කම්මැලි කමට වයිටගේ අප්පච්චිගේ කන්තෝරුව පැත්තේ ගියා.
එදා කොහොම හරි පාසලෙන් චරිත සහතිකේ ගන්න කියලා තිබුන සහතික මිටියත් උස්සගෙන තමයි ගියේ.වයිට ගේ අප්පච්චි පත්තරකාරයෙක්.ඉතින් වයිට යද්දි වයිටගේ අප්පච්චි කොහෙදෝ ගිහින්.වයිට ට වුනේ අප්පච්චි එනකන් ඉස්සරට වෙලා වාඩි වෙලා ඉන්න.වෙනදා වගේ නෙවෙයි එදා සෑහෙන්න සෙනග.වයිටත් ඉතින් ඔහේ ඉදගෙන හිටියා වෙන දෙයක් වෙද්දෙන් කියලා.
වයිටගේ එහා පැත්තේ හිටියේ කොන්ඩේ කොටට කපපු ගෑනු ළමයෙක්.වැඩි වෙලා යන්න කලින් පොඩි කතාවකට මුළ පිරුවා.
" You also came to the interview right ? I am ..... . "
වයිටගේ එහා පැත්තේ හිටියේ කොන්ඩේ කොටට කපපු ගෑනු ළමයෙක්.වැඩි වෙලා යන්න කලින් පොඩි කතාවකට මුළ පිරුවා.
" You also came to the interview right ? I am ..... . "
ඒක තමයි මෙච්චර සෙනග. වයිට ට උත්තරයක් දිගන්න කලින්ම අර ළමයා ආයෙත් කතාව.
" I am so nervous, I don't even know whether I will get this job. But I have written to this newspaper for couple of weeks. Hopefully I will get this job. Have you ever wrote something before ?"
එතකොටම දොරෙන් ඔලුවක් එලියට ආව. " You are next "
" Wish me all the best. And I wish you the same" ගෑණු ළමයා දොර ඇතුලට අතුරුදහන් වුනා.
ඉතුරු ටික තව ඉස්සරහට...
එතකොටම දොරෙන් ඔලුවක් එලියට ආව. " You are next "
" Wish me all the best. And I wish you the same" ගෑණු ළමයා දොර ඇතුලට අතුරුදහන් වුනා.
ඉතුරු ටික තව ඉස්සරහට...
ඉංග්‍රීසි නොතේරෙන නිසා මොනවත් හිතට එන්නේ නැත... :D :D
ReplyDeleteඔහොම තමා කතා පෙට්ටිවලට අහුවුණාම.අනික ඒ ළමය බය වෙලා ඉන්නැත්තේ.. හැබැයි ඉතුරු ටික මොනා වෙයිද කියලා තමයි හිතාගන්න බැරි.ඉක්මණට ලියමුකෝ!
ReplyDeleteකෝ වයිට් ඉතුරු ටික. දැන් මාස 4 කටත් වැඩියි නේද?
ReplyDelete