Sunday, September 4, 2011

ස්තුතියි !

මං මුලින්ම බ්ලොග් කියවන්න පටන් ගත්තේ අහම්බයකින්.පාසලේ පරිගණක අංශයේ කවුදෝ සිංහල බ්ලොග් සංසදයට අදාල වෙබ් පිටුව නරබමින් ඉදලා එහෙමම තියලා ගිහින් දැකලා තමයි මාත් බ්ලොග් ඇබ්බැහියෙක් වුනේ.දවස ගානේ බ්ලොග් කියවන එක මගේ විනෝදාංශයක් වුනා.මා මුලින්ම කියවන්න ගත්තේ අපේ පූසන්ගේ බ්ලොග් ගඩොල්.ඒ අනුව ගිහින් රත් ගමයා ,මගේ ලෝකය ,ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න , සොදුරු නවාතැන , මෙන්න මෙහෙමයි,දුමීගේ කට කහන කතා,පිස්සාගේ පලා මල්ල ,කොට ජිවිතේ , දුකා, කතන්දර, සිතුවිල්ලෙන් බිදක් , කලු සුදු, සුලැගිල්ල වැනි බොහෝමයක් බ්ලොග් නිතර දෙවෙලේ කියවන්න වුනා.

හිතේ ඇතිවුන ආසාවක් නිසාත් නිවාඩුවක් ලැබුන නිසාත් මාත් බ්ලොග්කරනයට එකතු වුනා.මුල් කාලෙදි නම් මං ම ඇවිත් මං ම බලලා මං  ම සතුටු වුනා පොස්ට්ස් කියවලා.ඒත් එතනින් නතර වුනේ නෑ වයිටා.කට්ටියවම ෆලෝ කරා.පුදුම උනක් තිබුනේ කියවන්න.ෆලෝ කර කර කියෙව්වා.බත් කන ගමන්,වැඩ කරන ගමන්,යන ගමන්,එන ගමන් හැම තිස්සෙම වගේ කියෙව්වා කියෙව්වා ඉවරයක් නෑ.කියවලා හිතේ හැටියට හිනා වුනා,සමහර වෙලාවට ඇඩුවා.පස්සේ පස්සේ බය සැක අතෑරලා බ්ලොග් වලට කමෙන්ට්ස් පල කරා.

මගේ ෆලෝ කිරිමෙයි කමෙන්ට්ස් දැමිල්ලයි නිසාද මන්දා අපේ අභිත සහෝදරයා පෙර පිනකට වයිටව දැකලා මේ පැත්තට ආව.මට උපදෙසකුත් එක්ක කමෙන්ටුවක් පල කරලා කීප දෙනෙක්ටත් මේ බ්ලොග් එක ගැන කියලා තිබුනා.ඒ සහයෝගයේ ප්‍රතිපලයක් විදිහට සෝරෝ - බ්ලොග් ගඩොල් - රංග - බුවා වැනි බ්ලොග්කරනයේ යෙදෙන පිරිසක් එකතු වුනා.බ්ලොග් ලිස්ටින්ග්ස් වලට මාව ඇතුල් කර ගනිමින් වචනයකින් හරි එයාල ලබා දෙන උදව්ව වයිටට ගොඩක් වටිනවා.කියලා නිම කරන්න වචන නෑ.

මේ හැම දේටම මුල් වුනේ අභිත සහෝදරයා.මං ආසාවෙන් කියපු බ්ලොග් ලියනා අය මගේ බ්ලොග් එකත් කියවනවා කිව්වම වයිට පුංචි පහේ ආඩම්බරේකුත් දැනුනා.අභිත සහෝදරයා මෙන්ම සෝරෝ - බ්ලොග් ගඩොල් - රංග - බුවා ; මං වැනි නවක බ්ලොග් කරුවෙක්ට ලබා දෙන අත හිතට සහයෝගයට ඔබලා සැමෝටම බොහොම ස්තුතියි !!!!

ප.ලි. - මා නොමැති විට මා වෙනුවෙන් මා කියු අදහස් එලෙසම බොහොම අමාරුවෙන් ටයිප් කර පල කරන මගේ හොදම යහලුවෙක් වෙන ෂෙහාන්ටත් ස්තුතියි ! 

10 comments:

  1. එල එල...
    යමු යමු ඉදිරියට..
    අපි ඇති ඔබ සමගම..

    ජයෙන් ජය..!!

    ReplyDelete
  2. මේ වගේ ලස්සන බ්ලොග් එකක් ලියලා අපිට ලබාදෙන සතුට වෙනුවෙන් ඔයාටත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මට ගොඩක් සතුටුයි මුලින්ම කියවපු බ්ලොග් එක බ්ලොග් ගඩොල් වීම ගැන.

    ප.ලි - මම හිතන්නේ අපි අඳුරනවා, එහෙම නේද?

    ReplyDelete
  3. හැමෝම පටන් ගද්දි ඔහොමයි වයිටො.... මමත් ඔය කියන ලොකු පොරවල් ඔක්කොමත්... පොඩ්ඩක් පබ්ලිසිටි පටන් ගන්න... බ්ලොග් එක පටන් ගන්නවාට වඩා කරගෙන යන එක තමයි වැදගත්.... ඇත්ත නමින් එන්න කැමති නැත්නම් මූණුපොතේ වයිට් කණ්ණාඩි නමින් එකවුන්ට් එකක් හදාගෙන ඔයාගේ පෝස්ට් වලට පොඩි පබ්ලිසිටි එකක් දෙන්න.....

    මතකනේ... නවත්වන්නේ නැතුව කරගෙන යන එක තමයි වැදගත්....

    ReplyDelete
  4. ගෑණු ලමයෙක්ගෙ බ්ලොග් එකක්නේ.. කමෙන්ට් මොඩරේට් කරොත් හොඳයි... එක එක උණ කාරයෝ ඉන්නවනේ....

    ReplyDelete
  5. දිගටම ලියන්න
    සුභ පැතුම්...!!!

    ReplyDelete
  6. ඔහොම යන්, ඔහොම යන්(මාවත් මතක් කලාට ස්තුතියි) , අභීත සහෝ කියපු දේවල්ම තමයි කියන්න තියෙන්නෙ . විශේෂයෙන්ම කමෙන්ටු ගැන කියපු දේ . බ්ලොග් ලිපි ලියනව වගේම අනික් බ්ලොග් වල කමෙන්ටුත් දාන්න . ඒවා හරහාත් ඔයාගේ බ්ලොග් එකට කට්ටිය එයි . ඔයාගේ ලිපි එක පාරක් කියපු කෙනෙක් ආයෙම්ත් නැවිත් ඉන්න එකක් නැ . අපිත් අනිවා එනව . සුභ අනාගතයක් !! :D

    අභීතගේ වැකියක්ම ආයෙත් මතක් කරන්නම් -

    "නවත්තන්නෙ නැතුවකරගෙන යන එක තමයි වැදගත්" ... :)

    ReplyDelete
  7. ඔබ තවමත් ඒ ලෙවල් වයසේ පසුවන කෙනෙක් නම් ඔබෙන් ඉතාම දයාවෙන් ආදරෙන් ඉල්ලන්නේ , ඒ ලෙවල් ඉවර වී මේකට ඈබ්බෑහි වන ලෙසය.
    මේ බ්ලොග කියවන අයගෙන 99% දෙනා පාසල් ගමන අහවර කොට , රස්සා සොයා ගෙන, විවෙක කාලයේ බ්ලොග් ලියන්නෝය...මාත් ඈතුලුව ...
    ඒත් අත්දෑකීමෙන්ම බ්ලොග් කෙරුවාවේ ලෑබෙන අපරිමිත තෘප්තියට වහ වෑටෙන අප බ්ලොග් කෙරුවාවෙන් පාඩු කොට ගත් වෑඩද තිබේ.
    අනේ මල්ලි/ නන්ගි ඒ ලෙවල් ඉවර වෙලා මේකට එන්න. බ්ලොග් ලියන්න. ඔයා ගෑන තරහකින් නොවෙයි. ඉරිසියාවකුත් නොවෙයි. ඒත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න යන වෙලාවට වඩා දස ගුණයක් වෙලාව වෑය වෙනවා කොමෙන්ටු බලන්න ඒවට උත්තර ලියන්න ....මම හිතනවා ඔයා මේක වෑරදි කෝණයකින් නොබලා තෙරුම් ගනීවි කියලා. බ්ලොග් ලිවීම යනු අන්තර්ජාල කෙරුවාවට ඈබ්බෑහි වීමට බලපාන ලොකු හේතුවකි.
    මේක වරදවා ගන්න එපා..
    ඔයාගෙ වයසෙ කෙනෙකුට නම් ජීවිතෙ මූලික ප්‍රයොරිටි එක වෙන්න ඕනෙ ඔය තීරණත්මක කඩ ඉම ( විබාගෙ) ඉවර කිරීම...

    පරිගනකයක් දෙස පෑයක් බලා සිටීමෙන් ඈසට මනසට මොලයට ඈතිවන වෙහෙස සුලුපටු නෑ.
    ඔබ කියනවා නම් ඔබ 'විවෙක වෙලාවට' බ්ලොග් ලියනවා කියන එක, විවෙකය යන්නෙනෙ අදහස් වන විවෙකය ඔබ නොගෙන අන්තර්ජාලයේ සිටීම වෙහෙස දෙගුන වීමේ හේතුවක්.
    ඔබට හෑකිනම් තේරුම් ගන්න නන්ගි/මල්ලි.
    මම ගුරුවරියක්.
    මේ කොමෙන්ටුව පබ්ලිශ් කලත්/නොකලත්/ ඩිලිටි කලත් අමනාපයක් නෑ.
    ඔබේ හොඳටයි කිව්වේ
    අන්තර්ජාලය නිසා අධ්‍යාපනය බිඳ ගත් , ජීවිතෙ වෑදගත් දේවල් වලට අඩු තෑනක් දුන් තවත් එක් උදාහරණයක් නම් වෙන්න එපා. ප්ලීස්
    තරහ අවසර

    ReplyDelete
  8. දිගටම ලියන්න
    සුභ පැතුම්...!!!

    ReplyDelete
  9. ඔය ජීවිතේ මල් කියන කතා වැඩිය ඔලුවට ගන්න එපා. :D ඉඩ තියෙන වෙලාවට ලියන්න. හැබැයි හැමදාම පැයක් ගානෙ මේකට ඇවිත් කමෙන්ට් බලනව නම් ඒක නම් ලෙඩක්.

    මමත් ලියන්න ගත්ත මුල් කාලෙ නම් පැය බාගෙන් බාගෙට වගේ බැලුවා කමෙන්ට් අලුතින් තියෙනවද කියලා. දැන් නම් එහෙම නෑ. ඒත් එදා වගේම අදටත් කමෙන්ට් එකක් එක විදියටම වටිනවා.

    අභියා කිවුව වගේ පටන්ගන්නවට වඩා අමාරු දිගටම කරගෙන යන එකයි. දිගටම ලියන්න.

    ReplyDelete
  10. ලත් තැනම ලොප්ද සුදු උපැස්.... :D :D :D

    ReplyDelete