Tuesday, September 13, 2011

ලත් තැන ලොප් නැත - වයිටා ලංකාවට ගොඩ බැස්ස වගයි -!

සතියකුත් ගියා ඉතින් දැනුනෙවත් නෑ.සති 3ක් ඉන්න ගිය වයිටා සතියකින් ආපහු එන්නේ පාසලේ වැඩ පන්ති වල වැඩ එක පිට එක හිමාල කන්ද වගේ ගොඩ ගැහිලා කියලා ආරංචියක් ආපු නිසයි.හෂියා සහ මම සමග මවුතුමි තමයි ආවේ.අනිත් අය තාමත් එහේ.මේ දවස්වල එයාල මලයාසියාවේ "ලංකාවි" කියන දුපතේ කාලේ ගත කරනවා කියලා තමයි දැනගන්න ලැබුනේ.කොහොමවුනත් කමක් නෑ.ගෙදර ආපු ගමන් වයිට කලේ හොද පොල් සම්බොලෙකුයි කැකුලු හාලේ බත් එකකුයි කාපු එක.ගිය සතියම වගේ කට ට කිසිම රසක් දැනුන් නැතුව තමයි හිටියේ.කට්ටිය ආසාවෙන් නොවැ ඉන්නව ඇත්තේ මලයාසියාවේ තොරතුරු දැනගන්න.බොහොම් කෙටියෙන් විස්තර ටිකක් දාන්නම් පස්සේ වැඩි තොරතුරු දාන්නම්.

මුලින්ම කියන්න ඔනේ අපේ "ජොලි සීයා" නොහොත් අපේ ටුවර් ගයිඩ් අන්කල් ගැන.මිනිහට හරියට ඉංගිරිසි බාසාවත් බෑ මැලේ බාසාවත් බෑ.පලවෙනිම දවසේ උදේ 7.30 වෙනකොට Twin Towers බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා තමයි අන්කල් ගියේ.දැන්නේ නැද්ද ඉතින් අපේ කට්ටිය ලතවි ලතවි 8.00 විතර වෙනකොට ඇද පැලද ගෙන ආවේ.කොහොම හරි මේ වෙද්දි ජොලි සීයට මල පැනලා.අපේ කට්ටියගේ හැටි තෙරුම් ගත්ත ජොලි සීයා ඊලග දවසෙ ගමන පිටත් වෙන්න තියෙන්නේ 8.00ට නම් 7.00 ලෑස්ති වෙලා ඉන්න කිව්වා.දෙවෙනි දවසෙත් පරක්කුයි.ඊට පස්සේ දවසෙත් රෑ තිස්සේ රවුන් ගහල  ගහලා ඇවිත් හොදටම පරක්කුයි.සීයා කිව්වේ නැතැ "සිරි ලංකන් පිපල් වෙරි ලේට් පිපල් ! අයි හෑව් නෙව්ර් සීන් දිස් මච් ලේට් වන්ස්" කියලා.කොහොමහරි කාපු බයිටට ඊලග දවසෙ ඉදන් කට්ටිය වෙලාවටම වැඩ කරා.


මලයාසියාවේ වයිට ට පෙන්නන්නම බැරි වුන දේ තමයි කෑම.පොඩි සෙට් එකනම් මැක් එකේ අල පෙත්තයි බර්ගර් එකයි කාල ශේප් වුනා.බත් කියලා තියෙන්නේ එක්කෝ ෆ්‍රයිඩ් රයිස් නැත්නම් බාස්ත්මති.වෙන හාලක් ඇත්තෙම නෑ.එයාලගේ බත් වල නම තමයි "නාසි ගුරාන්" හාල්මැස්සොයි, දහයක් විතර මස් එලවලු ජාතියි තමයි එකට මික්ස් කරලා දෙන්නේ.ආසාවට කන්න බේකරි රෝස් පාන් ගෙඩියක්වත් නෑ.මගේ කන් කරච්චලේ ඉවසගන්න බැරුව පොඩ්ඩා මාව උස්සන් ගියා චයිනා ටවුන් එකේ ඉන්දියන් කඩෙකට.එදා නම් කෙහෙල් කොලේ බත් එක මීකිරි සැර හොදියි නියමෙට කෑවා බඩ පැලෙනකන්ම.කොහොම වුනත් අවන්හලේ කුස්සියේ එදා අපිට විතරක් දවල් කෑමට බත් හැලි 4ක් විතර යන්නැති.මේ තියෙන්නේ අපේ අයගේ කෑමේ හැටි තමා.


පොඩ්ඩා මාව අරන් ගියා මෙහේ චීන මිනිස්සු කන පැත්තකට.මහ පාරේ මේස පුටු දාල තමයි තිබුනේ.හරියටම මෙන්න මෙතන.මට ඉදගන්න කියලා එයා ගිහින් කෑමක් ගෙනාවා අර දිග කූරක ගහලා තියෙන එව්වා.පහල තියෙන පින්තුරේ තියෙන්න ඒව තමයි.මාත් කෑව.අමුතු රසක් තිබුනට අවුලක් නෑ.පස්සෙ තමයි කිව්වේ ඒකේ බෙල්ලො,හංගොල්ලෝ,පලගැටියෝ,ගොලු බෙල්ලෝ,ගෙම්බෝ,පැතලි පනුවො වගේ මං ආස කරන ජාති ගොඩක් තිබුනා කියලා.බොරු කියන්න ඕනේ නෑනේ.පුච්චලා බැදලා ගත්තම ඔය කොයි මස් ජාතියක් එක වගේ.මටනම් රසයි.ගිලිනකන් අවුලක් නැ ජාතිය මොකක්ද කියලා දැනගත්තම තමයි එපා වුනේ.කලින් බීපුවා වමාරන්න බෑ වගේ දැන් කාපුවත් වමාරන්න බෑ.















මේ පින්තුරේ ඉන්න කුක් අයියා අපේ පොඩ්ඩගේ හොද යාලුවෙක්.ගෙම්බි මස් වලින් කෑම හදන්න එක්ස්ප්ර්ට් කෙනෙක්.ඔය හොද හිනාවක් එහෙම දාගෙන ගේමක් නැතුව කතුරෙන් උස්සන් ඉන්නේ හම ගහපු ගෙම්බෙක්.ආවට ගියාට ගෙවල් මුල්ලවල් වල ඉන්න ගෙම්බො ගන්නේ නෑලු කෑම හදන්න.මට ගෙම්බෙක් කැමට තෝර ගන්න විදි හම ගහන විදි හදන විදි අනං මනං ගොඩක් කියලා දුන්නා.මං අහන් හිටියේ සිහියෙන් නෙවෙයි මොකද ඒ වෙන කොට මට ඔක්කාරෙටත් ඇවිත් බඩ දගල දගල හිටියේ.


රෑට පාරවල් දිගේ ඇවිදිනවා තරම් ජොලි දෙයක් මෙහෙ නෑ.හොද හොද අත්දැකීම් ගත්තා.නයිට් ලයිෆ් එක තමයි වැඩි පුර තියෙන්නේ සංචාරක කර්මාන්තේ නිසා.දවල්ට නම් පාරේ බලු බල්ලෙක්වත් නෑ.(ඇත්තටම මෙහේ පාරේ බල්ලෝ පුසෝ හරක් හිගන්නෝ දකින්නවත් නැ)රෑට මොන සැණකෙලි තිබුනත් උදේට කුනු බින්දුවක්වත් නෑ.නයිට් ලයිෆ් එක ගැන කියන්න පොතක් ලියන්න තරම් කතා තියෙනවා.

මේ තියෙන්නේ පෙට්‍රොනාස් ටුවින් ටවර්ස් රෑට පේන විදිහ වයිටගේ කැමරා ඇසට අහු වුනු හැටි.ජෙන්ටින්,සන්වේ ලගූන්,දකුනු ආසියාව ලොකුම චොකොලට් කොම්පැනිය,රජ මාලිගාව,උමං වෝටර් වර්ඩ් එක වගේ තැන් ගණනාවක කකුල් ගෙවෙනකන්ම ඇවිද්දා.ඒවා ගැන වැඩි විස්තර පස්සේ හිමින් සැරේ කියන්නම්කො. හිත ටිකක් දුකයි ආපු එක ගැනනම්.පොඩ්ඩගේ මූන තිබුනේ අහක බලන් දාපු බිත්තර ආප්පයක් වගේ.හොදම දේවක් ලක ලෑස්ති කරල තිබුනේ මේ සතියේලු.සුපුරුදු පරිදි පොඩ්ඩා මාව ශොප්පින්ග් මෝල් එකක අතරමං කරා.ඒ කතාවත් කියන්නම්.මේවා බොරු පොරොන්දු එහෙම නෙවෙයි අනිවාර්යයෙන්ම කියනවා.

ඒව්වා මෙව්වා ඔක්කොම එක්ක සතියක් එහෙ ඉදලා ආවා කියමුකෝ.ඉරිදා රෑ ඇවිත් සදුදම අම්මා ගහලා පැන්නුවා ඉස්කෝලෙට.අම්මා එන්න කලින් බෑග් එකට ගෙනාපු ටොපි චොකොලොට් වගයක් දුන්නා.ඉස්කොලෙට යන්න කලින්ම ඔක්කොම ඉවරයි.කාල සටහනත් කොහේද කියලා නැති එකේ ඔක්කොම පොත් ටිකත් ඔබන් ගියා.ගියාම ආරංචි වුනේ උ.පෙ. ප්‍රොජෙක්ට් බාර දෙන අන්තිම දවස එදා කියලා.වැදලා වැදලා සතියක් ඉල්ල ගත්තා මිස්ගෙන්.බරටම මේ දවස්වල ප්‍රොජෙක්ට් එකේ වැඩ.

බ්ලොග් එකට වල් වැදිලා තිබුනේ අයියා ලැපාව රාජ සන්තක කරපු නිසයි.ලත් තැන ලොප් නැත.තිබුන වැඩ කන්දරාවේ හැටියට අදයි හරියකට හුස්ම ගන්නවත් ලැබුනේ.කෙටියෙන් හරි විස්තරයක් දාන්න පුලුවන් වුන එක ගැන නම් සතුටු වෙනවා.දවස් දෙකක් ඇතුලත හිමාල කන්ද උඩට සමනල කන්දකුත් එකතු වුනා.ඉක්මනටම බ්ලොග් එක පැත්තේ එන්නම්.කමෙන්ට්ස් වලට රිප්ලයි දාන්න වෙන්නේ නැති එකට සමාවෙන්න ඔනේ.

ගිහින් එන්නම්.කට්ටියටම එතකන් සුබ කාලයක් !!!!!!!!

3 comments:

  1. එල එල ... නිවි සැනසිල්ලෙ දාමුකො විස්තර ටික ... තව අවුරුදු 5කින් විතර නම් ලංකාවේ නයිට් ලයිෆ් එක ගැනත් ලෝකේ වෙනත් රටවල අයට කියන්න දේවල් ලැබේවි

    ReplyDelete
  2. ආසියාවේ ආශ්චර්ය උනාම නේද?? හරි ශෝක් එතකොට අපිට මැලේසියාවට යන්න ඕනෙ නැහැ...නේද බුවෝ.......

    ReplyDelete
  3. හොඳ ලිපියක්. නොදන්න ගොඩක් දේවල් මේ ලිපියෙන් දැනගත්තා

    ReplyDelete