Saturday, September 3, 2011

මලයාසියාවට ගිය වයිට් !


මං ඉදන් හිටියේ ප්ලේන් තටුව ලග !!
දෙයි හාමුදුරුවනේ ! මට පොලොව අල්ලලා ඉබින්න හිතුනා බිමට බැස්සට පස්සේ..ප්‍රාණ බය හොදට දැනෙන්න ඔනේනම් කරන්න තියෙන්න අකුනු ගහන වහින වෙලාවක ප්ලේන් එකක නැගල අහසේ කරක් ගහන එක.ආයේ දෙකක් නෑ එපා කියල හිතෙන තරමටම බය හිතෙනවා.පැය 5ක්වත් ගුවනේ ගත කලේ නැත.ඇති වුන මරණ බය ඉමහත්ය.යාත්‍රාව වැස්සට හෙන ගහන සද්දෙටයි අකුනු කොටන කොටයි (කන ගාව බෝම්බ ගහනවා වගේ දැනෙන්නේ) එහෙට මෙහෙට පැද්දෙන කොට හුස්ම අල්ලගෙන ඉතිපිසෝ ගාතාව කිය කිය තමයි අපේ අය වැඩි හරියක් හිටියේ.

ඔය අහස් යාත්‍රාවට නගින්න ඉදලම වයිට හරිම කරදර.හූනෙකුත් චුක් චුක් ගෑවනේ ගෙදරින් එලියට බහිද්දි.ඔය අපේ අම්මා එහෙම ඉන්නවා නේද මූණ හට්ටියක් කරන් උන්නේ හූනගේ චුක් චුක් පාරට.
පුංචිලැ ගෙදර ගිහින් කට්ටියම බස් එකක් අරන් තමා ගුවන් තොටුපලට ගියේ.ඔය එයාර් පොර්ට් එකට පැය 2,3 කට කලින් ගිහින් කල් මරනවානේ.ඇවිත් බලද්දි වයිටා ටිකට් එකයි පාස් පොර්ට් එකයි ගෙදර දාල ඇව්ටිත්.

මෙන්න අපි ගිය එයාර් බස් එක !
අප්පච්චිට කෝල් කරල නහයෙන් අඩල කරලා බොහොම අමාරුවෙන් තමා ගෙන්න ගත්තේ.ඒකත් හරිය කියමුකො.අර අහස් යාත්‍රාවට නගින්න කලියෙන් දොරක් මැද්දෙන් යන්න තියෙනවා.ඔරලොසු ෆෝන් කැමරා එහෙම පෙට්ටියක දාල මනුස්සයා තමා ඒක ඇතුලින් යවන්නේ.වයිටත් ඉතින් ගියා ඒක ඇතුලින්.කලිනුත් ගිහින් තියෙනවා නොවැ.බයකුත් නෑ.වයිටා ඒකෙන් ඇතුලු වුනා විතරයි මහ හයියෙන් සද්දයක් දැම්මා. හෑ ? වයිටව ත්‍රස්තවාදියෙක් කියලා අල්ල ගන්න පැන්නා තමයි කියලා හිතුවේ.හිතන්න දෙයක් නෑ.කවුද ඇවිත් මාව අල්ල ගත්තේ නැතැ බෙල්ලෙන්ම.හෝව් හෝව් ! බයවෙන්න දෙයක් නෑ වයිටා ත්‍රස්තවාදියෙක් නෙවෙයි..වයිටගේ සාක්කුවෙ පෙන් ඩ්‍රයිව් එකනේ සද්ද කරලා තියෙන්නේ.මවුතුමි දෙහි ,ලුනුත් එක්කම කපනවා.

මලයාසියානු එයාර් පෝර්ට් එක
කොහොමෙන් හරි නැග ගත්තා කියමුකෝ අහස් යාත්‍රාවට.පැය 3ක් විතර සීතලේ ඒක අස්සේ ගැහි ගැහි උන්නේ.කන්නත් ඔය මොන මොනාද ජාති වගයක් හම්බුනා.නිදි මතේ වැඩි නිච්චි නෑ.ලස්සන ලස්සන අක්කලා ඇව්ත් අරවා මෙව්ව ඔනේද කියලා ඇහුවත් මතකයි.තව ලස්සන හැන්සම් කොල්ලොත් හිටියා.ඔය බීම එහෙම ගෙනත් දුන්නේ එයාලා.

වයිටා ඉන්න හෝටලේ තමා මේක
පොඩ්ඩාගේ බසය
ඉදලා ඉදලා බැස්සයි කියමුකෝ ඉතින්.අපේ පොඩ්ඩා ඇවිත් තිබුනා අපිව අරන් යන්න තඩි බස් එකකින්.වයිටා නම් මුලින් අදි මදි කරත් එක්ක ඕකට නගින්න.වයිටට බය හිතුනා බස් එක වයිටව ගිල ගනීද කියලා.බොහොම අමාරුවෙන් වදෙන් පොරෙන් තමා නග්ග ගත්තේ.
කොහොම නමුත් කලින් දවසේ නිදි මරා අම්බානට කට්ටියම මහන්සි වෙලා හිටියේ.පාං කියන්නත් වුනේ නෑ.වහනේ ගියේ පැයට කිලෝමීටර 140ක විතර වේගෙන්.අපේ රටේනම් හයිස්පීඩ් කියලා දහ පොලකින් විතරින් අල්ලන්න තිබුනා.ඒ ගමන අකුනු ගසන වෙලාවක අහස්යාත්‍රාවක යන එකටත් වඩා බය හිතුනා වයිටට.

වාහනේ යන ගමනුත් වයිටා කැමරාවෙන් වැඩය
කට්ටියටම පොඩ්ඩා ලග වසන්න බැරි නිසා කලින්ම හෝටලයක් බුක් කරල තිබුනා.අපි දැන් ඉන්නේ මලයාසියාවේ අග නගරේ වෙන ක්වලා ලම්පූර් වල.ඊයේ පෙරේදා දවසක්(31වෙනිදා) මෙහේ නිදහස් දවසලු .එයාර් පොර්ට් එකෙන්ම නිදහස් දිනය වෙනුවෙන් පොඩි තෑග්ගක් එහෙමත් ලැබුනා.මුලු නගරෙම කොඩි වලින් සරසලා පාර පේන්නෙත් නැති ගානට.හොදට ඇස් පේන එකෙක් වුනත් පැටලිලා මැරෙන්න ඉඩ තිබුනා.තව ඩින්ගෙන් වයිටගේ බෙල්ල හිර වෙනවා ඔය කොඩියකට පැටලිලා.පැටලුනාම ගලවගන්නත් බෑ.ඔය වෙලාවේ ලස්සන චූටි පොලිස් අයියා කෙනෙක් තමයි වයිටගේ උදවු වට ආවේ.

හෝටලේ තරු ගාන නම් මං දන්නේ නෑ.හැබයි ඇතුලේ තිබ්බ ජාති වලට වයිටට තරු විසික් වුනා.ඇතුලු වෙන තැනම තිබ්බේ මලයාසියාවේ රජ්ජුරුවන්ගේයි රැජිනගෙයි පින්තූර.ජෝඩුව ලස්සනේ බැරුවා.රජා නම් නාකි.ඒත් රැජිනට මයේ හිතේ 25ක් වත් නැතුව ඇති.නොද්දන්න බාසාවකින් චෑන් චූන් කියලා කවුද අපිව පිලිගත්තා වගේ මතකයි.පොඩ්ඩත් ඒ විදිහටම චූන් චෑන් කියල මොනාද දෙඩෙව්වා.ඇත්ත කියන්න එපයි.අපිටනම් මෙලෝ හසරක් තෙරුනේ නම් නෑ.බොන්නත් අමුතු බීමක් දුන්නා.බීල මත් වුනත් එක්ක.
පස්සේ දැනගත්තේ ඒක අපේ සරුවත් වගේ එයාලට ආවේනික වුන පොඩි ඇල්කොහොල් සාන්ද්‍රනයක් තියෙන බීමක් කියලා.කලින් දන්නවානම් බොන්නේ නෑ.දැන් ඉතින් බීපුවා වමාරන්නද ?මේ හෝටලේ කැරකෙන ආපන සාලාවකුත් තියෙනවාලු.කැරකිල්ල අඩු වුනාම ගිහින් බලන්න ඔනේ.

මෙහේ පඩි පෙලවල් නගින්න ඔනේ නෑ.කකුල් දෙක එක පාර තියලා හිටන් හිටියම රූන් ගාල උඩට අරන් යනවා.ඒ කියන්නේ පඩි පෙල ඇවිදිනවා අපි ඔහේ ඉන්නවා.වයිට ට අමුතු සෙල්ලමක් මේක.තව පොඩ්ඩෙන් බෙල්ල කඩා ගන්නවා එක පාර ගොඩ වෙන්නේ නැතුව.කාමරේට එහෙම යතුරක් දුන්න නෑ.කාර්ඩ් එකක් දුන්න ඒක අර ක්‍රෙඩිට් කාර්ඩ් වගේ අතුලට ඔබනවා දොර ඇරෙනවා.ලයිට් එහෙම දාන්නත් වෙනම කාර්ඩ් එකක් තියෙනවා.අමුතු අමුතු ගැජ මැටික් තමයි.ඔලුවත් අවුල් වෙනවා මේවා දැකලා.

පොඩ්ඩාගේ ලැපා සොරකම් කරන එක තමයි මගේ මුල්ම වැඩේ වුනේ.වැඩේ සාර්තකයි.ඒක නිසයි මෙහෙම පොස්ට් එකක් දාන්න ඉඩ ලැබෙන්නේ.මෙහෙටනම් දැන් 3 වෙනිදත් වෙලා.තාම වැඩ කරන්නේ ලංකාවේ වෙලාවට.ඉක්මනට ඒකත් වෙනස් කරගන්න ඔනේ.වෙනස පැය 3ක් විතරලු හරියටම වයිට දන්නේ නෑ.දැන්නම් ඔනේ කොට්ටයක් මෙට්ටයක් බදාගෙන සැපට නිදා ගන්න.ටයිප් කරන ගමනුත් ඇහැ පිය වෙනව.අද වගේ නෙවෙයි හෙට රට පුරා රස්තියාදුවෙ යන්න වෙයි සහෝ එක්ක.

කොහොම වුනත් බ්ලොග් එක පැත්තේ එන්න ලැබිම සතුටක්.පස්සේ හමු වෙනකන් ජයෙන් ජය !!!

6 comments:

  1. මම මාසයක් දෙකක් බ්ලොග් ලියන / බලන එකෙන් අයින් වෙලා හිටිය නිසා මට අලුත් බ්ලොග් ගොඩක් මිස් උනා. මම මේ ලඟදි බ්ලොග් ලිස්ට් එකක් හදද්දි අභීත තමා මට මේ බ්ලොග් එකේ ලිංක් එක දුන්නේ.

    හොඳට ලියල තියෙනවා. හැබැයි අඩුපාඩු නැතුවත් නෙමේ. ඒත් ඉතිං ලියන්න ටිකක් අලුත් කෙනෙක් නිසා පහු වෙද්දි ඒව නිකංම හරියයි. මම උනත් පටන් ගත්ත කාලෙ ඔහොම තමා.

    ෆ්ලයිට් ගැන කියනව නම් අකුණු ගහන එක සැපයි, සැරින් සැරේ එයාර් පොකට් වලට වැටෙනවට, ෆ්ලයිට් ඩිලේ වෙලා කෙනෙක්ශන් ෆ්ලයිට් මිස් වෙලා පැය 20 ක් විතර ට්‍රාන්සිට් එකේ ක‍ටු කනවට, පැය 15 විතර එක දිගට ෆ්ලයි කරනවට වඩා.

    දිගටම ලියන්න. ජය

    ReplyDelete
  2. රංග කමෙන්ට් එකකුත් එක්කම නයෙකුත් ඇරලා ගිහින්.....

    බලමු මලයාසියාවේ තොරතුරු දැන ගන්න ඉස්සරහට කියවලා.....

    ReplyDelete
  3. අභීත සහෝ හරහාම තමයි මෙහේ ආවේ , මැලෙසියානු අත්දැකීම් තවත් ලියමුකො නේද , මගේ බ්ලොග් ලිස්ට් එකෙනුයි , බ්ලොග් ප්‍රොමෝ එකෙනුයි සප් එකක් දෙන්නම් .(ඇත්තටම උදව්වක් වෙයිද නම් දන්නෙ නැ ඉතින් )

    ReplyDelete
  4. රංග සහෝ - බ්ලොග්කරනයේ අත්දැකීම බහුල ඔබ වැනි අයෙකු ලබා දෙන උපදෙස් අපිට මසුරන් වටිනවා.පෙන්වලා දෙන ඔනේම අඩුපාඩුවක් හිස නමලා පිලි ගන්නවා ! බොහොම ස්තුතියි !

    අභිත සහෝ - අභිත සහෝදරයාට මගේ හද පිරි ස්තුතිය ! ඔබේ සහයෝගය නිසා තමයි මෙච්චර බ්ලොග් කරුවන් පිරිසක් මාව දිරිමත් කරන්නේ.ඉස්සර මැස්සෙක්වත් ආපු නැති බ්ලොග් එකට ඔබ ලබා දුන් සහයෝගය ආධුනික මට ලොකු හයියක් !

    බුවා සහෝ - බ්ලොග් ලිස්ට් එකටයි , බ්ලොග් ප්‍රොමෝ එකටයි බොහොම ස්තුතියි.තව දුරටත් බ්ලොග්කරනයේ යෙදෙන්න ලබා දුන් ධෛර්යය මට ඇත්තටම ලොකු උදව්වක් වුනා !

    ReplyDelete
  5. ඔයා 31 එහෙට පාත් වෙද්දී අපි එහෙන් මාරු වෙලා නේ . මයිකල් ජැක්සන් බිව්වේ නැද්ද . ජෙන්ටින්ග් හෙම යන්න ඇතිනේ . ලියන්නකෝ මමත් එන්නම් කියවන්න . ඉස්කෝලේ වැඩ වලට බාදා කර නොගෙන ලියන්න . බුවාගේ උදව්වෙන් තමයි මේ පැත්තේ ආවේ . සුබ පැතුම් .

    ReplyDelete