Thursday, September 1, 2011

සහෝදරයන්ගේ වග ( හා සංවේගයෙන් දැනුම් දීම )



හෙට වයිට් යනවා පොඩ්ඩව බලන්න රට.ආයේ එන්නේ සති 3කින් විතර.එයාට මගේ වෙනසට කාරනේ දැනගන්න ඔනේලු ! .(හිහිහි...නෑ නෑ මං මේ නිවාඩුවට යන්නේ)මේ ගමන මා හෂියාද කැටුව යමි.ගමන යන්නේ මා,හෂියා,මගේ මවුතුමි,පුංචිගේ පවුල සහ සුදු නංගිගේ යෙහෙලියන් හා පවුලේ සැමයි.හෂියානම් සතියක් රැදි හිද ගෙදර පැමිනේ.වයිටා දොහොත් මුදුන් දී මේ දිනවල බුදුන් වදින්නේ යන ප්ලේන් යානය කඩා නොවැටෙන ලෙසයි.(යානය කඩා වැටි වයිටා ලොස්ට් වර්ල්ඩ් වලට ගියොත් නැවුම් අත්දැකීම් සහිත පොස්ට් කිහිපයක් දමන්නට හැකි වෙවි.ඒක නිසා වැඩි අවුලක්ද නොමැත)




 පොඩ්ඩා බලන්නට යන ගමන් කවදත් ඉන්ටර්රෙස්ටින්ග් ය.ඌ කවදාවත් එක තැන නොසිටි.ලොව වටා දුවයි.අපි එහේ යන විට මූ වෙන කොහේ හරි සිටිමටද ඉඩ ඇත.උගේ වැඩ එසේය.එවැනි දෑ අනන්තවත් අපහට සිදුවි තිබේ.ලොකු ලොකු ශොපින් මෝල් වලට මා රැගෙන ගොස් අතරමං කර ඒම පොඩ්ඩගේ ප්‍රියතම විනෝදාංශයකි.මා ඌ සොයා ගත් විට සැම විටම මට දෙහි කපා මවුතුමිගේ සුරතලා බවට පත් වේ.මවුතුමි එවිට මට අම්බානට බනී.මවුටද ඔහුට වඩා සුරතලෙකු නොමැත.සැම විට දුක් වන්නේ "අනේ පොඩි එකා රට ඉදන් කොහොම ඉන්නවාද දන්නේ නෑ"කියමින.(ලොක්කාද රටය.නමුත් ඌ ගැන වගක් නොමැත)මා මෙන්ද ලොක්කාද උගේ හැටි දනි.ඌට ඇති පාලුවක් නොමැත.මෙහේ ඉන්නවාට වඩා සැපෙන් සාමෙන් සතුටින් ඌ එහේ සිටි.

ඌද කපටියාය.අන්තිම සතියේ මා එහේ ගෙන්න ගැනීමෙන් වෙන්නේ සති 2ක් පමණ මගේ පන්ති පාසලද ඇතුලුව බොහො දැ කට් වීමයි.මොනා නමුත් ඌ හිත හොද එකාය.තව ටිකකින් මාගේ පොස්ට් එක කියවා ස්කය්ප් පැමින මා සමග රන්ඩු වෙවි.එනමුදු මා වඩා ආදරේ පොඩ්ඩාටය (ලොක්කා මේක දැක්කොත් ගනන් ගන්න එපා.පොඩ්ඩට බටර් ගෑමෙන් මා හට හෙට වාසි රැසක් හිමි වීමට ඉඩ ඇත.මා වඩා ආදරේ කාටද යන වග ඔබ දනී.)

ඊයේ කෝල් කල පරිදි මා වෙනුවෙන් විශේෂ දෙයක් ඔහුගේ අපාර්ට්මන්ට් එක සූදානම් කර ඇති බව පැවසිය.(ෂුවර් එකට නිදා ගන්නා කොට්ටේ යන ගොම ගොඩක් වත් තියලා ඇත.කරන්නේම ඒ වගේ වැඩය.)අම්මා පවසන්නේ පොඩ්ඩාද මාද එක පලුවේ අච්චු බවයි.නමුත් පොඩ්ඩාගේ සැබෑ නිවුන් සහෝදරයා වන්නේ ලොක්කාය.උන් දෙදනා සමාන වන්නේ රූපෙන් පමණි.ඇරපු අතක් නෑය එක වගේමය.ගති ගුණ වලින් අහසට පොලොව සේය.මුන් දෙදනා ඉගෙන ගත්තේ මරියකඩේ පාසලේය.නම කිව්වොත් තවමත් පරසිදුය.මරියාකඩේ කොල්ලන් මා හා වැඩි කතා බහක් නැත්තෙද උන් දෙදනාට ඇති බිය නිසා මය.මගේනම් ඇති බියක් නොමැත.


මුන් දෙදෙනා මේ වගේමය.දකුනු පසින් පොඩ්ඩාද වම් පසින් ලොක්කාද දැක්වේ.පාසල් යන කාලේ ලොක්කා දක්ෂ ක්‍රීඩකයෙකි.පාසලේ වර්ණ ද දිනා ඇත.පොඩ්ඩා ඉගෙන ගැනිමේ දක්ශයෙක් විය.පොඩ්ඩාට කැම්පස් යන්න ඉහටත් උඩින් ප්‍රතිපල තිබුනද ගියේ නැත.මා හිතන්නේ ඒක උගේ මොලේ අමාරුවක් ලෙසයි.ඌ රටේ නැති කෝර්ස් කර රට පැන්නේය.දක්ෂ මෘදුකාංහ ඉංජිනේරුවෙකි.විනෝදාංශය ලෙස එහි යෙදේ.කාලයක් බාප්පාගේ රට පවතින බිසිනස් ද බලා කියා ගත්තේය.බලාගැනිමේ තරම කොච්චරද පැවසුවොහොත් බ්‍රාන්චර්ස් කිහිපයක් ද වැසී ගියේය.ලොක්කා යහපත් පාලකයෙකි.ඌ සෑම දෙම බටර් ගා තබා ගැනීමේ දක්ශයෙකි.රටේ නම ගිය කොම්පැනියක නම ගිය විධායක අධයක්ෂයකයෙකි.ලංකාවේ ද පිටරට ද වසයි.

පොඩ්ඩානම් නියම ආදරවන්තයෙක්ය.ජීවිතයේ පලමු ආදරෙන් බූට් එකක් කෑ පසු තනිකඩව සිටියි.සිද්දිය වුනේ පාසල් යන කාලේය.නමුත් තවමත් ඒ ගැන ලත වෙයි.අමතක කිරීමට නොහැකි යැයි පවසයි.කෙල්ලනම් දැන් කසාදයකුත් කරගෙනය.ලොක්කාගේ පාසල් ලව් එකට දැන් ගෙදරින්ද අවසර ලැබි තිබේ.ලොකු නෑනා මහනුවර විසියි.ඈ අලි මහතය.ලොක්කා සහ ඈ එකට යන විට අලියා සහ කූබියාගේ කතාව සිහියට නැගේ.සෙට් වී ඇත්තේ මරියකඩේ පාසලේ මීඩියා ඩේ එකට ඇවිල්ලාය.ඒ පෙම් කතාවද රසවත්ය.කෙල්ල මුලින් සෙට් කරගෙන ඇත්තේ පොඩ්ඩාය.පොඩ්ඩාට නරක් වුනු කිරි පැකට් බීම නිසා පරිසරයට කතා කරන්නට යන්නට විය ඒ ඩින්ගට ලොක්කා පොඩ්ඩා සේ රග පා ඇම දමා තිබේ.ඌ කසාදේ කරගන්න බලන් ඉන්නේ මගේ උ.පෙ. ඉවර වෙනකල්ය.ලොක්කගේ හැටි එසේය.


මා උන් දෙදෙනාට වඩා අවුරුදු 9 කින් බාලය.උන් දෙන්නාට මා ඇස් දෙක සේය.අපි අතර ඇත්තේ පුදුමාකාර බැදිමකි.පුංචි කාලේ අපි මේ වගේය.උන් දෙදෙනාට සෑම දේකින්ම එක වගේ 2ක් අරන් දීම අපේ පවුලේ උදවියගේ සිරිතයි.එක විදිහට ඇද පැලද ඉන්නා විට බලන්න ආසාවේ බැරිය.හෙයාර් ස්ටයිල් එක පමණක් වෙනස්ය.නැතහොත් අදුරා ගැනීමට නොහැක.

මා කෙල්ලෙක් යැයි ඔවුන් මා කෙදිනකවත් කොන් කරේ නැත.කරනා සෑම මජර වැඩකටම මාව සෙට් කර ගනි.අයියලා ගිය පන්තියකට මාව වැද්දා ගන්නේ නැත.හේතුව ඔවුන් කර ඇති මරිසිපාල වැඩ නිසා ගුරුවරු මගේ වාසගම අහන විට පවා ගන්න බෑ බෑ කීමයි.මා ඔවුන් හා ගුටි කෙලි වලට පවා සහභාගි වී ඇත.වලියට මාව අරන් යන්නේ මා ඉන්න විට වාසනාව ගෙන දෙනවා කියමින.නියම දේ වන්නේ පොඩි එකෙක් ලග ඉන්නා විට එන කට්ටිය වැඩිපුර ගේම නොදිමයි.මරියකඩේ බිග් මැච් වලට පවා මාව කරේ තියාගෙන ගොස් ඇත.මරියකඩේ පාසලේ මා නොයන උත්සවයක් නොමැත.ඉස්කෝලෙට හචිමක් ගියත් මුන් දෙදෙනා හා අප්පච්චි එතනය.ඒ තරමට බොක්කෙන් පාසලට ලව්ය.(අප්පච්චිද මරියකඩේ පාසලේ නම රැන්දු අයෙකි)

උන් දෙදෙනාගෙන් හෂියාට හා මට වාසි රැසකි.හෂියාවද උන් උන්ගේම සහෝදරියක් සේ සලකයි.මට ගෙනා දේම ඇයටද ගේමට අමතක නොකරයි.රට ඉන්නා පොඩ්ඩා ටොන් ගානක චොකොලට් එවයි.ඒවා කා මා නිවාඩු කාලේ අලියා සේ මහත් වේ.

මුන් දෙදෙනා සංගීතයට බොහොම ලැදිය.ලොක්කා විශාරදය.පට්ටෙට බටනලා ගැසීමට හැක.පොඩ්ඩා කැමති ගිටාර් වැනි තත් භාන්ඩ වලටයි.පියානෝවද නියමෙට වයයි.මරියකඩේ බෑන්ඩ් එකේද සිටියහ.මට ද සංගීතය ඉගැන්වීමට මොවුන් උත්සහ ගත්හ.මගේ හඩ කාක්කන් පරදන බව වරෙක ලොක්ක මට පැවසීය.පොඩ්ඩානම් කියන්නේ මගේ ගිටාර් ගැසීම මයිනහමට තලන්නා සේ කියාය.මිහිරි හඩින් ගයා ලොක්කාගේ කන් රිදවිමට පොඩ්ඩාගේ ගිටාර් වලට තලා තත් ගැලවීමට නම් මා හපනෙකි.

මා ආස චිත්‍ර ඇදීමටය.මා අදිනා චිත්‍ර මිතුරන්ට පෙන්වමින් ඇඩ් එක දැමීම් මොවුන්ගේ සිරිතකි.ඒ මදිවට කාමරේ පුරා එල්ලා ගෙනද සිටි.ලොක්කාගේ ඔපිසියේ කැබින් එකේද මා ඇදූ තඩි චිත්‍රයක් ඇත.මුන් මට ගහන්නේ නැත.ඉද හිට ටොක්කකින් සංග්‍රහ කරති.නමුත් මා උන් සමග වලියට යමි.රංඩු වෙමි.මා ගුටි ගසනකන් උපේක්ශාවෙන් බලා හිද මට ඇති වෙනකම් ම ගුටි කයි.දෙදෙනාගේ මාර සත්ත්ව කරුනාවකි.අපේ ගෙදර උන් දෙදෙනාද ඇතුලුව සත්තු වත්තකි.මාලුවන්,බල්ලන්,පූසන්,ගිරවුන්,බජිරි කුරුල්ලන්,ඉබ්බන්,සුදු මීයන් ජෝඩුවක්,දඩු ලේනේක් පවා මුන් දෙදෙනා සුරතලේට ඇති කරයි.

කොල්ලෙක් මා දෙස ඇස් පිල්ලමෙන්වත් බලුවොත් මුන්ට ආරංචි වේ.ඉතින් අර අසරනයාට බුදු සරනය.මොවුන්ට මා යන පංති වල බුද්ධි අංශයේ ඔත්තු සේවා රැසකි.මා අංශක 360 කැරකි කොහේ හෝ බැලුවොත් මගේ ජංගමේ දෙදරයි.අයියාගේන් මෙසේජ් එක එන්නේ " කොහෙද කැරකි කරකි බලන්නේ ? " කියායි.මා මෙතුවක් කල් කොල්ලෙකු නැතුව වේලි වේලි ඉන්නේද මේ නිසයි.කොල්ලෙකු මා ලගින්වත් නොයන්නේ මුන්ට අසුවුනොත් මොනාවයින් මොනා වෙයිද නොදන්න නිසාය.

නියම සහෝදරයෙක් ලෙස කවුරුන් හෝ කියයි නම් මගේ සහෝලාය.මට උන් පණ සේ මෙන් උන් මටද පණ සේය.මට සීරිමක් වුන කල්හිද උන් මා හොස්පිටල් උස්සන් යති.නමුත් මට ඇති අමාරුවක්ද නොමැත.මා අසනීප දවස්වල රෑ නිදි මරමින් මා ලග සිට ඇත.දවසක් මා බයිසිකලේ රැගෙන ගොස් වට්ටා තුවාල කර දොස්තර බෙහෙත් දමද්දි මටත් වඩා හයියෙන් පොඩ්ඩා හා ලොක්කා ඇඩුවා මතකය.

කන බොන දේවල් වලින් පොඩි කෑල්ලක් හෝ මට ගෙන ඒම උන්ගේ සිරිතයි.කුමාරියකට සේ මට සලකයි.මාගේ උපන්දිනය දවසට ගෙදර එකම විකාරයකි.උන් දෙදෙනා එකිනෙකා පරයමින් පාටි දමයි.මට එක එක විදිහේ ගවුම් අන්දා කොන්ඩේ විකාර ලෙස සකසා හැඩ බැලීමට උන්ට ඇත්තේ පුදුම උනකි.සමහරවිට ඒවා මට මහා වදයකි.එවිට මගේ මූණ මෙසේය.ඒවා ගැන මගේ හිතේ අහිතක් නම් නොමැත.එහෙම කරන්නේ උන් මට සෑම දේටම වඩා ආදරේ නිසාවෙනි.කෙදිනකවත් මට නංගි යැයි නම් අමතන්නේ නැත.අමතන්නේම "මොට්ටි - ගොනා - පිස්සි - මැටි පැටියා - වස්සා - ඕයි - බං - මචං " වැනි වදන් වලනි.අම්මාගේද අප්පච්චිගේද සූකිරි බෝල වන්නේ මේ දෙන්නාය.

මුන් දෙන්නා නහයෙන් අඩන්නේ මා එන්න එන්න ලොකු වෙන බව කියමින.මුන් අතහැර මට කොහෙවත් යන්න දෙන්නේද නැත.පන්තිවත් යන්න නොදේ.ගෙදර ඉන්නකන් පූසෙකු සේ ඇගේ දැවටි දැවටි සිටිය යුතුය..මුන් දෙදෙනා හනී මූන් එකටත් මා පස්සෙන් ඒවිය.මා හට කෙදිනකවත් කසාදයක්නම් බදින්න වෙන්නේ නැති බව මට සක් සුදක් සේ පහැදිලිය.

මට උන් නැතුව සැම විට පාලු දැනේ.මේ ගමනේ යන්නේ මා පොඩ්ඩා නිසාවෙනි.සති 3ක් කැප කර එන්නේ ඒ ගොන් අලියා නිසාවෙනි.ලොක්කාද ඉන්න දේවලෙකින් හෙට පොඩ්ඩා බලන්න එමි යැයි සිතමි.එන විට මට මොනා හරි රැගෙන එන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.


මං ගිහින් එන්නම්.බ්ලොග් එකේ මකුලු දැ එහෙම බැදුනොත් පුලුවන්නම් අයින් කරන්න.එතකන් ආයුබෝවන්.එහේ ගිහින් පුලුවන් වෙලාවකට බ්ලොග් කරනයේ යෙදෙන්න උත්සහ ගන්නම්.එතකන් ඔබට සුබ සති 3 ක්!!

5 comments:

  1. මම මේ බැලුවේ මට කොහොමද මේ බ්ලොග් එක මෙච්චර කල් මිස් උනේ කියලා...

    කමෙන්ට් කරද්දි එන word verification අයින් කලොත් හොඳයි වගේ....

    ReplyDelete
  2. හැමදාමත් බ්ලොග්ස් කියෙව්වට මොකද බ්ලොග්කරනයට එකතු වුනේ අලුතින්.:-)

    වර්ඩ් වෙරිෆිකේශන් එක අයින් කරන්න උත්සහ ගන්නම්. සහයෝගයට ස්තුතියි !!!

    ReplyDelete
  3. Hoda kathaawak.Thumbz up !

    ReplyDelete
  4. ඉතාම හොඳ බ්ලොග් එකක්. මමත් බැලුවේ මේක කොහෙමද මිස් වුණෙ කියලා. සින්ඩි වලට දැම්මේ නැද්ද? ඔන්න ගඩොල් ලිස්ට් එකටනං දැම්මා

    ReplyDelete
  5. පූසන්ගේ සහයෝගයට තුති !!! සින්ඩියටයි ,බ්ලොග් කරුවන්ගේ සංසදයටයි ඉල්ලුම් කරා.තාම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.ඉක්මනටම ඇතුලත් වෙන්න බලාපොරොත්තු වෙනවා!

    ReplyDelete