Thursday, September 1, 2011

වෙනස්

 I CHANGED ! 

A/L යනු අනේ මංදාය .උ.පෙ.කරන්න ආවම බයෝ සයන්ස් කරන්නේ කිව්වම හැමෝම හිතන්නේ අපි වගෙ උදවිය පොත අතේ තියන් ජීවත් වෙන්න ඔනේ කියලා.බහුතරයක් පිරිස එහෙම වුනාට මං වගේ අපගමනත් ඉදලා හිටලා දකින්න නොලැබෙනවාම නෙවෙයි.සමහර වෙලාවට අපිටම කලකිරෙනවා අපි ගත කරන ජීවිතේ ගැන.ට්‍රිප් එකක් යන්න නෑ.ෆිල්ම් එකක් බලන්න නෑ.සින්දුවක් අහන්න වෙන්නෙත් ඔය බස් එකේ යන ගමන් තමයි.ටිවි බලන්න වෙන්නේ නැත්තේ ඒ වෙලාවට ගෙදර නැති නිසා.මොනා වුනත් අපි මේ හැම දේම අවුරුදු 2ක් තිස්සේ කැප කරන්නේ එකම අරමුනක් වෙනුවෙන්.උ.පෙ.ගොඩ දාගන්න.සයන්ස් කොමර්ස් ආර්ට්ස් කරා කියලා වෙනසක් නෑ.ඔක්කොම එකම බෝට්ටුවේ තමයි.

ඊයේ අපේ අප්පච්චි ආව ගෙදර. සති ගානකට පස්සේ මාව ඊයෙ තමාලු දැක්කේ.රෑ 7.30 විතර පන්ති ඇරිලා ගෙදර ආවම මුලින්ම ඇහුනේ
අප්පච්චිගේ නෝක්කඩුව.
නිවාඩු කාලේක කියලා කොහෙවත් යන්නද.මේ කෙල්ලට 365 දවසයි පැය 24 යි ඔක්කොගෙම පන්තිනේ.

මම හිතින් - දෙයියනේ ! මගේ උවමනාවටද පන්ති යන්නේ.අම්මනේ ගෙදර ඉන්නකම් කෑගහන්නේ පන්ති යන්න පන්ති යන්න කියලා.-

අම්මා -
ඒක තමයි අනේ.මට මේ ඔෆිස් එකේ ට්‍රිප් එකවත් යන්න වුනේ නෑ.මේ ළමයව තනියෙන් දාල යන්න විදිහකුත් නෑනේ.මේ මාසෙට දෙපාරක් රට යන්නම ලැබුනා.මේ දවස් ටිකේ කෙල්ල හරියට අමුතු වෙලත් එක්ක.
මං ඉතින් ඇහුන නෑහුන ගානට බැග් එකත් කරේ එල්ලගෙන ඇතුලට ආවා

ආ.දැන් ද ගෙදර එන්නේ ?
ඔව් අප්පච්චි.7.00 විතර පන්ති ඉවර වුනේ.
මොකෝ ඔය ලමයගේ හැටි ?
- ඈ ? හැටි ? ඇදුමේ අවුලක්ද -
ඇයි අප්පච්චි මොකක්ද ඇදුමේ තියෙන ප්‍රශ්නේ ?
ඇදුම නෙවෙයි ළමයො.බලනවා වැහරිලා තියෙන හැටි.කෙට්ටු වෙලා.මූනත් ඇදිල ගිහින්.ඒකෙත් හැටි බලනවා.මුනේ හැම තැනම පිම්පල්ස්.දර හැවල්ලක් වගේ.සති 3ට කලින් දැක්ක වගෙ නෙව්යි.ඔය ලමයට ගෙදරින් කන්න බොන්න දෙන්නෙ නෑ වගෙනේ.
අම්මා ඉතින් කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන එක.
පන්ති ඇවිත් ගෙදර ආවම පාඩම් කරද්දි නින්ද යනවා කියලා දැන් දවස් ගානකින් රෑට කාල නැද්ද මන්දා.එකනේ ඔය ඇදිල ගිහින් තියෙන්නේ.
අප්පච්චි -
අතැරල දාන්ව ඔය සයන්ස් කිරිල්ල වෙලාවකට කන්න බොන්න බැරිනම්.!!
මම හිතින් 
- ආස නැද්ද මාත් අනිත් අය වගේ 3A දාල කැම්පස් යනවා බලන්න.?? -

- ඉතින් අප්පච්චි මොන විදිහේ හැටියක්ද බලාපොරොත්තු වෙන්නේ උ.පෙ. සයන්ස් කරන ලමයෙක්ගෙන්  ක්‍රිස්ටින් ස්ටුවර්ට් කෙනෙක්ද නැත්නම් සෙලිනා ගෝමස් කෙනෙක්ද ? -


පොඩි අයියා මේ ලගදි කතා කරලා නෝක්කඩුව.
පොඩ්ඩා -
ඒයි ගොන් අලියා.මොකෝ ෆේස් බුක් එකෙන් අයින් වෙලා ?
(උන් දෙන්න නංගි කියලා මට කතා කරොත් ඉර බට හිරින් පායාවි.අයියලානම් කියන්නේ එහෙම කතා කරන්නේ ෆිට් එකට කියලා)
හරි කරදරේ.අරකට කමෙන්ට් කරේ නෑ .අහවලා එක්ක චැට් කරේ නෑ දාහක් දොස් මුර.අනික කලෙත් නෑස්ති වෙනවා.

පොඩ්ඩා -
ඒ මේ සුදු නංගි.විහිලු කරන්නේ නැතුව අක්කට දෙනවා ෆෝන් එක!
(සුදු නංගි අපේ පුංචිගේ දුව.එයාගේ කට හඩත් මං වගේමයි)
නෑ නෑ පොඩ්ඩා මේ මං තමයි.
පොඩ්ඩා - 
ඈ බං.උබට මොනා වෙලාද ?ඇහුවමයි උබේ කටින් ඔහොම කතාවක් ? 
මම - 
උ.පෙ.ට තව අවුරුද්දයිනේ !
පොඩ්ඩා - 
හහා.ඒකත් එහෙමද.කොහොමත් උබට ලංකාවෙ විශ්ව විද්යාලෙකටනම් යන්න දෙන්න නෑ ගෙදරින් තෙරුනත්.
මම - 
මං දන්නවා.
පොඩ්ඩා - 
ඉතින් බං දැන දැන මොකට මහන්සි වෙනවද ? ඔන්න ඔය අවුරුද්දක් හිටියා වගේ ඉතුරු කාලෙත් ජොලියේ ඉන්නව.උ.පෙ.ඉවර වුනාම මං උබවත් මෙහෙට ගෙන්න ගන්නම්.
මම - 
මං ආසයි ලංකාවේ විශ්ව විද්යාලෙකට යන්න.ඒකයි පිස්සු අතෑරල ඉගෙන ගන්න හිතුවේ.
පොඩ්ඩා - 
හරි හරි.උබේ කැමත්තක්.ඉදල හිටල ස්ක්යිප්වත් එනවා.මට මෙහෙන් ඔහාට කොල්ස් ගිනි ගනන්.බැරිනම් අම්මටවත් දෙනවා.දවස ගානේ කතා නොකොරොත් මාව හොයන් මෙහෙට ඒවි.
මම - 
හ්ම්ම්ම්...හා.මං කරන්නම්.
පොඩ්ඩා - 
අනේ මංද මොකක් වෙලාද කියලා.කියනවා මොකක්ද අවුල ?
මම - 
මුකුත් නෑ.ඇත්තටම මට දැන් ඉගෙන ගන්න ඔනේ.
පොඩ්ඩා - 
........... අම්මපා !...........නෑ නෑ මොනා හරි වෙලා තියෙනවා.හෙට මට කිව්වෙ නැත්නම් නෙක්ස්ට් වීක් මම ලංකාවට එනවා මොනාද වෙලා තියෙන්නේ කියලා බලන්න.
මම - 
කිව්වනේ එක පාරක්.සිරාවටම දැන් මට ඉගෙන ගන්න ඔනේ.


ගිය සතියේ බයෝ පන්තියේ

යාලුවා - 
ඒ මේ වයිට් පරිවහනය ටෙස්ට් එකට පාඩම් කරේ නෑ නේද බං ?
මම හිතින් - ඇයි යකො අහන්න බැරිද පාඩම් කරා නේද කියලා -
මම -
නෑ මචන්.මං පාඩම් කරා.
යාලුවා-
ඈ ? උබ සිරාවට කරාද?
මම-
ඔව් මචන් මං සිරාවටම පාඩම් කරා.
මම-
ඔව් මචන් මං සිරාවටම පාඩම් කරා.
(තත්පර 15ක් විතර කතාවක් නෑ)
යාලුවා -
උබ සිරාවටම වෙනස් වෙලා.

ඇත්තටම මං වෙනස් වෙලාද ? ඔව් මං වෙනස් වුනා.වෙනස් වෙන්න ඔනෙම වෙලාවක මං වෙනස් වුනා.මං පිස්සු නට නට උ.පෙ. ජීවිතෙන් අවුරුද්දක්ම නාස්ති කරා.මගෙ යාලුවො (උන් ඔක්කොම අතිශය බ්‍රයිටෝ) පන්තියේ 1,2,3,4 වෙද්දි මං හැමදාමත් පන්තියේ 20 වෙනියා විතර.ඒත් කවදාවත් මට එයාල ගැන ඉරිසියාවක්වත් අසතුටක්වත් ඇති වුනේ නෑ.හදවතින්ම එයාලා ගැන සතුටු වුනා.


මගේ පාසලේ අපෙ අංශ ප්‍රදාන මිස් මේ ලගදි දවසක පාරෙදි මුන ගැහිලා මාවත් (හෂියාද ඇතුලුව)අඩ ගහගෙන ගියා කඩේකට කෑම කන්න.(මිස්ලා හදවතින්ම අපිට ආදරෙයි)
බලන්නකො දුව .ඇයි ඔයා විතරක් මග හැලෙන්න උත්සහ ගන්නේ.ඔයාට හොද මොලයක් තියෙද්දි හොද යාලුවො කට්ටියක් ඉද්දිදි වෙන ලමයින්ට නැති ගොඩක් දෙවල් තිබිද්දි නාස්ති වෙන්නේ ? යාලුවො ඔක්කොම හොදට ඉගෙන ගන්නවානම් ඇයි ඔයාට බැරි ? මං දන්නව ඔයාල 5 දෙනාගෙන් හොදම ස.පෙ.ප්‍රතිපල තියෙන්නේ ඔයා කියලා. මහන්සි වෙලා වැඩ කරන්න.බාහිර වැඩ කරලා ඉස්කොලේට නම ගෙනාවට මදි දුව.ඉගෙනීම අතිනුත් වැඩ පෙන්නන්න ඔනේ.ඔයාල 5 දෙනා හැමෝම අතර ජනප්‍රියයි.කවදා හරි උසස් පෙළ ප්‍රතිපල ආවම කවුරුත් බලන්නේ ඔයාල ගැන.හැමෝම මීට වඩා ඔයාලගෙන් බලපොරොත්තු වෙනවා.විශේෂයෙන්ම ඔයා ගැන.මං හොයලා බැලුවා ඔයා ගැන.පිරිමි ළමයකුගෙන් ප්‍රශ්නෙකුත් නෑ ඔයාට.ඇයි දුව එහෙනම් ඉගෙන ගන්න උනන්දුවක් නැත්තෙ ? මට කියන්න මොකක්ද ප්‍රශ්නේ ?
බලන්න 

මට මිස්ට දෙන්න උත්තරයක් නෑ.ඇත්තටම මට කිසිම ප්‍රශ්නයක් නෑ.ගෙදරින් අවුලක් නෑ.ලව් ඉලවු නෑ.
මං නිශ්ශබ්දයි.ඔකොමත් තියාගෙන ඇයි මං උනන්දු නැත්තෙ ?
එදා උ.පෙ.ඉවර වෙලා.මගේ නෑදෑ කසින් කෙනෙක් ලානන්දේ (මේ පාර උ.පෙ.කරපු )ගෙදරට පය තියද්දි කෝල් කරා.
නංගි මං නම් ගොඩ.අනිවා ෂුවර් මට ෆැකල්ටි යන  එක.ඊලගට ඔයාගේ වාරේ.අපි කොහොම හරි මේ වැඩේ කරමු.අතාරින්න එපා.මං දන්නව ඔයාට පුලුවන්.උබ මටත් වඩා දක්ෂයි.නිකන් නාස්ති වෙන්න එපා.හොදට ඉගෙන ගනින් අපිටත් ආඩම්බර වෙන්න පුලුවන් විදිහට.




මේ පාර දෙවෙනි වතාවට උ.පෙ. කරපු බාහිර වැඩ නිසාම මීට් වුන සහෝ කෙනෙක් ඉන්නවා කුරුදුවත්ත පාසලේ.හොස්ටල් එකේ ඉගෙන ගත්තේ.එයත් මං වගේම පිස්සු කරන කෙනෙක්.එයා ඉන්බොක්ස් කරලා තිබුනා කෝල් කරන්න කියලා.මාත් ගත්ත කෝල් එකක්.හදිදිසියක්ද දන්නේ නෑ නේ.

සහෝ -
මේ පාර ලකුණු ගැන ආරංචි මට.
(මට ඉස්කොලෙදි හචිමක් ගියත් මෙයා දන්නවා.)
මම -
හිහිහිහි...මං ඉතින් කොහොමත් එහෙමනේ.
සහෝ -
මේ අහනවා මොටිටි.මං දැන් හරියට දුක් වෙනවා පලවෙනි පාරම මොරටුවට යාගන්න බැරි වුන එක ගැන.මගේ යාලුවො සෙට් එකම එක පාරින්ම ගියා.මං පිස්සු නටපු නිසා තව පාරක් කරන්න වුනා..මේ පාර මොරටු ගියාට මට ඉන්න වෙන්නේ උන් එක්ක නෙවෙයි.බාල සෙට් එකක් එක්ක.උබත් පුලුවන්නම් මං වගේ පිස්සු නට නට ඉදල කෙලව ගන්නවා ඒ ලෙවල් වලට.ඔලුවට තට්ටු කරල මැටි කබල බිදලා වැඩ පටන් ගන්නවා.තව අවුරුද්දයි තියෙන්නේ.ඒ හොදටම ඇති ඔයා වගේ කෙනෙක්ට.පෙන්නනවා අනික් උන්ට තමුසෙටත් පුලුවන් කියලා නිකන් වල බැහැලා ඉන්නෙ නැතුව.එස් 2කයි එෆ් 1කයි ගත්තම මට වුන දෙවල් මං විතරයි දන්නේ.මිනිස්සු මොනාද නොකිව්වේ.ලැජ්ජාවෙන් මැරෙන්න හිතුනා මට.මට එහෙමනම් මිනිස්සු කොහෙන් හිනා වෙයිද දන්නේ නෑ තමුසෙට කෙල වුනොත්.මං කැමති නෑ මං වටුන වලේ තව එකෙක් වැටෙනවා බලන්න් ඉන්න.අපි ඔක්කොම උදවු කරන්නම්.ඉගෙන ගනින් දැන්වත්.


මං මේ පොස්ට් එක දැම්මේ මේ කතා වලින් පස්සේ මං වෙනස් වුන නිසා.මං වගෙම තව පිස්සු නටන මොලේ තියෙන එකෙක් දෙකෙක් හරි මේ පොස්ට් එක දැකල හිතට අරන් වැඩ කරලා අනාගතේ හදා ගනි කියලා හිතුන නිසා.අම්මලා අප්පච්චිලා ආසයි අපි හොද තැනක ඉන්නව බලන්න.වටේ ඉන්න මිතුරු මිතුරියෝ සතුටු වෙනවා අපිත් උන් වගෙම එක පොරේට ඉගෙන ගන්නවා බලන්න.වයිට්ව වෙනස් කලේ එයාල.ඔයාලට ගොඩක් පින් මගේ මොලේ පාදල ඉගෙන ගන්න උදවු කරන එකට.


මට පිසික්ස් කරන සර් මේ ලගදි මට කිව්ව.
"බැහැයි කියලා කියන්නේ මොනා හරි දෙයක් ගැන අපි කියන්නේ ඒ ගැන උත්සහය අතෑරුවමයි.බැහැයි කියලා දෙයක් නෑ ළමයෙකුට.උනන්දුව තියෙනවනම් උත්සහ කරනවනම් ඔනෙම දෙයක් පුලුවන්'


සහතික ඇත්ත.හැමෝටම ඔනේ දෙයක් කරන්න පුලුවන්.මේ පිස්සු කර කර හිටපු මට පුලුවන් නම් ඔයාලට බැරි වෙන්න විදිහක් කොහෙත්ම නෑ.හිතට ගන්න වෙනස් වෙනවා අද ඉදන් කියලා.මේ ලොකේ බැරි කිසිම දෙයක් නෑ.

4 comments:

  1. Hahaha! Classic.

    I just read all your posts. Your stories made my day:D. Those stories are really funny especially stories about your classes & friends.

    I just wanted to let you know that no matter what happens we are coming here daily to see your interesting stories. So please don't stop writing, since your sill haven't boy friends to worry about you could easily manage that extra time for writing this I guess. :P


    Next, the most important thing . A.L's is the main and final target of your school life. So as your teacher said, stop freaking out and give your priority to studies these days.

    Finally all I have to say is, study hard, do your best in A.L's and make your parents proud.

    Best regards!

    ReplyDelete
  2. Thank you for your lovely comment.It also made my day :-) I won't stop blogging no matter what happen.so keep in touch.I will study hard.I wont let my dreams fade away.Again Thanks <3 !!

    ReplyDelete
  3. සුභ පතනවා යහපත් වෙනසකට!!
    All the very best for a bright future!!!

    ReplyDelete