Monday, August 29, 2011

51 යි !

2011.08.27 වෙනි දිනට මගේ ආදරනීය අම්මට අවුරුදු 51ක් පිරුනා.(අදුරන හැමෝටම කිව්වේනම් 41ක් කියලා.කොහෙද ඉතින් අපේ අප්පච්චි අම්මගේ 50වෙනි උපන්දිනෙ රට ටම කියලා සමරපු නිසා වයස හන්ගන්න බෑ කියලා දුකෙන් තමා අම්මා නම් ඉන්නේ).මේ දවස්වල මාසයක් විතර යනකම් අප්පච්චි ඉන්නේ ගෙදරින් පිට.අයියලා දෙන්නා නම් කොහොමත් මෙහෙ නෙවෙයි ඉන්නේ.ඒත් එයාල අමතක කරල තිබුනේ නෑ අම්මට උපන්දින තෑග්ගක් එවන්න.

උන් දෙන්නට නම් මොකෝ.හම්බකරන එව්වා මොනාට හරි වියදම් කරන්නත් එපැයි.පොඩ්ඩා නම්  Cartier ඔරලොසුවක් එවලා තිබුනා.මගේ පපුවත් එක්ක දාල ගියා එකේ ගාන අහුවම.ලොක්කනම් අහින්සක විදිහට සාරියක් එවලා තිබුනා.මං අරන් දුන්න මාලේ දැම්මම කිසිම ගැලපීමක් නැති වුනාට මොකද අම්ම ඒකත් දාගෙන තමයි ගියෙ.දැන් ඉතින් ඔෆිස් එකෙ අයට කනක් ඇහිලා ඉන්න බැරි වෙවි පම්පොරියෙන්.අම්මගේ මූනේ තියෙන ආඩම්බර බලන්න ඔනේ අද ඒවත් ඇදගෙන යද්දි.අම්මා පවුලේ වැඩිමලා නිසා මල්ලිලා නංගිලා ඔක්කොම අද අපේ ගෙදර එන බව දැනගෙන හිටියත් අම්මට අප්පච්චි නැතුව මොන උපන් දින ද යන තත්ත්වේ තමා හිටියේ.(ඒ දෙන්නගේ අමුතු ජාතියේ ලව් එකක් තමා තිබ්බේ.ඉන්නකම් රන්ඩු වෙන නැති වුනාම සොවින් තැවෙන.)

කොහොම හරි හවස මගේ කෙස්මිස්ට්‍රි පන්ති ඉවර වෙලා මාමා ඇවිත් හිට්යා එක්කන් යන්න.කට්ටිය ඔක්කොම එක්ක ගියා බෙල්ලන්විල පෙරහැර බලන්න.පාස් තිබ්බ නිසා චප්ප වෙන්නේ නැතුව බලුවා ලස්සනට පෙරහැර.(මටනම් හිතුනේ සෙනග අස්සේ ජොලියක් දාගෙන බලන්න බැරි වුන එක අපරාදේ කියලා).

කොහොම කොහොම හරි අපේ පොඩි සෙට් එකට සෙල්ලම් කරන්න යන්න ඔනේ  වුනා McDonald එකට.රෑට කන්නත් එක්ක ගියා ඉතින් ඔන්න.(පොඩි සෙට් එක ගැන වචන නෑ මට.මුන් ටික පිට රටක ගිහිනුත් හොයන්නෙ ඒ මගුලම තමයි)මං යනකම් ම නහයෙන් අඩ අඩ ගියේ.ඔය මස් කෑල්ලකුඉ බර්ගර් එකයි කාල කාටද බඩ පිරෙන්නේ මං අහන්නේ ?

මගේ අඩ වැඩියාවේ තරමට බාප්පා අල දොසේ ගෙනත් දුන්නා.කට්ට්ටිය දන්නවද මංදා Mcවගේ තැන් වලට පිටින් කෑම ගෙන්න බෑ කියලා.මටනම් හොරෙන් කන එකේ මාර ෆන් එකක් තිබුනේ.Macඑකේ කොල්ලෙක් පිගන් උස්සන් යන කොට මම කෑම එක හන්ගනවා ආයේ ශේප් එකේ කනවා.ටිකක් වේලා යද්දි නැන්දලා මාමලා බාප්පලා පුංචිලා ඔක්කොම මගේ අල දොසේ එකට වැඩේ දෙනවා.

පොඩි සෙට් එක නටල නටලා හෙම්බත් වෙලා අවිත් කෑවා කෑවා මාරම කෑමක්.වේටර්ල ඇස් උඩ තියන් තමා බලන් හිටියෙ කන කෑම දිහා.කනවා කනවා ඉවරයක් නෑ.අම්මා නම් හුස්ම උඩ තියන් හිටියේ බිල කොහොම වෙයිද කියලා.ඒ මදිවට Mc එකේ කට්ටිය බය වෙලාද මන්දා හිටියේ කෑම ඉවර වෙවි කියලා.
අපි කට්ටිය මිස්ටර් මැක් එක්ක එකට ඉදන් පින්තූර ගද්දි මැක් එකට ආපු මිනිස්සු බය වෙලා වගේ බලන් හිටියා අපි දිහා හරියට මේ මොන තුම්පනෙන් පැනලා ආපු කට්ටියක්ද වගේ..

මට මතක් වුනේ මගේ 17 වෙනි උපන්දිනේ සමරපු හැටි.යාලුවො එක්ක සින්දු කියලා නටලා කාලා ජොලියක් දාල එහෙම.මාත් නාකි වුනාම මේ වගේ පොඩි ඇච්චො සෙට් එකක් එක්ක රටෙ නැති ඕප දූප කියව කියව උපන්දිනේ සමරාවි නේද ?බොරින් කමට මැරිලා ඉදිවි මම.

ඔක්කොමත් ඉවර වෙලා කට්ටිය ගියා ගාලු මුවදොර පිටියට.මං නම් හරි බයයි ඒකට යන්න.මොකද පොඩි කාලේ අම්මලට මාව අමතක වෙලා මාව මෙහෙ දාලා ඇවිත් තියෙනවා.(අයියලා නම් කිව්වේ හිතලම තමයි මාව දාල ආවේ කියලා)මාමලා බාප්පලා ඔක්කොම අමදයප නිසා අහිංසකයෝ වගේ සරුංගල් ඇර ඇර හිට්යා.මහ රෑ සරුංගල් ඇරලා බාප්පා අතත් කපා ගත්තා නුලට.
මායි නංගියි එයාගේ හොදම යාලුවයි පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්දා.වැඩි වෙලාවක් යන්න කලින් මට තෙරුනා පිරිමි පරානයක් නැතුව එහෙ මෙහෙ ඇවිදින එකනම් එච්චර නුවනට හුරු දෙයක් නෙවෙයි කියලා.හැම තැනම පෙම් සුව විදින උදවිය,කුඩු කාරයො,ඩ්‍රින්ක්ස් දාන උදවිය,වල් මිනිස්සු.අම්මා නම් සුපුරුදු පරිදි පුන්චිලයි නැන්දලයි එක්ක කෝප්ප හෝද හෝද හිටියා.

මට නම් හිතුනේ මේක කිසිම කමකට නැති කාලේ නාස්ති කිරිමක් කියලා.ගෙදර ගිහින් පිසික්ස් ගනන් ටිකක්වත් හැදුවනම් දාහෙන් සම්පතයි කියලා හිතුන වාර ගාන අනන්තයි මට.

කොහොම හරි ඔක්කොමත් ඉවර කරලා ගෙදර එද්දි රෑ 1.30ත් පහුවෙලා.ඔන්න ඔහොම තම්යි අපෙ අම්මා 51 වෙනි උපන්දිනේ සැමරුවේ.

No comments:

Post a Comment