අද අපිට 7.30 වෙනකන්ම කොස්කද ගාව ක්ලාස් එකක්.ඉවර වෙලා එද්දි හොදටෝම වැස්ස.වයිට් කන්නාඩිට කුඩයක් පාවිච්චි කරනවා කියන්නේ මරනවා වගේ වැඩක්.අව්වටවත් වැස්සටවත් මම කුඩයක් පාවිච්චි නොකරට හැම දාම ඒක බැග් එකේ දාගෙන යන්නේ නම් ආත්ම ආරක්ෂාවට.අද කාලේ බස් එකේ යන්නේ කොහොමද නැත්නම් ?වැඩිය ඔනේ නෑ අද කාලේ සූ සූ පාරක් නැතුව පාරේ යන්න පුලුවන් කීදෙනටද ?(මං කියන්නේ නෑ පිරිමි පාර්ශවය ඔක්කොම එකයි කියලා)කොහොම වුනත් අද මේ කියන්න යන්නේ බස් එකේ මම අත්දුටු දෙයක්..
ඊයේ බස් එකේ ඇගිල්ලක් වත් ගහන්න බැරි තරමටම සෙනග.වැස්ස නිසා පාපුවරුවේ යන්නත් බෑ.කොහොම නමුත් අපේ ක්ලාස් එන ලානන්දේ ලමයි බොහොම කරුනාවෙන් අපිව බස් එකට නග්ගලා එයාල පාපුවරුවේ ගියා.(අත්දැකීමෙන් කියන්නේ සමහරක් අයනම් එහෙම කරන්නේ නෑ.ගෑනු ලමයින්වත් පෙරලගෙන එයාල තමයි මුලින්ම නගින්නේ.)කොල්ලෙක් (කොල්ලෙක් කිව්වට කොලු අන්කල් කෙනෙක්) අපේ ක්ලාස් එකේ ගෑනු ලමයෙක්ට නිකන් ඔනේ නැති කතාවක් දානව වගේ මන් ඇස් කොනෙන් දැක්කා (බෙල්ල හරවන්න විදිහක් නෑ ඒ තරම් සෙනග)ෆූට් බෝර්ඩ් එකේ ගියාට මොකද අපේ පන්තියේ කොල්ලෝ රෑනත් මේ ගැන මීටර් එකේ හිටියේ.ලානන්දෙ ලමයෙක් මගෙන් ජනේලෙන් එබිලා ඇහුවා "මොකද අවුල ?"
අර ලමයා අපහසුතාවෙන් හැකිලිලා ගිහින්.ආන්ටිල අන්කල් ලා ඔක්කොම මූන ඇබුල් කරන් හිටියට කවුරුත් අර අන්කල් කොල්ලගේ නොහොබිනා හැසිරිම් ගැන කතා කරන්නේ නෑ.මමත් ඇහින් පොඩි ලුක් එකක් දුන්නා කොල්ලො සෙට් එකට අර ග්ර්ල්ගේ දිහාවට.වැස්ස කියල බැලුවේ නෑ.ඇතුලට බඩ ගෑවා.වීරයො වගේ ආවට මොකො බනින්නවත් වලියන්නවත් දාගන්නේ නැති අහින්සක ඇච්චො සෙට් එකක්.කොල්ලො ටික ඇවිත් අර කොල්ලව ශේප් එකේ අයින් කරලා අර ග්ර්ල්ගේ වටේට පවුර වගේ හිටගත්තා ආයේ මැස්සෙක්ටවත් රින්ගන්න බැරි වෙන්න.උන්ටික බදා ගන්න තරම් ආදරයක් හිතුන මට.
කොහොම හරි කොල්ලො ටික අර අන්කල් කොල්ලව නැති වෙන්න බයිට් කරා කොලු අන්කල් තෙමිච්ච කුකුලා වගේ.මම බස් එකෙන් බහින් කොට දාගේන හිටපු සෙරෙප්පුවෙන් ෆුල් ඩම් එක දාල පෑගුව අර මිනිහගේ කකුල නැත්තට නැති වෙන්න.(අර මිනිහට රිද්දුවට පස්සේ මට මාර සතුටක් දැනුනේ!)
මම කල්පනා කරේ අර කට්ටිය හිටියේ නැත්නම් ග්ර්ල්ට මොනවා වෙලා නතර වෙයිද කියලා.පොත්ත සුදුවට,තොල රතුවට,කොන්ඩේ කූරුවට හිටිය එක කොල්ලෙක්වත් අර වෙච්ච අසාධාරෙනෙට විරුද්ධව එක වචනයක්වත් කිව්වෙත් නැ මුකුත් කලෙත් නෑ.වැඩක් නෑ ඔහොම පෙද කොල්ලො.
ගෑනු ලමයෙක්ට නිදහසේ බස් එකේ යන්න බැරිනම් පාරේ යන්න බැරිනම් මොකටද නිදහස් ශ්‍රි ලංකාවක්?අපිට සම තැනවත් මොන මගුලක්වත් ඔනේ නෑ.නිදහසේ ජීවත් වෙන්න පුලුවන් වට පිටාවක් දෙන්න.අම්මලා අප්පච්චිලාට බයක් නැතුව ගෑනු ලමයෙක් පාරේ යවන්න පුලුවන් කරන්න.
මේක කියවන පිරිමි ලමයෙක් ඉන්නවනම් පොඩ්ඩක් හිතන්න ඔයාල ෆන් එකට ගෑනු ලමයෙක්ට අනවශය විහිලුවක් කරද්දි එයාල කොච්චරනම් අපහසුතාවෙට පත්වෙනවද කියලා.කවදා හරි ඔයාලගෙම නංගි කෙනෙක් අක්කා කෙනෙක්ටත් ඒ වගේ වෙලා හිතින් කොච්චර දුක්වෙන්න ඇතිද ?හැම තිස්සෙම දෙයක් කරන්න කියන්න කලින් දෙපාරක් හිතන්න.
ප.ලි. - කලකිරීමෙන් ලියපු නිසා වචන සැර වැඩි වෙන්න ඇති.කරන්න දෙයක් නෑ.හිතේ දුකට ලිව්වේ.

No comments:
Post a Comment