අපෙ ස්කුල් එකෙ සයන්ස් ඩේ තිබිල දැන් ගොඩක් කල් වුනාට තාම ඒ කරපු පිස්සු වැඩ හිතෙ තියෙනවා ආයේ ගලේ කොටපු අකුරු වගේ.ඔය සයන්ස් ඩේ කොමිට්ය තෝරන දවස්වල වයිට් කන්නාඩි බොහොම අසාධ්ය තත්වෙන් හිටියෙ තඩි ටකරම් කූඩාරමක් ඇගට කඩන් වැටිලා.(ඒ කතාව පස්සේ දාන්නම් ස්පොර්ට් මීට් එකේ නොවැ වුනේ.)කොහොමත් මැරුවත් ඉස්කොලේ යනවනේ මම.ඒ දවස් වලත් බැරි මරගාතේ ඇවිදින්නවත් බැරුව ගියා.හෂියා තමයි බෑග් එක පවා ස්කුල් එකට අරන් ගියේ.
ඔන්න ඉතින් ඒ කතා වැඩක් නෑ කියමුකො.ඉන්ටොවොල් එකේ බෙල් එක ගහල ඉවර වුනාම සයන්ස් සොසයිටියේ මීටිමක් කියලා පනිවිඩයක් ආව පන්තියට.කට්ටිය එක්ක පැල් බැදගෙන හිටියේ පොස්ට් ගන්න.(ඔන්න අපේ පංතියේ හෙම නැ ඒ වගෙ උදවිය)කොහොම හරි පන්තියේ එවුන් මන් ගැන සැහෙන අනුකම්පාවෙන් හිටියේ වුන අකරතැබ්බවල් නිසා.උන් මාවත් ඇදගෙන ගියා කොහොම හරි. :-D කට්ටිය එක්ක ඉදගෙන එහෙම බොහොම සාම්ප්‍රදායික විදිහට අපේ ප්‍රදාන සාලාවේ මීටිම පටන් ගත්තා.ඔන්න ඉතින් කට්ටිය ප්‍රදාන තනතුරු දෙනවා.අපේ කට්ටියත් උඩ පැන පැන පන්තිවල ඉන්න ප්‍රමුඛ පෙලේ ලමයි(ඔය හැම මගුලටම පැන පැන යන උදවිය තමයි ප්‍රමුඛ පෙල කියන්නේ) යෝජනා කරනවා.අපේ සෙට් එකේ උදවියගේ නමුත් හැම එකටම කියවුනා.මගේ නමත් කියෙවෙනවා.බැරි මරගාතෙ නැගිටිනවා ඇවිදගෙන ඉස්සරහට යනවා. Grade head මිස් ඔරවනවා.(කොන්ද කඩා ගත්ත නිසා මිස් මට තහනම් නියෝගයක් පනවලා තිබුනේ බාහිර වැඩ කරන්න එපා කියලා)කොහොම හරි ඡන්ද ලැබුනට පොස්ට් එකක් අරන් වැඩක් කරන්න තියා කෙලින් ඉන්නවට් වයිට් කන්නඩි ට සුවයක් තිබුනේ නැ ඒ දවස්වල.අපේ එවුන්ගේ අමාරුව කොච්චරද කිව්වොත් මාව මිස්ලාගේ විරෝධය මැද කොමිටි මෙම්බර් කෙනෙක් හැටියා දාගත්තා.
අන්තිමට ඔක්කොම ඉවර වෙලා බලද්දි අපේ පන්තියෙන් තමයි ප්‍රසිඩන්ට්තුමි,සෙකට්‍රිතුමි සහ ප්‍රදාන සංවිධායකතුමි යන 3 දෙනාම හිටියේ.තුන් දෙනාගෙන් සෙකට්‍රි තුමි ඇරුනු කොට අනිත් දෙන්නම මගේ බුදු fit 2 ක් වෙන හෂියයි , ඔබාමයි. ඉගෙන ගන්න කියලා A/L පන්තියට ආපු අපිට සිද්ධ වුනේ ඩේස් වලට කරගහන්නම තමයි.
No comments:
Post a Comment