මේක වුනේ මේ ලගදි දවසක මම යාලුවෙක්ගේ ගෙදර ගිය වෙලාවක.මගේ හොදම යාලුවෙක්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා.තාම පොඩි එකා.6 වසරේ ඉගෙන ගන්නේ.ඔය මරදාන පැත්තේ ප්‍රසිද්ධ පාසලක කොල්ලා ඉගෙන ගන්නේ.කරන්න තියෙන බාහිර වැඩ ඔක්කොම වගේ කරනවා.ඉගෙන ගන්න එක නම් කරන්නේ ආන්ටිගේ කටේ බලේට.
ඉතින් මේ කියන දවසේ මමයි මගේ තව යාලුවෙකුයි මේ කතාවට අදාල මල්ලිගේ අක්කා හෙවත් ලප දමයන්තිගේ හෙදර ගියා.අපි ගෙදරට ඇතුලු වෙද්දිම ඇහුනේ ආන්ටිගේ කැගැහිල්ල."මූට කොච්චර කියල දුන්නත් වැඩක් නැ- මොට්ටයා !! " අපි දෙන්නත් එක්ක ගිහින් උඩින් විසි වුනා ආයේත් වත්තටම.බලන කොට හෙට අර පොඩි එකාගේ ටර්ම් ටේස්ට් එක.තියෙන්නේ බුද්ධ ධර්මය ලු.කොච්චර ඉගැන්නුවත් මේ පොඩි එකාට මතක හිටින්නෙත් නෑලු.
ආන්ටි ආපි ගමන් මට කියාපි."දුවේ පුලුවන්නම් ඔයාවත් මේකට පාඩමක් කියල දෙන්න."කියලා.ආන්ටිගේ කීම අහක දාන්නත් බැනේ.ආපු කාරනේ පැත්තක තියලා මාත් සෙට් වුනා පොඩි එකාට පාඩම කියල දෙන්න.වැඩේ ලස්සනට ගලාගෙන යනවා.මගේ ඉගැන්නිල්ලේ හොද කමට පොඩි එකත් පට පට ගාල හරි උත්තරත් දෙනවා.පොඩි එකාට කොච්චර කිව්වත් සිදුහත් කුමාරයා එතර වුනේ අනෝමා ගං තෙරෙන් කියන එක මිටර් වෙන්නේම නැ.
ඒ පාර මම මෙහෙම කිව්වා."මල්ලිට මතකෛ නේද ලප දමයන්ති අක්කගේ කෙමිස්ට්‍රි මිස් ව ?"මල්ලි කියාපි "ආ ඔව් අක්කේ.මිස්ගේ නම අනෝමා නේ ?""හරියට හරි අන්න ඒ කෙමිස්ට්‍රි මිස්ගේ නම තියෙන ගගෙන් තමයි සිදුහත් කුමාරයා එතර වුනේ.දැන් මතකද මල්ලිට ?""ආ.හරි අක්කේ මට හොදට මතකයි !" මටත් දැන් මාරම හැපි.පාඩම උගන්නලා ඉවරයි.ආන්ටි ඇවිත් මල්ලිගෙන් ප්‍රශ්න අහනවා මල්ලියත් නියමෙට උත්තර දෙනවා වීරයා වගේ.අපි තුන් දෙනත් පැත්තකට වෙලා අහන් ඉන්නවා.ඔන්න ඉතින් ආවා ජජ්මන්ට් පොයින්ට් එකට.
ආන්ටි : "සිදුහත් කුමාරයා අභිනිශ්ක්‍රමනය කර නික්ම ගියේ කුමන ගං තෙර එතෙර වීමෙන්ද ? "
ආන්ටි : "සිදුහත් කුමාරයා අභිනිශ්ක්‍රමනය කර නික්ම ගියේ කුමන ගං තෙර එතෙර වීමෙන්ද ? "
මල්ලි : "හ්ම්ම්......."
ආන්ටි :"කියනවා බලන්න ! මොන ගං තෙරද ? "
මල්ලි : "පොඩ්ඩක් ඉන්න අම්මා.අර අක්කගේ කෙමිස්ට්‍රි මිස්ගේ නම නේ"
ආන්ටි: "මාත් දන්නවා.කියන්න බලන්න."
මල්ලි: "ආ..මට මතකයි. සිදුහත් කුමාරයා එතෙර වුනේ නාලිකා ගං තෙරෙන්"
ආන්ටි: "ආ.......!!!!!!!!!! "
(හුටා !මට අමතක වුනානේ ලප දමයන්ති නාලිකා කියලා කෙමිස්ට්‍රි මිස් කෙනෙක්ගෙනුත් ඉගෙන ගන්නවා කියලා ! )
ආන්ටි :"කියනවා බලන්න ! මොන ගං තෙරද ? "
මල්ලි : "පොඩ්ඩක් ඉන්න අම්මා.අර අක්කගේ කෙමිස්ට්‍රි මිස්ගේ නම නේ"
ආන්ටි: "මාත් දන්නවා.කියන්න බලන්න."
මල්ලි: "ආ..මට මතකයි. සිදුහත් කුමාරයා එතෙර වුනේ නාලිකා ගං තෙරෙන්"
ආන්ටි: "ආ.......!!!!!!!!!! "
(හුටා !මට අමතක වුනානේ ලප දමයන්ති නාලිකා කියලා කෙමිස්ට්‍රි මිස් කෙනෙක්ගෙනුත් ඉගෙන ගන්නවා කියලා ! )

No comments:
Post a Comment